එතෙක් මගෙත්තෙක්ක රමණයේ යෙදිච්ච හැමෝම එහෙම කළේ බොහොම රහසෙන්. හැංගි හැංගී. එයින් ගොඩක් උදවිය ඒ වෙලාවල උපරිමෙන්ම තෘප්තිමත් වුණත් එක්ක. සමහර විට එයාලාට ‘හොරෙන් කනකොට වැඩි රහක් දැනෙන්නත්’ ඇති.
කොහොම වුණත්, මට තේරුම් ගිහිල්ලයි තිබ්බේ. මිනිස්සුන්ගේ මේ දවල් මිගෙල් - රෑ
දනියෙල් කෙරුවාව ගැන. ආඳා මාළු අතින් නොකා ඉරටුවෙන් කන කෙරුවාව ගැන. ඔහොම හැංගි
හැංගී නැටිල්ල මට නං අරහං...
මේ වෙලාවේ මොකුත් නොකර නිකං ඉන්නවා. ඒක
හොඳයි වගේ අනිත් සේරටම වඩා. |
එහෙනං?
‘ආයේ මොකක්ද එහෙනං කියන්නේ... කාගෙ හරි හොර අඹුව වෙන්න විතරක් නෙවෙයි- ඔය පොතක ලියලා නීතියෙන්ම පිරිමියෙක්ගෙ වහලියක්
වෙන්නවත් මට නං කිසිම ඕනිකමක් නෑ.’
හම්බ වෙයි උඹට! බලාගෙන හිටහං. ඉර අනිත් පැත්තෙන් පායනකල්. කළු ගලේ ඔළුව ගහ ගත්තම
මොකක්ද මිනිහො වෙන්නේ. රිදෙන්නෙ ඔළුවට මිසක් කළුගලට නෙවෙයිනෙ බං.. අපට පුළුවන්ද බං
මුළු සමාජයක්ම කණපිට ගහන්න?
මගේ උඩු හිතත්, යටි හිතත් ගජ රාමෙට වාදෙකය.
(ඒ හුඟක් උදවිය කරන්නා වගේ දිනන්නම බලාගෙන නොවේ. දිනුම පතා කෙරෙන එහෙම වාදයකදී
තර්කානුකූල නොවෙන දේ කියවෙයි; බොරුත් පැල කෙරෙයි; Flat න්‍යායයෙනුත් වැඩ ගැනෙයි...)
මගේ උඩු හිතටත්, යටි හිතටත් උවමනා කරන්නේ වඩාත් නිවැරදි දේ සොයා ගන්නටය; කොහොමෙන්
හරි දිනන්නට නොවේ.
‘හරි, තමුසෙ කියන්නේ මේ වෙලාවේ මොකක් කළොත් හොඳයි
කියලද?’
මේ වෙලාවේ මොකුත් නොකර නිකං ඉන්නවා. ඒක හොඳයි වගේ අනිත් සේරටම වඩා.
‘පැහැදිලි මදි. පැහැදිලි මදි... මොකක්ද ඔය නිකං ඉඳිල්ලෙන් මට සිද්ද වෙන්න පුළුවන්
සෙතේ?’
සෙතේ? ඇයි යකෝ පේන්නැද්ද - මොකුත්ම නොකර
ඉන්න එකෙන් උඹේ පරම්පරා කුට්ටම බේරෙනවනේ. ඒකම වුණත් මදිද. ඉපදෙනකොටම තමුසෙට නොමිලේ
හම්බ වෙලා තිබිච්චි ‘වජු බිල්ල’ ලක්ෂ ගාණක් වියදම් කරලා බිල්ලට දෙන්න නේද
හිතුවේ...?
‘මතක් කර ගනිංකො මහරගම ආච්චී පිරිමින් ගැන
කිය-කියා හිටපු කවිය.
ගැහැනු ජාතිය - ජරා ජාතිය
ගලේ ගහලා - මරා දාපිය
පිරිමි ජාතිය - උතුම් ජාතිය
කන්ට දීලා - මල් පුදාපිය’
ආච්චී වගේම නේද කළු අක්කත් හිතුවේ...
ගෑනියෙක් වෙලා ඉපදිලත්, ඒ මනුස්සයා සෝමේ අයියාගෙන් වරම් ගත්තේ ‘ලබන ආත්මේ
හරි පිරිමියෙක් වෙන්න...’ උඹ ඉපදෙනකොට නිකංම හම්බ වෙච්චි පිරිමිකම අතාරින්න පෙරුම්
පුරනවා.. ඇත්තටම උඹට පිස්සුද බං?
එච්චරක්ද? තමුසෙට මතක නැද්ද- ඩැඩා
ඔය ඉලව් ඔපරේෂන් එක ගැන කිව්ව දේවල්?
මට මතකය!
“නිමොල්, ඔපරේෂන් එකකින් gender එක වෙනස් කළාට විතරක් සේරම complete වෙන්නෙ
නැහැල්ලු. උඹට තියෙන්නේ male බොඩි එකක්නේ. ඉතිං උඹට දිගටම female හෝර්මොන්ස් ගන්න
වෙනවලු ගෑනු පෙනුමක් තියා ගන්න. දිගටම එහෙම ගන්නකොට එක එක side effects එන්නත් ඉඩ
තියෙනවලු. Operation එකකින් ගර්භාෂයක් එහෙම හදන්න බැහැනෙ...” ඩැඩා
කිව්වේය.
හැම එක්කෙනාම මාව දැක්ක ගමන්ම අහන්නේ -
මොකද තවම බබෙක් නැත්තේ - කියලයි. |
අපේ අම්මා විවාහවී මා ප්‍රසූත කළේ අවුරුදු දාහතේදීය. එතැනින් පස්සේ පුරා අවුරුදු විස්සක්
තිස්සේ දරුවන් වදන යන්තරයක් වීමටයි, අපේ අම්මාට සිද්ද වුණේ.
මානෙල් නංගිත් යෝජනාවකින් විවාහ කර දුන්නේ දහඅට
ලබනවාත් සමඟිනි.
