ඒ වතාවේ අම්මා ‘බදුලු සවාරිය’ ගියේ ‘පිං ත්‍රී වීල් එකේ’ය. අම්මාගේ පරිවාරෙට යන්න සිද්ද වුණේ මානෙල් නංගිටය.
“අපොයි ලොකා, ගිය මෝඩකම කියල හිතුණා.”
අපේ අම්මාත් එක්ක ත්‍රී වීලරයෙන් බදුලු සවාරියට සහභාගී වෙලා ආවට පස්සේ මානෙල් නංගි
කිව්වාය. “පොඩි දුරක් නෙවෙයිනේ ලොකා.
පුදුමයි... අම්මට නං ගාණක්වත් නෑ . ඊට හපන් අම්මගෙ කෙරුවාව.... සෝම පුංචිලගෙ කට්ටිය
හැමෝම හොඳටම බයෙන් ඉන්නේ- අපේ අම්ම එහෙ ගියාම! එයාලා අපෙ අම්මට තනියම නං මොන
ගෙදරකටවත් යන්න දෙන්නෑ.”
තමුසෙත්
එක්කම ඔය කතන්දර ටිකත් යටපත් වෙලා- දිරලා වැළලිලා යනවට වැඩිය ඒක වටිනවනේ... |
“එහෙනං ඔයත් එහෙදි වෙච්චි දේවල් දන්නව වගෙයි ලොකා...”
“මොකද නැත්තෙ? එක සැරයක් අම්ම බදුලු ගිහිල්ල සෝම පුංචිලගෙ
ගෙදරම නැවතිලා ඉන්න ගමන් මරු වැඩක් කරලනෙ මානෙල්. සෝම පුංචිලගේ වත්තට අල්ලපු වත්තේ
ඉන්නවා පුංචිල එක්ක අමනාප නෑයෙක්. අපේ අම්මා ඒ මිනිස්සුන්ගේ ගෙදරටම ගිහිං ඇහුවලු -සෝම
නංගිල තනියම ගෙයක් හදාගෙන හිටියට මොකද, මහ ගෙදර වත්තෙන් කොටහක් මටත් අයිතියිනෙ. මගේ
කොටහ ඔයාලා ගන්න කැමතියිද, අඩු ගණනකට දෙන්නං- කියලා. අම්මා කරන්නෙම ඔය වගෙ බහුබූත
වැඩනෙ.”
“මොනව වුණත්, ජෝසප් මහත්තය ත්‍රී වීල් එකක් නෙවෙයි AC
වාහනයක් එව්වත්- මම නං අම්මත් එක්ක ආයේ බදුලු නං යන්නෑ!”
මානෙල්ට විතරක් නොවේ, අම්මාටවත් ආයෙමත් ‘ජෝසප් මහත්තයා
එවූ පිං වාහනයක’ බදුලු යන්නට වාසනාව පෑදුණේ නැත. බාගෙන කන්නට තිබුණු වළ ඉහගෙන
කන්නට ගියම සිද්ද වෙනදේ දන්නවනෙ... වෙලා තිබ්බේ ඒක වගෙය.
එක මාසයෙන්ම ඒ ‘අසීමිත වාහන වරදානය’ කප්පාදු වෙලාය!
‘නිමල්, මේ සීරීස් එකට ප්‍රෝඩාරාමය හරි ශ්‍රෝඩාරාමය හරි
කියල නෙවෙයි නම දාන්න තිබ්බේ. ලීලා ශ්රෝඩාර් කියලයි... ශ්රෝඩාරාමෙට වැඩිය මේ postsවල
තියෙන්නේ ඔයාලගෙ අම්මගේ විස්තරනෙ...” හිතවතෙක් ඉතාමත් නුදුරු දවසක අදහසක් පළ කරමින් කිව්වේය.
“ඊටත් වැඩිය, නිමල් අම්මා ගැන මෙච්චර දේවල් ලියන්න බලාගෙන හිටියේ අම්මා අන්තරා
වෙනකල්ද?”
ඇත්තය! ඒ හිතවතාගේ කතාව ඇත්තය!!
අම්මා නැත්තං ශ්රෝඩාරාමයකුත් නැත. එයා සිද්ද කර තිබෙන්නේ
ඒ අන්දොස් වැඩේ විතරක් නොවේ.
අපේ අම්මා තරම් හතරවරම් වැඩ සිද්ද කළ කෙනෙකු හොයා ගැනීම නම් ලේසි-පහසු වැඩක් නොවේ.
ඒ කෙරුවාවල් තේරුම් ගැනිල්ල ඊටත් වඩා අමාරුය. එබැවින්, ඒවා පිළිබඳව වඩාත් විවෘතව
ලිවිය යුත්තේ අම්මා නැති කලෙක යැයි මම සිතුවෙමි; ඒ මතයේම එල්බගෙන උන්නෙමි.
(එහෙත්, පසුගිය අවුරුදු හය
පුරාමත් විටින්-විට ඇය ගැන ලියැවිණි. ඒ අවශ්‍යම තැනකදී පමණකි.)
‘තමුසෙට පුළුවන්කම තියෙන එකේ ඔව්වා ලියල තියන එක හොඳයි
නේන්නං! එතකොට සෑහෙන කාලයක් තිස්සේ ලෝකෙ හතර දිග් භාගෙ ඕනි කොදෙව්වක ඉන්න අයට
වුණත් ඔව්වා කියවන්න ඇහැකි නෙව. තමුසෙත් එක්කම ඔය කතන්දර ටිකත් යටපත් වෙලා- දිරලා
වැළලිලා යනවට වැඩිය ඒක වටිනවනේ...’ හිත කියයි. ‘අනෙක තමුසෙගෙ හිතටත් නිදහසක්- ඕවා
ලියන එක. බොරුද මං අහන්නේ...’
නැහැයි කියන්නයැ?
අම්මා
හිතාගෙන හිටියද එයාට ඩිමෙන්ෂියාව හැදෙයි කියල- පිළිකාවක් හැදෙයි කියලා... (2019 මැයි
17 වෙනිදා චූටි නංගිගේ දූපුතුන් සමඟ අම්මා) |
මිනිසුන් හිතාගෙන ඉන්නේ හැමදාමත් නිරෝගීව; දිගටම ශක්ති
සම්පන්නව සදාකල් ජීවත් වෙන්නටය.
ඔවුන් සැලසුම් හදන්නේ; අනාගතය plan කරන්නේ ඒ සිතුවිල්ලට මුල් තැන දෙමිනි.
එහෙත් ඒවා සිද්ද නොවෙන්නටත්; ඒවා නොකෙරෙන්නටත් යම්කිසි ප්රතිශතයක හෝ සම්භාවිතාවක්
ඇති බව ඔවුහු නොසිතති. අපේ අම්මා යාන්තමින්වත් එහෙම නොසිතූ ඇත්තියකි.
එහෙත්, ඇය එළඹෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට තැත් කළ තැනැත්තියකි... සමහර
විටෙක ඇයගේ ඒ උත්සාහයන් එහෙම පිටින්ම නිරර්ථක වී ගිය බව වෙනම දෙයකි.
“එංගලන්තෙට ගියපු අලුත මමත් ඉඩ තියෙන තියෙන වෙලාවට නැනාව
බලන්න ගියා, මහප්පේ.” සුනිල් මල්ලිගේ ලොකු පුතණුවන්; රජිත් මධුශංඛ කියාගෙන ගියේ
සිනාසෙමිනි. (අපේ අම්මාගේ පළමු මුණුබුරා රජිත්ය. එයා අපේ අම්මාට ‘ආච්චී’ කියා බහ තෝරන්නට
පටන් ගැනීම අම්මාගේ හිතට ඇල්ලුවේ නැත. ‘මල්ලිකා, ඔයා පුතාට පුරුදු කරන්න මට නැනා
කියල කතා කරන්න. එංගලන්තෙ එහෙමයි- එහේ ආච්චිලා නෑ. නැනාල විතරයි ඉන්නේ.’ එතැන් පටන්ය
අපේ අම්මා නැනා වුණේ!)
“ඉතිං රජී, නැනා බලන්න ගියහම මොකද වුණේ?”
“එහෙම යන ගමන් මං නැනාල ගෙදරට ඕනි කරන බඩුයි- fruits ටිකකුයි vegetables ටිකකුයි එහෙමත්
අරං ගියා. මහප්ප දන්නව ඇතිනෙ, නැනාල ගෙදර උයන්නේ broken බාස්මතී* බව. ඉතිං මමත් අරගෙන
ගියේ බ්‍රෝකන් බාස්මතී bag එකක්.”