“අනේ මංදා ලොකා. ගාමිණීලගේ නෑදෑයන් ඔක්කොටම
පුදුම ප්‍රශ්නයක්නේ තියෙන්නේ. හැම එක්කෙනාම මාව දැක්ක ගමන්ම අහන්නේ - මොකද තවම
බබෙක් නැත්තේ - කියලයි. උන් තීරණේ කරලා ඉවරයි වගේ, මම වඳ ගෑනියෙක් කියලා.” මානෙල්
කිහිප විටක්ම ඇයගේ දුක මට කියා තිබිණි. “ඒ
තියා අපේ අම්මටත් ඉවසිල්ලක් නැහැනේ ලොකූ.”
සිරි ලංකාවේදී නං හතර වරිගයේම නෑසියන්ට
උවමනා කරන්නේ තරුණියක් විවාහ වෙන පමාවෙන්ම ඇය මවක් වෙනු දකින්නටයි.
එතැනදී නම් 1954 වගේ ඈත කාලයකදීත්- අපේ
බදුල්ලේ ආච්චී; අපේ අම්මාගේ අම්මා; ගමේ නිල නොලත් වින්නඹු අම්මා හා ගෙඩි වෙද
හාමිනේ ‘කොච්චර නවීන අදහසක්’ දරන්නට ඇතිදැයි මට
නම් අමතක කරන්නට බැරිය. තමන්ගේ වැඩිමල් දියණිය අවුරුදු 17දී ගැබ්බර වුණු
විට ‘ලීලා, දැන්ම බබෙක් ඕනිද බං. බේතක් දෙන්නද මයෙ අම්මා?’ කියා විමසා තිබ්බේ ඇයයි.
අපේ තාත්තා ඒ ‘ගස්සලා යැවීමේ’
යෝජනාවට තරයේම විරුද්ධ වුණු හින්දාය- අද මේවා ලියන්නට 'නිදි' ජීවියෙකු ලෙසින් මෙලොවට
බිහි වී සිටින්නේ.
ඉතින්, අප එංගලන්තයට ආවාට පස්සේ මානෙල්ට
දරුවෙකු පිළිසිඳගෙන තිබිණි.
ඉන් පස්සේ මානි මට ලියා තිබුණු ලිපිවලින් පෙනුණේ ඇගේ සිතැඟියි. මානි සිතන බව
පෙනෙන්නේ, දැන් ඉතින් වෙනිං මොනවාවත්ම ඕනෑ නැති විදිහටය. එතැනින්ම මානෙල් නංගිගේ
ජීවිතය එක තැනක ඝනීභවනය වන්නටද යන්නේ- ගැහැනියක් වී ඉපදෙන්නේ දරුවන් ප්‍රසූත
කරන්නටමද?
එදා සිදුහතුන් ‘බැම්මක් ඇති විය, රාහුලයෙක් උපන්නේය’ යනුවෙන් කියුවේ මේ දාරක
සංතෑසිය ගැන නොවෙද?
සැත්කමකින් හෝ කාන්තාවක් වූවාට පස්සේ මටත්
වෙන්නේ ඒ නොනවතින ප්‍රවාහයේම බිල්ලක් වෙන්නටද? මං හදන්නේ මගේ නිදහස සදහටම අහිමි කර
ගන්නටද? මගේ අතින්ම සල්ලි දීලා හූනියමක් කර ගන්නට...
මේ සැරේ කරවල තෙල් දමලා දෙන්න කිව්වේ...
මං ලංකාවෙන් එනකොට ගෙනාපු බොම්බෙලි කරවල වගයක් තියෙනවා. ඒවා... |
එහෙත් මා දරුවන්ට ආදරේය. බෙහෙවින්ම ආදරේය.
කරුණාවන්තය; බෙහෙවින්ම කරුණාවන්තය. අපේ පවුලේ දරුවන්ට මෙන්ම අනෙකුත්
දරුවන්ටත්... ඒත් දරුවන්ට කොතරම් ආදරේ වුණත්- කරුණාවන්ත වුණත් දරුවන් වැඩිහිටියන්
මෙන් හැසිරෙන්නේ නම් ඊටත් මා කැමති නැත!
‘ඉතිං බූරු පැට්ටෝ, තව තවත් තෙපර බබා ඉන්නෙ
නැතිව තීරණයක් ගනිං. Operation කතන්දරේ
බල්ලට දාපං. තව මාස කීයද උඹලට එංගලන්තේ ඉන්න පුළුවන්කම තියෙන්නේ... දැන්වත් හිත
යොදවපං, ඒ ඉන්න ටිකේ කීයක් හරි වැඩියෙන් හම්බ කර ගන්න.’
නුවණක්කාර මොළය එක එල්ලයේම මේ නිමල් දිසානායකයාට
එහෙම කිව්වා තමා. ඒත් එක සැරේම ඒ අදහස අත් හැර දාන්නට ඇහැකිද?
අවුරුදු දහයක්- දොළහක් මගේ හිත පතුළෙම
හංගාගෙන; දරාගෙන හිටි බලාපොරොත්තුවක්!
සිරුරේ නළියන වේදනාවක් දැනෙද්දී මුතු
බෙල්ලෙකු මුතු ඇටයක් දරාගෙන ඉන්නෙ... ඒ වගේ නේද මාත් මේ හිතිවිල්ල දරාගෙන- ඉවසාගෙන
හිටියේ. ඔන්නොහෙ තව ටිකක් හිතල බලනවා!!
මං වහන්සේ ඔහොම දෙකට දෙවාරේ දෙගිඩියාවෙන්
හිටිද්දීය, නීලියා අපේ ගෙදරට එන විත්තිය අපේ අම්මට කියලා තිබ්බේ.
“... අස්වර් එන්නේ නෑලු. නීලියාට කරවල ටිකක්
තෙල් දාලා , පොල් සම්බෝලත් එක්ක බත් කන්න ඕනිලු- ඉස්සෙල්ලා දවසක් රංජි හදල දුන්න
වගේ. බබෙක්වත්ද දන්නෑ. දැන් දෙන්නා එකටනේ ඉන්නවයි කියන්නේ.”
“එදා නීලියලට කරවල උයලනේ අම්මෙ දුන්නෙ.”