(*Broken බාස්මතී- කැඩුණු බාස්මතී සහල්ය, එංගලන්තයේ සිටින බොහෝ ආසියාතිකයන්ගේ ගෙවල්වල
පිසෙන්නේ. ඒවා මිලෙන් අඩුය. මගේ මතකය නිවැරදි නම්- ඒ සහල් තිබෙන්නේත් කිලෝ 5 ඇසුරුම්
වශයෙනි.)
“...ඔහොම තුන් හතර සැරයක් බඩු අරගෙන ගියාට පස්සෙ මහප්පේ,
නැනා මට කිව්වනෙ අනිත් සැරේ ඉඳලා බ්‍රෝකන් බාස්මතී නෙවෙයි- කැඩිච්ච නැති හොඳ
හාල්වලින්ම ගේන්න කියලා. ඒකෙන් පස්සේ මට එහෙ යන්නත් එපා වුණා!”
අපේ අම්මා එහෙම දේවල්වලින්වත් ඉගෙන ගත්තේ නැත.
එහෙම ඉගෙන ගත්තා නම්, ජෝසප් මහතාගෙන් නොමිලේ ලැබුණු පළියට ත්‍රී වීලරයේ බදුලු
යයිද?
“නිමල් අයියේ, ඔයා ඔහොම කිව්වට හැමෝටම එකම තරමට හිතන්න
බෑ. ඉගෙන ගන්නත් බෑ.
අපි එක එක්කෙනාගෙ මොළවල capacity එක වෙනස්. මොළය වීදුරුවක් වගෙ නං, අපි එක
එක්කෙනාට තියෙන්නෙ එක එක size එකේ වීදුරු කියලා හිතමු. ඒ ඒ වීදුරුවලට අල්ලන ප්‍රමාණයක්
තියෙනවනෙ. එච්චරයි! ඊට එහා බෑ...
ඔයා හිතන තරමට ගොඩක් අය හිතන්නෙ නෑ. තේරුම් ගන්නෙත් නෑ. වැඩ කරන්නෙත් නෑ.” අම්මා
පිළිබඳ කතාබහකදී දොස්තර අයස්මන්ත පීරිස් හිතවතා මට කිව්වේය.
එයාගේ
හිතේ සාමය නැති කරන්න මෙම අවිද්‍යාව නිතර හේතුකාරක වෙනවා... |
‘-අපටත් වඩා අපේ නඩේ
ගුරා වන නිමල් අයියා ඉතාම ක්රමානුකූල හැදෑරීමක් අප හැම දෙනා වෙනුවෙන්ම සිදු කළා.
කෑම වේල් ගණන, සරලම සහ රසවත්ම කෑම, ඒවායේ
බර, දිනයකට යන දුර, දිනයකට අවශ්‍ය පානීය
ජලය ප්‍රමාණය ආදී වශයෙන්.
-නිමල් අයියා ගනුදෙනු කරන්නේ ඒ තරම් ක්‍රමානුකූලව නිතිපතා, සතිපතා
ජීවිත විශ්ලේෂණය කර වැඩ කරන අය සමඟ නොවේය යන දේ තේරුම් නොගැනීම එයාගේ දුර්වලකමයි. චේතනාන්විතව නොවුණත් එයාගේ
හිතේ සාමය නැති කරන්න මෙම අවිද්‍යාව නිතර හේතුකාරක වෙනවා.....”
ඔච්චර සැලසුම් කරලත්, අපේ පාද යාත්‍රා ගමන් කිහිපයෙදී මොන
තරම් අනපේක්ෂිත දේවල් සිද්ද වුණාද?
ඒවත් එක්ක සංසන්දනය කරනකොට අපේ අම්මට මොකුත්ම සිදු වුණේ නැති ගණනයි! බදුලු ගියාට
පස්සෙත් ජෝසප් මහත්තයා අපේ මෑණියන් වහන්සේට කරන සැලකිලිවල අඩුවක් නම් කළේ නැහැ
වගෙයි.
හැබැයි- වාහන පහසුකම් සපයද්දී නං සීමාවක් තියාගෙන උන්නැහේ ඒවා කරපු බව පැහැදිලිව
පෙනුණා.
“ඔව්වා ඔච්චරකල් කෙරුණෙත් අයියේ, නඩුව ඉක්මනින්ම අහල
ඉවරයක් නොවිච්ච නිසා වෙන්න ඇති.”