“ඒ හින්දම වෙන්නැති නීලියා, මේ සැරේ කරවල තෙල් දමලා දෙන්න කිව්වේ... මං ලංකාවෙන්
එනකොට ගෙනාපු බොම්බෙලි කරවල වගයක් තියෙනවා. ඒවා තෙල් දාල හදමු නේද, රංජි?”
“ලොකූ, ඔයාගේ මුං ඇට කරියත් හදන්න please.
වැඩියෙන් හදන්න. මම ඒකට ආසයි... වැඩිපුර ටික මම කන්ටේනර් එකක දාල ෆ්‍රිජ් එකේ තියා
ගන්නයි හිතුවේ.” Sam කිව්වාය. “Do you need any help, Loku?”
“Thank you Sam... I can manage...”
ඒ මුහුණට අබ මිටක් දැම්මොත් පට-පට ගාලා
පුපුරණවා නිසැකය. ඒ තරම් තරහකි, ඒ මුහුණේ තිබ්බේ. |
අනිල් මල්ලී ස්වේච්ඡාවෙන්ම ඇවිත් කරවල ටික කපා දුන්නේය. “ලොකාට කියන්න අද නං මම බඩ
පැළෙන්න බත් කන්නයි යන්නෙ. මගේ ෆේවරිට් කෑමක් මේ!”
සමන්ති නංගීත් අපට උදවු කරමින් ළූණු සුද්ද
කර කපන අතරේ- මම සේදූ කරවල උතුරණ තෙලට දැම්මෙමි.
“අම්මෝ සුවඳ!” අනිල් කිව්වේය.
“Very strong!” සමන්ති කිව්වාය; ඒ එක්කම කුස්සියේ ජනේලය විවෘත කර දමමිනි.
“අනේ සෑම්... තමුසේ ලංකාවේදී බොම්බෙලි කරවල කාලා නැද්ද? කරෝලවලින් තදම සුවඳක්
තියෙන්නේ මෙව්වට වෙන්නැති.” අන්නා කිව්වේ ඔලොක්කු හිනාවකින් මුහුණ පුරවා ගෙනයි.
“මතක නැද්ද සුවඳ?”
අන්නා එහෙම කියලා විනාඩි දෙක තුනකට වඩා ගත
වුණේ නැති තරම්ය.
ඉස්සරහ දොරේ සීනුව එක දිගටම හැඬවෙන්නට විය.
“කවුද යකෝ bell එක කඩන්න යන්නෙ?” අනිල් නොමනාප ගතියෙන් දොර හරින්නට කලින් සමන්ති
නංගී ඉස්සර වුණාය- ගිහිං දොර හැරියාය.
“Good morning!” සමන්තිගේ සුබ උදෑසන
සුනු-විසුනු කරන ස්වරයකිනි, උත්තර ලැබුණේ. “Is Mr. Cecile in?” මමත් බිරාන්තවී එබී
බැලුවෙමි. තරමක් වියපත්- සුදු ජාතික කාන්තාවක් නොවසිල්ලෙන් ඉදිරි දොරටුව හරස්
කරගෙන සිටින්නීය. “I want to talk to him.”
ඒ මුහුණට අබ මිටක් දැම්මොත් පට-පට ගාලා පුපුරණවා නිසැකය. ඒ තරම් තරහකි, ඒ මුහුණේ
තිබ්බේ.
අනිල් අඩියට දෙකට උඩ තට්ටුවට දිව්වේය. ඒ ගිය
පමාවෙන්ම ඩැඩාවත් පෙරටු කරගෙන පල්ලං බැස්සේය. ඩැඩා
එතකොටත් හිටියේ පිජාමාව පිටින්මය! දොර ළඟ ගෝරනාඩුව උඩටත් ඇහිලා වගේය...
“Good morning!” ඩැඩාගේ සුබ ප්‍රාර්ථනය
කියවෙනවාත් එක්කම, අර අංගනාව පුපුරා හැලෙන්නට වුණේ කිසිම කටකමසිරියාවක් නැතිවය.
නොකඩවා ගලා හැලුණු ඒ වේගවත් ඉංගිරිසි දිය ඇල්ලෙන් බිංදුවකි, මට තේරුම් ගියේ. ඇය
පිටත්ව යනවාත් එක්කම අපේ ඩැඩා අරිටත් වඩා වේගයෙන් දෙස්ස කපන්නට පටන් ගත්තේය. ඒ
Samටය.
නොඉවසිල්ලෙන් බලාගෙන හිටි අපේ ඩැඩා ‘අයන්නේ
සිට අං- අඃ’ දක්වාම ‘ඒ කතන්දරේ’ පලිප්පු
දමමින් නීලියාට කිව්වේය. |
අර ගෑනිගේ ජරා කතා ඔක්කොම අහගෙන ඉඳල තව සමාව ඉල්ලන්නත් වුණා. What a shame... ඒ අම්මණ්ඩි කියපු filthy කතාව... shit...”
“ලොකූ, ඔයාලට නොදැනුණා වුණාට අපේ ගෙදර කරවල
හොද්දක් ඉව්වත් සුමාන ගාණක් යනකල් ඒ සුවඳ තියෙනවා. අපේ ඇඳුම්වලත්... ඒකමයි අපි
උයනකොට කුස්සියේ exhaust fan එක on කරලම
උයන්නේ. මාත් ගොනා වගේ opened ද වින්ඩෝ... සොරි ලොකූ...”
“මොකද්ද Sam අර ෆිල්දි කතාවක් කිව්වේ?”
“චීයා... මහ ජරා කතාවක් ඒ ගෑනි කිව්වේ. කියන්නත් හිරිකිතයි, අනිල් අයියේ.”
“හරි හරි... මට තේරුණේ නැති නිසානේ අහන්නේ. ඔන්න ටිකක් හෙමින් හරි කිව්ව නං...”
අනිල් එහෙම පෙරැත්ත කළාමය, සමන්ති අර කාන්තාවගේ වාග් ප්‍රහාරය අපට පහදා දුන්නේ.
‘උඹලට කන්න දේවල් නැතිවද අශූචි පුච්චලා කන්න
හදන්නේ?’ ඇය විමසා තිබිණි.
එයින් පසුව මමත් විමසිලිමත් වීමි. කතාව ඇත්තය.