“එතකොට සුනිල්, ඔය නඩුව වැටෙන්න ඇත්තේ අම්මට හොරණ ගෙදර අයිතිය ආපහු ගන්නද?” මේ
posts මාලාව ලියන්නට ගත්තායින් පසුව කෙරුණු කතාබහේදී මම සුනිල්ගෙන් ඇසුවෙමි. “එතකොට
ජෝසප් මහත්තයාට මොකක්ද තිබිච්ච කැක්කුම, එයාගේ අතින් සල්ලි වියදම් කරගෙන අපේ
අම්මවත් එංගලන්තෙන් මෙහෙට ගෙන්න ගෙන්නා නඩු කියන්න?”
“කවුරු දන්නවද අයියේ ඔව්වා? කොටින්ම නඩුව ඇහුවේ කොහේ උසාවියකද
කියලවත් අපි දන්නවයැ. නඩුව තියෙන දවස්වලට වෙන්නැති, ජෝසප් මහත්තයලා උදෙන්ම ඇවිත්
අම්මව එක්ක යනවා. ඒ ගිහිල්ල ආවට පස්සෙත් අම්මා කසාය බීපු ගොළුව වගෙ ඉන්නවා.
අම්මගෙත් කපටිකම කියන්නෙ අයියේ, එහෙම දවසට හුඟක් වෙලාවට අම්මා ආපහු ගියේ මානෙල්ල
ගෙදරට. එයාල ගෙදර ඉතිං ඔය විස්තර අහන්න කෙනෙක් නැහැනෙ...”
ඒ නඩුව ඉවර වුණු බව පෙනෙන්නේ 2021- 2022 විතර කාලයේය.
අම්මා තදබල ලෙස අසනීප වෙන්නට කලින්ය.
‘එහෙම නැතිව කොරෝනා කාලෙට ඔන්න මෙන්න වෙන්නත් පුළුවන්...
කොරෝනා නිසාත් අම්මගේ ලංකාවට එන ගමන් ටිකක් නැවතුණානෙ.’ ඒ අපේ අනුමානයයි!
ඔක්තෝබර් පසළොස්වක දවසේ... |
“මොකද සුනිල් හිනා වෙන්නෙ...”
“ඇයි අයියේ, නිකමට හිතන්නකො... ඊට අවුරුදු කීපෙකට කලින් අම්මා අසනීප වුණා නං එහෙම
මොකද වෙන්නෙ කියලා. අන්තිම දවස්වල අම්මට වෙලා තිබිච්ච හරිය දැක්කනේ... මේ වෙනදේ මේ
මතක නෑ. කෙලින් කටින් ඉන්නත් බෑ. කලින්ම එහෙම වුණා නං ජෝසප් මහත්තයට හුප්පේ නේද?”
ඒකත් ඇත්තය!
අම්මාට ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ පහළ වන්නට ගත්තේ ටිකෙන් ටිකය. ඒ 2020 විතර ඉඳලාය.
ඒ අතරේය, බඩවැලේ පිළිකාවත් රහසෙන්ම පැතිරෙන්නට පටන් ගෙන තිබ්බේ. එයින් ඔත්පලවූ
අම්මා ඇඳටම වැටුණේ 2022 සැප්තැම්බරයේය. වෛද්‍යවරුන් කිව්වෙත්, අප හැමෝම හිතුවේත්
අම්මා තවත් මාස දෙක-තුනක්වත් අල්ලාගෙන නොසිටිනු ඇතැයි කියලාය.
ඒත් ෆීනික්ස් පක්ෂියෙකු මෙන් අපේ අම්මා යළිත්; තරමක් සුවපත්ව නැඟී සිටියාය.
“මට ලංකාවට ගිහිං එන්න ඕනි!” අම්මා තදින්ම කියා සිටියේ, අරහෙම
සවි-ශක්තිය ලැබුවාමය. දීපාල් අම්මාත් කැටුව ලංකාවට ආවේය. අනේ... එතන ඉඳලා පිළිකාවත්,
ඩිමෙන්ෂියාවත් හරි-හරියට වගේ අම්මාට පහර දෙන්නට පටන් ගත්තා වෙන්නැති!
ඉතිං, 2023 නොවැම්බර් 15 වෙනිදා මෙලොව හැර යන තුරුමත් අපේ අම්මා ‘යළි එකම එක
වතාවක්වත් හොරණ ගෙදර පිළිබඳව’ කතා නොකළාය; සිහිපත් නොකළාය.
ඒකත් පුදුමයක්... (මතක හැටියට, ඔක්තෝබර් පසළොස්වක දවසේ-
සෝම පුංචිලගෙ දූවරු තිදෙනෙකු පැමිණි වෙලාවේ) ‘ලලිත කලා ඔප කරනා’, ‘සිහින ලොවේ
මිහිර මැවූ මාලී’ වගෙ සිංදු මතකයෙන් ගැයූ අම්මාට ‘හොරණ ගෙදර’ නිකමටවත්; මොහොතකටවත් මතක් වුණේ නැද්ද?
නන්ද හාමුදුරුවන්- ජෝසප් මහත්තයා වැනි උදවියව අපේ අම්මාට මතක් වුණේ නැද්ද?
ඒ මාස හත ඇතුළත එකම එක වතාවක්වත් අපටත් ඒවා සිහි නොවුණු
එකය පුදුමේ!
ඔව්, මටම පුදුමය. ඒක එහෙමදැයි, ඒ මාස හත අළලා ලියැවුණු පහත සඳහන් කරන posts හය
කියවා සොයා බලන්නෙමි.
මවුනි, මා ඔබ රැවටුවා නොවේ! -පළමුවෙනි කොටස
මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
පාරවයි හද වේදනා... - පළමුවෙනි කොටස
පාරවයි හද වේදනා... - දෙවෙනි කොටස
ප්‍රෝඩාරාමය ගැන ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියට ලියන්නට කිසිම අදහසක් මට තිබ්බේ නැත. ඒ අදහස මට පහළ වුණේ, (අපේ අම්මා මිය ගියාටත් පස්සේ) Ian සහෘදයා ‘තිස් එකේදී 33 කොටස’ට එවූ comment එකකට පිළිතුරු ලියද්දීය.
ඒ විත්තිය ‘ප්‍රෝඩාරාමය - පළමුවෙනි කොටසේ’ සඳහන්ව තිබෙයි.
චෙහ්...
ඒ ම්..ම්..මිනිස්සු කවුරුත් වගෙ මගෙත්තෙක්ක නං හි..ත හොඳින් නෙ..වෙ..යි හිටියේ! |
හොරණ ඉඩමටත්
ගෙදරටත් දැන් මොනවද වෙලා තියෙන්නේ? / ජෝසප් මහත්තයා ඒක වෙන කාට හරි විකුණලාවත්ද? /
අම්මා අසනීප වෙච්ච විත්තිය එයාල දන්නැද්ද? / ඒ කවුරුවත් අම්මගෙ අවමඟුලට ආවෙත්
නැහැනෙ. / එහෙම වුණේ නොදන්නාකම හින්දද, නැත්තං කෙළෙහිගුණයක් නැතිකම නිසාද?
“චෙහ්... ඒ ම්..ම්,,මිනිස්සු
කවුරුත් වගෙ මගෙත්තෙක්ක නං හි..ත හොඳින් නෙ..වෙ..යි හිටියේ. දවසක් ඒ එ..කෙ..ක් විස්කි
බා..ගෙ..කුත් අරගෙන ආවනෙ අයියේඒඒඒඒඒඒ, අපේ ගෙ..ද..ර..ට.” සුනිල්ගේ කටහඬ රිසීවරය
දිගේ නැවතිල්ලක් නැතිවම ගලාගෙන එයි. දැනුණු විදිහට නං ඒ වෙලාවේ මිනිහා ‘යන්තං
සන්තං පදං’ පදමේය.
එහෙම වෙලාවට මගේ ලොකු මල්ලියාට ‘භාෂාවක තිත්, කොමා,විරාම ලක්ෂණ’ තියෙන බව අමතක
වෙයි. සමහර වෙලාවට නං එයා කතා කරන්නේ ටෙලිෆෝනයෙන් බවත් අමතක වෙයි; බලංගොඩ සීතගල
ඉඳගෙන මිනිහා කියන දේවල් ටිකක් සද්දෙට කිව්වොත් මහරගම ඉන්නා මට ඇහෙනවා කියලාත් හිතනවා
වගෙය...
ඒ වෙලාවෙත්
එහෙම නැකතකි, උදා වෙලා තිබ්බේ.