අපේ ඇඳුම්වලින් තුනපහ සුවඳත් යාන්තමට දැනෙයි. Comfort සුවඳත් පරයමින්...
දැන් නම් කොම්ෆෝට් ලංකාවටත් අලුත් දෙයක්
නොවේ. බොහොමයක් දෙනා රෙදි සේදූ පසු තනුක කොම්ෆෝට් දියරයේත් ඒවා ඔබා ගන්නේ ඇඳුම්වලට
ප්‍රසන්න සුවඳක් එකතු කර ගන්නටය. මෙරටේ උෂ්ණත්වය වැඩි නිසාදෝ ඒ සුවඳ ඉක්මනින්ම
වියැකී යන බවයි මට හිතෙන්නේ. ඒ අතින් බලද්දී- අපේ මහරගම ආච්චිගේ පෙට්ටගමේ
ඇඳුම්වලින් වහනය වුණු සැවන්දරා මුල් + කපුරු බෝල සුවඳ අර කොම්ෆෝට් සුවඳට වඩා
බලවත්ය.
ඉතිං... ඉතිං... තව ඩිංගෙන් අමතකත් වෙන්නටයි
ගියේ. නීලියා එනකොට අප එයාගේ ඉල්ලීම සපුරාලන විදිහට කෑම සාදා අවසානය. බොම්බෙලි
බැදුමත් එක්කම!
නීලියා එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටි අපේ
ඩැඩා ‘අයන්නේ සිට අං- අඃ’ දක්වාම ‘ඒ කතන්දරේ’ පලිප්පු දමමින් නීලියාට කිව්වේය.
නීලියාගෙනුත් ප්‍රශ්න ඇසුවේය. “ඇයි නීලියා, උඹලා ඔය වගේ කෑමවලට ඔච්චර addicted?”
නීලියා මාව තනිකොට ගත්තේ කොයි තරම්
සූක්ෂ්ම විදිහටද? |
නීලියා මේ කියන්නේ මොනවා ගැනද? සැකයේ බීජයක්
හිතට ඇතුළු වුණත් ඒ ගැන ඒ වෙලාවේ තව දුරටත් හිතන්නට ඉඩක් මට නොවිණි.
එහෙම වුණේ උදේ හිටන්ම වැඩි කතාබහින් තොරව,
ඇඟ බේරාගෙන හිටි අම්මාත් ඉන් පස්සේ සුපුරුදු විදිහට දොඩමලු වෙන්නට පටන් ගත් බැවිනි;
ඩැඩා නීලියාට සරෙන්ඩර් වීම අම්මාට නව පණක් ලබා දී තිබූ සෙයකි. සුපුරුදු ලෙසින්මය,
විනෝදය සපිරි ප්‍රාණවත් පැය කිහිපයක් ගෙවී ගියේ. ඔව්! ප්‍රියයන් හා එක්වීම සතුටක්
නේන්නං.
ඉතිං, කෑම බීමෙන් සප්පායම් වෙලා, හවස පිටත්ව
යන්නට කලින් නීලියා මාව තනිකොට ගත්තේ කොයි තරම් සූක්ෂ්ම විදිහටද?
“නිමල්, මං හින්දා උඹලා සැසිල්ගෙන් බැණුමුත්
ඇහුව නේද. එක්ස්ට්‍රීම්ලි සොරි නිමල්...” නීලියා කිව්වාය. ඒත් එක්කම, ඊට අඩු
ස්වරයකින්; රහසෙන් මෙන් තවත් කොටසක් කතාවට එකතු කළාය. “දැන් මම දන්නවා උඹ ඔය වගේ
පුංචි දෙයකින් upset නොවෙන කෙනෙක් බව. Be Strong!”
ඒ ස්වරයත්, ඒ ටික කියමින් නීලියා ඉතා මෘදුව මගේ
අත අල්ලා මිරිකූ විදිහත් වෙනස්ම කතාවක් කියන විත්තියකි මට හැඟුණේ. එච්චරකුත් නොවේ.
එහෙම කියද්දී නීලියාගේ ඇස්දෙක දිලිසුණා වගෙත් මට පෙනුණි. එතකොටය මට මීටර්
වුණේ... (සමහර විටෙක මං වහන්සේ ටියුබ්
ලයිට් එකක් බවත් මෙතැනදී අමතක නොකරනු මැනවි.)
සැකයක් නැත. ලිංගේන්ද්‍රිය සැත්කම පිළිබඳව
අර තරම් හොඳින් වෛද්‍යමය කරුණු ගැන අපේ ඩැඩාව
දැනුවත් කරන්නට ඇත්තේ නීලියාම වෙන්නැති!
එයා පළපුරුදු වෛද්‍ය නිලධාරිනියක් නෙව.
‘චිකේ... මීට පස්සේ මම කොහොමද ලජ්ජා නැතිව
නීලියාගෙ මූණ බලන්නේ...’
අනේ නිකං හිටපං නිදි. නල්ල මලේ ලජ්ජාව. ඔම්ලට් එකක් හදන්න ඇහැකිද බිත්තරේ නොකඩා...
à ඊළඟ
කොටසට...
අද කොටස එක හුස්මට කියෙව්වා. නිදි තරහා නැතුව, ඔබේ මුංඇට හදන විදිහ ලියනවද?
ReplyDeleteඕං පටන්ගත්ත 😁😁😁😁
DeleteThis comment has been removed by the author.
Deleteනැතුව? එහෙම ලේසියට ඔය සූපශාස්ත්‍ර හමස් පෙට්ටියේ රහස් එලියට වඩින්නෙ නෑ. හහ්, වරෙල්ලකො පස්සෙ " අනේ, හරිම වැදගත්" කියන්න.😡💢👿
Deleteහරි හරි ඉටිම්. මං මක්කහරි වැරැද්දක් කිව්වයැ 🙈
Deleteබස්සා මහත්තයෝ, එංගලන්තෙදී මුං ඇට ඉව්වේ රහසිගත රෙසිපියකට අනුව නෙවෙයි. කෝකටත් මං උයන විදිහ කියන්නංකො.
Deleteකලින් දවසේ රෑට මුං ඇට හෝදලා- යක් ඇට අයින් වෙන විදිහට ගරලා පෙඟෙන්න තියලයි උයන්න ගන්නේ.
මයිසූර් පරිප්පු, වටානා, කඩල පරිප්පු වගේ කොයි ජාතියක් ඉව්වත් බෙරි වෙලා- ලඩ වෙන්න නොදී තමයි මං උයන්නේ. ඒ හැම එකක්ම උයද්දී ගොරකා බික් දෙක-තුනක් පොඩි කරලා දමන එක තමයි මගෙන් විශේෂයකට කෙරෙන්නේ. (තද ලුණු වතුරේ පෙඟෙන්න දාපු ගොරකා බෝතලයක් අපේ කුස්සියේ තියෙනවා.)
සාමාන්‍ය විදිහට මිරිස්- තුනපහ දාලා, පදමට තැම්බූනාට පස්සේ - එහෙදී නං එකතු කළේ යෝගට්. මෙහෙදී පොල් කිරි. ඊළඟට හොඳට ලුණු - සුදුලූණු - කඩාගත්තු වියළි මිරිස් කරල් - අබ ඇට දාපු තෙම්පරාදුවක් එකතු කරනවා. ළිපෙන් බානකොට රම්පෙ- කුරුඳු පොතු එකතු කර ගන්නවා.
කරපිංචා එකතු කරන්නේ කරිය ටිකක් නිවුනාමයි. එතොට සුවඳයි- ලස්සනයි දෙකම රැකෙනවා.
දැන් නං ඔය තෙම්පරාදුවට මම අසමෝදගම් ඇට ටිකකුත් එකතු කරනවා.
ඔන්න කිව්වා- උයල බලන්නකෝ!
නමී, ඔහෙත් උයන්නද හදන්නේ?
තව එකක්. මට නං හොද්දක සාටෝපයක්; දැවටෙන ගතියක් තියෙන්න ඕනි. ඒ නිසා හොද්ද ලිපේ තියෙද්දී පාන් කුඩු (කට්ලට් බදිනකොට දැවටීමට ගන්නේ) ටිකක් හරි; කුරක්කන් පිටි චුට්ටක් හරි එකතු කරන පුරුද්දකුත් මට තියෙනවා.
Deleteආන්න ජංසං. ඔය තියෙන්නෙ නියමෙට? මෙන්න මේ ටික තමයි, මට දැනගන්න ඕන කලේ. 👍✌️
Deleteඅනේ සාදු! තව කාට හරිත් ප්‍රයෝජනවත් වෙයිනෙ, බස්සා මහත්තයෝ.
Deleteහැදුවා. අසමෝදගම් තිබුනෙ නෑ. මුං ඇට පිපිරෙන්න තැම්බුන නිසා පිටි දැම්මෙ නෑ. ඒත් රසයි.
Deleteහාල්මැස්සො බැදුමයි, මුං කරියයි එක්ක උණු බත් නියමයි. ස්තූතියි නිදි.
දෙයි හාමුදුරුවනේ, මෙහෙම ලෙඩ හදවන්නෝ...... තට්ටයා මහත්තයගෙ මෙනූ එක දෙල්- කරවල හදා ගන්න ලැහැස්ති වෙද්දී තවත් එකක්...
Deleteස්තුතියි බස්සා මහත්තයෝ ! සතුටුයි!!
මම නම් ඕව හදන්න කරද වෙන්නේ නැහැ. බිරින්දෑ හදනවා යූටියුබ් එකෙන් බලාගෙන. මේ දවස් වල ඉවාන්කාරය අපහු එන දවසක් බලන් ඉන්නව කරෝල ටිකක් හදා ගන්න. මස් නම් හදන්නම්
Deleteමස් උයනවට වැඩිය කරවල හැදිල්ල ලේසියි නෙව අජිත් මහත්තයෝ.
Deleteසාම්ප්‍රදායික රස වර්ග අතර නැති, ඒත් ඇබ්බැහි වෙන සුලු රසයක් ඔය කරවල වල තියනවා. උමාමි කියන්නෙ ඒකටද කියන්න දන්නෙ නෑ. ඒත් තෝර, බල, කීරමින්, බොම්බිලි වගේ කරවල වල ඒවාටම ආවේනික කට කාරන ඒත් දිව්‍යලෝක රසක් තමයි තියෙන්නෙ.
ReplyDeleteඒ වගේම සහජයෙන්ම දැනෙන රසයන්ට අමතරව, පුරුදු පුහුණුවෙන් ලබා ගතයුතු රසයන් ගැනත් කියවෙනවා. කරවල, මාමයිට්, කරවිල වැටෙන්නෙ ඒ කැටගරියට කියල තමයි කියවෙන්නෙ.
තෝර, බල, කීරමින් ගාණට බොම්බිලි ගඳ දාන්න එපා බැස්ටියංතුමා. Yuck!
Deletehttps://en.wikipedia.org/wiki/Garum#:~:text=Garum%20is%20a%20fermented%20fish,at%20times%20they%20were%20synonymous.
Deletehttps://www.bangkokfoodies.com/the-fermented-condiment-thats-deathly-smelly-but-beloved-by-thai/
බොම්බිලි ගඳ වෙනම මානයක බව දන්නව. ඒ නිසා තමයි හාල්මැස්සොන්ගෙන් ජාම බේරගන්න වෙලා තියෙන්නෙ.
Deleteකරවල බැදිල්ලට විතරක් නෙමෙයි, අනිත් දේවල් උයනකොට කොට පවා, වෙනම ඇඳුමක් අඳින්න වෙනවා.
මට දූරියන් ගැන ආසාවක්වත්, අකැමැත්තක්වත් නෑ. ඒ ගඳත් ප්‍රස්නයක් නෑ. බොම්බිලි කඩේ තියනකොට ගඳ නෑ මට.
Deleteඒත් බොම්බිලි බදින එක නම් බෑ, කවදාවත් ලඟක් ඉඳල නෑ. ඈතින් තමයි දැනිල තියෙන්නෙ . ඒත්.... ... quadruple yuck !