“හෙහ්... ඔව්
අයියේ... විස්කි බා..ගෙ..ක..ට සුනිල් දිසානායකව ගන්න පුළුවනි ක්..කියල උන් හිතන්න
ඇත්තේ. එ..ව්ව සු..ම්මා. ම්.ම්..මගෙත් එක්ක එ..ඒ කෙළි බෑ. ඒ වෙලාවෙත් මම චුට්ටක්;
බො..හො..ම චුට්ට්ටක් සප්පායම් වෙලයි හිටියේ. -අරං ය..න..ව හලෝ තමුසෙලගෙ විස්කි-
ඔව් අයියේ... මං උන්ට එහෙම කිව්වා. මම උන්ට කිව්වා, මට විස්කි නැතුවට කමක් නෑ. මට
අරක්කු තියෙනවා කියලා... අරක්කු. ඒකත් නැත්තං කසිප්පු වුණත් හොයා ගන්න පුළුවනි
කියලා... ඊට පස්සේ ඒ එ..කෙ..ක්වත් අප්ප්ප්ප්පේ බෝකුන්දර ගෙදරට නං ආාාාාාවෙ නෑ!”
එයාලා ආවත්, සුනිල්ට
දැනගන්නට විදිහකුත් නෑ නෙව. සුනිල් බෝකුන්දර ගෙදර විකුණලා බලංගොඩට පදිංචියට ගියේ
ඔය කාලයෙදීමනෙ!
‘නිමලෝ, ආයෙමත් වතාවක් හොරණට ගිහිල්ලා ඒ ගෙදර ගැන හොඳට
හොයා බලලා ඉඳින්, සේරටම ඉස්සෙල්ල. අන්න ඊට පස්සේ ප්‍රෝඩාරාම posts සම්පූර්ණ කරහං!’ හැම පැත්තටම දුවන්නට පටන්ගත් මගේ හිත කිව්වා. ‘එහෙම නොකළොත්
වැඩේ complete කිව්වැකියැ.’
‘පිවිතුරු’ පත්තරයේ කර්තෘ අංජන ඉන්ද්‍රජිත්
සහෘදයා ‘දස්කොන් පෙම් කතාව’ පත්තරේට ලියන්නැයි මට කිව්වාම මං කළේ හඟුරන්කෙත පැත්තට
ගිහිං තොරතුරු හෙවිල්ලය. දැන් ගොඩකොට ඇති හඟුරන්කෙත වැවෙන් හොයාගත්, කාන්තාවන්
දියෙහි ගිල්වා මරන්නට භාවිත කළැයි සිතෙන ගල් බරුව දැකගැනීමේ වාසනාව මට ලැබුණේ
එහෙමය!
බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ලට බිලි වෙන්නට ගිහිං, වම් අතත් උරහිසින් පැනපු ජංජාලය ගැන
blog
posts ලිව්වෙත්, ආයෙමත් එහාට ගිහිං ආවාට පස්සෙය.
foto එකක්
දෙකක් ගන්නත් ලැහැස්ති පිට... |
එතන දැන් කවුද ඉන්නේ... කවුද දන්නෙ මාව කොහොම පිළිගනියිද
කියල... ඒ හින්ද පුතෝ, එහාට යනවා නං සූදානං ශරීරෙන් පලයං, තව කවුරු හරි එක්ක!
වැඩියත්ම හොඳයි, හොරෙන් හරි foto එකක් දෙකක් ගන්නත් ලැහැස්ති පිට යන එක. ඔහොම
මරාලෙකට සම්මාදම් වෙන්න ඉඩකඩයි, කැමැත්තයි තියෙන අය වෙන්නත් ඕනිනේ- එක්ක යන්න
වෙන්නෙ.
ඉස්සෙල්ලාම මගේ කල්පනාවට ආවේ දෙන්නෙක් ගැන. නෙවිල්...
එයාට නිවාඩු ගන්න ඉඩක් තියෙන එකක්යැ. අනෙක ඒ හාදයා ඔය කට්ට කයිරාටික වැඩවලට ළාමක
වැඩියි. දෙවෙනියා නං මරු! කැමති වෙයිද මංදා...
මනුස්සය නං නියමෙට මේ වැඩේට ගැළපෙනවා.
‘අර ගල් බරුව’ ගැන කතාව ඇහුවා විතරයි, Pra Jay- අමිල දෙන්නගේ ඕනෑකමටම ඒ ගැන ආපහු හොයන්න අපි කට්ටියම ගියා. අමිල හතර රියන් පුරුෂයා- පොලිස් cut
එක කපල ඉන්න හින්දා දකිනකොටම හිතෙන්නේ පොලිසියේ හරි හමුදාවේ හරි කෙනෙකුයි කියලා. ඉන්නෙත්
හොරණ පැත්තෙමයි.