තව ප්‍රස්නගත ඒවා තියනව. හාල් විතරක් තියන කැඳවල ගඳ, කරවල කඩවල තියන සුවඳට මං කැමති වුනාට ඒවට ගිහිල්ලා එයාර් කන්ඩිශන් රූම් එකකට කවුරුහරි එනකොට තියන ගඳ, පරණවුන දාඩිය ගඳ ( ඇති නේද? මේවා ලියල අද කනකොටත් මතක් වෙයිද මංද)
දූරියංනම් වහකදුරැ 🤪
Deleteමාර විස්තර තොගයක් නෙව තමුන්නාන්සේලා කියල තියෙන්නේ.
DeletePra Jay මහත්තයගෙ links දෙකේත් හෙණ විස්තර!
උමාමි ගැන මාත් කියවල තියෙනවා.
මට නම් දූරියන්- කරවල ජාති එහෙම මල්! ඒවාට ආවේණික ගන්ධය නැත්තං ඒ රස දැනෙන්නෙත් නෑ නේද?
මට මතකයි සා/පෙලට ඉගෙන ගනිද්දී විද්‍යාව පොතක තිබ්බ පරීක්ෂණයක්. සුවඳ නොදැනෙන; වෙනස නොපෙනෙන විදිහට කෑමට දුන්නොත්- අමු අර්තාපල් පෙත්තකුත්, ඇපල් පෙත්තකුත් වෙනම හඳුනා ගන්න බැරි බව කියවෙන.
ඔය් ලන්ඩන් වල ඕල්ගේට් ඊස්ට් වල ගබ්‍රික් ලේන් එකේනේ බංගලා දේශ කට්ටිය ඉන්නේ එකට. උන් එතනට එකතු වෙලා ගියේ බොම්බිලි කරවල උයා ගන්න බැරි නිසාලු අනිත් තැන්වල. 😀
Deleteඑච්චර දේවල් බොම්බෙලි නිසා......?
Deleteවැඩිය ඕන නෑ ඊයේ! ගෙදර රසවත් මාළු කරියක් හදලා තිබුනත් මම බල කරවල කෑල්ලක් බැදගත්තා!
ReplyDeleteතෙම්පරාදු දෙල් ව්‍යාංජනයට බල කරෝල බැදලා ගත්තාම දිව්‍යලෝකෙ රහයි!
තට්ටයා මහත්තයෝ- දැන් කී දෙනෙක් දෙල් හොයනවද දන්නේ නෑ. මාත් හොයලා බලන්නොනි. ම් ම් ම්!
Deleteමහලොකු පොෂ් රටවල් උනාට තමංගෙ පාඩුවෙ කරවල කෑල්ලක්වත් පුච්චගෙන කන්න නිදහසක් නෑනෙ ඉඳගෙන. හැක්..
ReplyDeleteප්‍රසෝ, එදා නං මටත් ඉස්සෙල්ලම හිතුනේ ඔය ටික තමයි.
Deleteඊට ගොඩ කාලෙකට පස්සේ නකල්ස්වල (වල්පොලමුල්ල ගමෙන් වගෙයි මතක) ගෙනාව වේලපු දඩමස් වගයක්. ඒවා හදන්න ගියාමයි තේරුණේ උහුලාගන්න බැරි- ඔළුවේ කැක්කුම හදවන ගන්ධකේ. අපේ කිසිම කෙනෙකුට ඒවා ඇල්ලුවේ නෑ. ඒ තරං ගඳයි. අපි හිතුවේ ටයර් ගිනි තියලා මස් වලට දුම් ගස්සලා කියලයි.
එදා තමයි අර lady ගැන දුක හිතුණේ.
This comment has been removed by the author.
ReplyDeleteබොම්බිලි බදින ගඳ මටත් කොහෙදිහරි ආවොත් ඉවසන්න හරි අමාරුයි.
ReplyDeleteබොම්බිලිවගේ අසල්වාසින්ට පීඩාවක් නොවුනත්, ගෙවල් ඇතුලෙ කරී සුවඳ ප්‍රශ්නයක් වෙන අවස්ථා තියනව.
පොල්කිරි දාලා හදන කරීස් සාමාන්‍ය කාලයක් ගියාටපස්සෙ පිළුනු නොවුනත් පිළුනුවට ආසන්න ගඳක් එනවා. අපේ ගෙදර හදපු එකක් එහෙම දැනෙනවා අඩුයි අපේ නහය ක්‍රමයෙන් හුරුවෙන නිසා. ඒත් පිටගෙදරකට ගිය විගස ක්ශණිකව දැනෙනකොට එහෙම තියනවනම් අප්‍රසන්නයි ලංකාවෙදිත්. පිළුනු නොවුනත් ඒවගේ දැනෙනවා, විශේෂයින් සීමිත ඉඩකදී.
ඉන්ගලන්තෙ දේශගුණික හා සම්ප්‍රදායිකව වාසස්ථාන පිහිටීමේ ස්වභාවය නිසා බහුතර ගෙවල් ඝනකම කාපට්ස්, රග්ස්, කර්ට්න්ස් හුඟක් තියන, කුඩා, සංවෘත පරිශයන්. එනිසා ඒවයේ කරී සුවඳ/ගඳ ඉවත් කිරීමේ අපහසුව හිතා ගත්තෑකි.
(පාද යාත්‍රා යන්න මං අකමැති සෙනඟ වැඩි නිසා විතරක් නෙමෙයි. මට ගඳ සුවඳ දැනීම ටිකක් වැඩියි, විශේෂයින් කෑම කනකොට සංවේදී වැඩියි. .
රෑ කෑමක දවල් හදපු එකක් තිබුනොත් මට තමයි දැනෙන්නෙ. පිළුනුවෙලා නැත්නම් මට කන්න පුලුවන්, ඒත් මට දැනෙනවා අනිත් ඒවට කලින් හදපු එකක් කියලා.
පිට ගෙවල්වල කුස්සියට ගියාමත් අර පොල්කිරි කරි සුවඳ/ගඳ දැනෙන නිසා ටිකක් පරිස්සමෙන් තමයි ඉන්නෙ 😊.
කොහෙහරි ගියාම මට බයයි අපේ ගෙදර බල්ලන්ගෙ ගඳ මගෙ ඇඳුම් වලින් එයි කියලා. පිටගෙවල්වල බල්ලන්ටනම් දැනෙනවා කියල දන්නව උන් මාව ඉවකරන විදිහට 😊 ).
සැ.යු. පාද යාත්‍රා ගැන මං කිව්වෙ එතන උයන කෑම ගැන නෙමෙයි. පරිසරයේ ගඳ අවදානම ගැනයි, විශෙෂයින් කන වෙලාවට.
Deleteගඳ සුවඳට අධි සංවේදීතාවයක් ඇති එකත් එක්තරා අවුලක් බවයි හිතෙන්නෙ. ඒත් එක දිගටම තියෙනවා නං, ඒක අපේ මොලය මඟින් යටපත් කරන බවත් දන්නවා. එතකොට ඒකත් අවුලක් වෙනවා, මොකද අපේ ගඳ අපට නොදැනෙන නිසා.
Deleteමට බොම්බිලි ගඳ අවුලක් නෑ කන වෙලාවට විතරක්. ඒත් සමහර රටවල තියෙන තෙල් අධික මාළුන්ගෙ පිලී ගඳ ආවොත්, කන්න එපා වෙනවා.
අල්ලපු ගෙදර දඩෝරියා, ප්‍රාජේව ඉව කරමින්:
Delete"sniff, sniff පස්ස ගාත් දෙකෙන් ඇවිද්දට හිතේ ඇති අපිව රවට්ටන්න? හහ්, අපි නොදන්න බොක්සර"
@ D.G.M.B
Deletehttps://www.thelondongeneralpractice.com/phantom-smells-caused-by-brain-cancer/#:~:text=Experiencing%20non%2Dexistent%20foul%20smells,accompanied%20with%20nausea%20and%20dizziness.
//One day Jayalath Manorathna suddenly feel a petrol smell. However there was no petrol found in the close vicinity. He became curious. As he could continuously smell petrol he consulted a doctor. He came to know there is tumor in his brain and that was the cause//
https://www.lankaenews.com/news/3137/en#google_vignette
මට ඔෆිස් එයාර් කන්ඩිශන් මැෂින් එකක ගඳක් එනවා මට එතනින් යනකොට. එතනම ඉන්න අයට තේරෙන්නෙ නෑ මං ඇහුවාම.
බ්‍රේන් ටියුමර්නම් මට බැස්ටිංතුමාව කවදාවත් මුණගැහෙන්න බැරිවෙන එකට බයයි (අනිත් අතට අවු 120ක් හිටියත් ඒ වාසනාව කොහොමත් නොලබන දෙයක් නෙ )
නිදි එක්ක යනකොටනං පාද යාත්‍රාවයි කෑමයි වෙන්කරන්න බෑ. කොටිංම ඒක කෑම යාත්‍රාවක්. පාද ටික වෙන කොහේ හරි ඇති. හැත්..
Deleteඑහෙම කියන්න එපා සෑර්.බස්-තියං කාර් එකෙන්, Kamloops වලට මෙහේ ඉඳන් දවස් දෙකයි. මගේ බ්‍රෑන්ඩ් එක වයින් වුනාට, ඔබතුමාව මුණගැහුනාම, අපි ටිකිලා වලින් සවුදිය පුරමු.🍾🍷🍹
Deleteමාත් ගඳ සුවඳ වැඩියෙන් දැනෙන කෙනෙක්. එහෙම කෙනෙකු ගැන ලස්සන ෆිල්ම් එකකුත් තියෙනවා. Perfume - 2006.
Deleteඑහෙම අධිසංවේදී වීමේ අවාසිත් ගොඩයි.
Pra කියනවා වගේ, මට ඉඳුල් ගඳත් හරිම අප්‍රසන්නයි.
පිලිකාවක පූර්ව ලක්ෂණයක් විදිහට අමුතු ගන්ධයන් දැනීම ගැන ඇහුවෙත් අදයි!
ප්‍රසන්නෝ, බඩගින්නෙ මොන යාත්තරාවක්වත් යන්න බෑ නෙව මහත්තයෝ.
Deleteබකුසුතුමෝ, ටිකිලා නේද වීදුරුවේ කට වටේට දෙහි අතුල්ලලා ලුණු කුඩු තවරලා බොන්න ගන්නේ?
Deleteබීලා නං නෑ. එහෙම තමයි බොනවයි කියන්නෙ.
Deleteඅපේ හිතවත් නෙවිල් ඔය වතාවත් පුරන්නේ 'දේව තෝත්තරයක්' තරම් ගරුසරුව! ඒකයි මට ඕවා මතක...
Deleteනිදි සල්සා ක්ලබ් එකේ හොට් පෑන් ඇඳගත්තු ලස්සන නංගිලා ඇවිත් මෙහිකන් ටෙකිලා ෂොට් එකට අතේ පිටි අල්ලට ලුණු කුඩු දාල ෂොට් එක ගැහුවම , දෙහි කෑල්ල සහ ලුණු ටික උරන්න් දෙනවා . ඊටපස්සේ හෙල්මට් එකක් ඔළුවට දාල දඩන් ගාල මිටියකින් ගහල තුන් පාරක් කරකවනවා
Deletehot pants, t is missing
Deletehttps://glamslamentertainments.com/shot-girls
Deleteටිකිලා තමයි ටිකිලා. මේ ලින්ක් එක මම නෙවිල්ට යැව්වා...........ස්තුතියි අජිත් මහත්තයෝ.
Delete"ඒ ස්වරයත්, ඒ ටික කියමින් නීලියා ඉතා මෘදුව මගේ අත අල්ලා මිරිකූ විදිහත් වෙනස්ම කතාවක් කියන විත්තියකි මට හැඟුණේ". මම හිතුවා නීලියා නිමල්ව ටිකක් seduce කරලා එහෙම ගන්න ගියා කියලා 😉.
ReplyDeleteඑහෙම හිතුවට කිසිම වරදක් නෑ Lotus... මං අහිංසක බෝ පැලයක්නෙ....
Deleteසාදරයෙන් පිලිගන්නවා -ඔයා ටික දවසකට පස්සෙනෙ.....
“එහෙනං සැසිල්, උඹ මට කියපංකො- උඹ ඇයි කෝපි එකටයි, සිගරැට් එකටයි ඔච්චර ඇඩික්ට් වෙලා ඉන්නෙ කියලත්. උඹට ඒ දෙක නැතුවම බැහැනෙ.” මම නම් හිතන්නෙ කෙනෙකුට තමන්ගෙ පුරුදු අත ඇර ගන්න බැරි වෙන එක ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. හැබැයි තමන්ගෙ පුරුදු දිගටම කරගෙන යෑමේදී අනිත් අයට වෙන අපහසුතා ගැන assess කරගන්න බැරි නම්, අනිත් කෙනාට කොහොම දැනුනත් තමන්ගෙ පුරුද්ද වෙනස් කරන්නෙ නැතිවීමත් තුලින් පෙන්නුම් කරන්නෙ ආත්මාර්තකාමී හා arrogant වීම.
ReplyDeleteසමහර ආගමික ස්ථාන හා ඉස්කෝල ලඟ ඉන්න අය ඒ තැන්වලින් එන ශබ්ද අපහසුවෙන් ඉවසගෙන ඉන්න එකත් ඔය වගේම සීන් එකක් තමයි.
ඒ අතින් නං Lotus, අපේ රටේ වැඩි දෙනෙකු නාඩි නොවැටෙන උදවිය වගෙයි. කාට කොච්චර කරදරයක් වුණත් එයාලට වැටහීමක් නෑ.
Deleteවිශේෂයෙන් ඔය සද්ද පූජා වගේ දේවල්වලදී...
බොම්බිලි සුවඳ/ගද වගේ තමයි... පෙට්‍රල් සුවඳත්. මං විදින්ට කැමති අමුතු සුවඳක්
ReplyDeleteපරෙස්සමින් නමී. Pra Jay මහතා උඩින් කියල තියෙන ජයලත් මනෝරත්න මහත්තයගෙ සිද්ධිය කියෙව්වා නේද?
Delete@නමියා, පෙට්‍රල් සුවඳටත් දුවන ඇංජිමක්ද ඔහේට තියෙන්නෙ.
Delete😁😁😁😁
Deleteකොමෙක්ට් කියෙව්වෙ මං කොමෙන් කරාට පහුව නිදි 😁
Deleteඉඩ තියෙන විදිහට එපැයි නමී. ඔයාලට අපිට ලියන- කියවන ආදරණීය උදවියට- හැමෝටම තව රාජකාරි තියෙනවනේ.
Deleteඅදත් ගැටලු නිදී ලියල නොකර හැංගිලී
ReplyDeleteඔබත් යනවා වාගෙයි පාලමක සංගිලී
තවත් වරක් හදලා මුං ඇටද බොම්බිලී
රසත් විඳල නීලිය කෙරුවාද ඇන්දිලී....
ජයවේවා නිදී.
මොටද හංගා ගැටළු අපගේ - කතා කළ යුතු තැනදී එළිපිට
Deleteඑයින් දැනුවත් වෙන්න ඇහැකියි - ගැටළු තිබෙනා තවත් කෙනෙකුට
නීලියා රන් කඳක් වාගෙයි - මොළෙත් තිබ්බා නියම විලසට
සත්තකින් ඇය හැබෑ හිතවතියක් වුණා මේ - ලියන නිදිහට
ඔබටත් ජය- දුමින්ද!
කට්ටා වාගේම කරවල විදිහට කෑවත් මාලුවෙක් විදිහට උයලා කන්න බැරි මෙලෝ රහක් නැති තවත් එක මාලුවෙක් තමයි බොම්බිලියාත්. කාලා අත දෙතුන් සැරයත් හේදුවත් ගද යන්නේ නෑ.
ReplyDeleteකොළොම්පුරේ අසංග
ඔයා හරි අසංග මහත්තයෝ. බොම්බෙලි කරවල හොදි උයන්නේ නෑ නේද?
Deleteදැන් දැන් ගොඩක් දෙනා කැමති 'මුහුදු කුකුළා' කරවල කොහොමද? (මාළුවාට කියපු - එච්චර ලස්සන නැති 'පොතුබරි' නම වැඩිපුර පාවිච්චි වෙන්නෙත් නෑ දැන්.)
පිළී ගඳ යන්න- අත හෝදද්දී දෙහි ලෙල්ලක් අතුල්ලලා බලන්නකෝ.
නිදිගේ මේ ලිංගික පරිවර්තන කතාව මට දැන් ටැපලිලා (දිගටම කියවන්න බැරි උනා)
ReplyDeleteබෝම්බෙලි සහ බල කරවල කතාව නිසා මතක් උන දේවල්, ඉස්සර අපි හිතන්නේ බල මාළු/කරවල කන්නේ දකුණේ මුදුබඩ අය විතරයි කියල (පොඩි කුල සීන් එකක් ලාවට තියෙනවා), දැන් ඒවා නෑ ලෝකය දියුනුයි නේ.
මම පොඩි කාලේ අපේ පාසැල් ක්‍රිකට් ටීම් එකේ හිටියා DLS ද සිල්වා කියලා වේග පන්දු යවන්නෙක්, ගම බලපිටියේ, මෑන් බෝල් කරනකොට කොල්ලෝ කෑගහන්නේ බල මාලුයි පොලුයි කියල.
එංගලන්තේ සුද්දොත් බෝම්බෙලි කනවා මම TV එකේ දැක්කා, උන් ඒවාට කියන්නේ බොම්බේ ඩක් කියලා
මම විජේබාහු
අවුරුදු පනහක- හැටක ජීවිත කතාවක්; හැලහැප්පිලි බහුල කතාවක් අතරින්- පතර කියවලා නිරවුල් චිත්‍රයක් හදා ගන්න එක අමාරුයි තමා විජේබාහු මහත්තයෝ. ඒත් තමුන්නැහේ තැනින් තැන හරි කියවන්න එනවාට ගොඩක් ස්තුතියි!
Deleteබල මාළු කියන්නේ අධිශක්තිජනක කෑමක්නෙ- චුට්ටක් ඇඹුල් රහ ඉස්සරහට හිටින්න මිරිසා උයාගත්තු බල මාලුයි, ගාගත්තු පොලුයි දෙක තරු පහේ හෝටලයක කෑමකට වැඩිය අගෙයි මට නං.
බොම්බේ ඩක් පොඩ්ඩක් හරි කන සුද්දෝ? අපේ dadaa දැක්ක නං.....