“අමිල, මට ලොකු උදව්වක් ඕනි..” මං එයාට විස්තරේ කිව්වා. “ඔයා
ආපහු ඔස්ට්‍රේලියාවට යන්න කලින් මේ වැඩේ කෙරෙනවා නං කෙරෙන්න ඕනි. හැබැයි රජෝ, ගුටි
කන කෙළියක්. ගහන්න ආවත් මට නං ගහන එකක් නෑ, මේ මොන පඟර නැට්ටෙක්ද කියල... ඔයාව නං දැක්ක ගමන් හිතයි හමුදාවේ
කියලා. ඒ නිසාමයි ඔයාට කතා කරන්නේ. අනෙක ඔයාගේ වාහනෙත් තියෙනවනෙ...”
“හරි ලොක්කා යමු! කවදද ඔයාට යන්න ඕනි?” සිරිබිරිස් උන්නැහේ
එක විඩේම කියපි. (Blog ලියන්න ගත්තු හින්දා සිද්ද වෙච්ච ලොකුම වාසිවලින් එකක් තමයි,
අමිල නොහොත් සිරිබිරිස් උන්නැහේ හඳුනාගන්න ලැබුණු එක. ඒ ලැයිස්තුවේ තවත් ඉන්නවා, හොඳේ...
අමිල එයින් විශේෂ වෙන්නෙ වතාවක් ලංකාවට ආව ගමන්ම, අහසින් කඩා වැටුණා වගේ අපේ ගෙදර
හොයාගෙන ආපු එකයි!)
“නිමල් අයියේ, එතකොට තව කවුද යන්නේ?”
“මගේ හිතේ තියෙන්නේ නං අමිල, අපේ තවත් බ්ලොගර් කෙනෙක් ගැන. නමී... දන්නවනේ නමියා.”
ඒ දෙන්නාව එකිනෙකාට හඳුන්වලා දුන්නෙත් මං වහන්සේ.
“හැබැයි ලොක්කා, නමියව දැක්කම නං නොගහන එකෙකුට වුණත් අම්බානක නෙළන්න හිතෙයි. පව්,
අසරණයා... ඒකට නං ගුටි කාලා දරාගන්න තරං ඇඟක්වත් නැහැනෙ...”
“මම තවම නමීට කිව්වෙ නෑ, අමිල. දවස තීරණේ කරගත්තම නමීට කියන්නං. බෑ කීවොත්- ඊළඟ
ඔප්ෂන් එක මර්වින්...”
අපේ ‘Mission of Finding ප්‍රෝඩාරාම’ සැලසුම් කෙරුණේ
එහෙමය!
ඒ සැලැස්ම ක්‍රියාවට නැංවුණු හැටි ‘ප්‍රෝඩාරාමය 14’ පෝස්ටුවෙන්....
මගේ කමෙන්ට් එකක් ගැනත් තියෙන නිසා තව කමෙන්ට් එකක් දැමිය යුතුමයි. හැම මනුස්සයගෙම හොඳ නරක දෙකම තියෙනවා. කියවපු දේවලින් තේරුනේ නිදී ගෙ අම්මයි තාත්තයි තරමක් කළු චරිත. ඒත් නිදී සහ සහෝදර සහෝදරියො වැඩිපුර සුදු චරිත. බොහෝ විට ගෙදරට වඩා සමාජයෙන් අභාශය ලබපු නිසා වෙන්න ඇති.
ReplyDeleteස්තුතියි ඉයන් මහත්තයෝ,
Deleteමට නම් තවමත් අපි අපිව තේරුම් ගන්න අමාරුයි!
//නමියව දැක්කම නං නොගහන එකෙකුට වුණත් අම්බානක නෙළන්න හිතෙයි// අනෙ අම්මප. මුන්දල මංවහන්සේට කියන කතා
ReplyDeleteනමී, අපි තමුන්නාන්සේ ගැන කියපු කතාවලින් ශේෂයයි ඔය!
Deleteis this Joseph, Joseph Cooray?
ReplyDeleteනෑ මහත්තයෝ, ඒ මහත්තයාගේ නම ජෝෂප් නෙවෙයි. නියම නම හංගල මමයි ඒ නම දැම්මේ. මොකද ඒ මහත්තයාගේ පැත්තෙන් කියන්න තියෙන කතාව මමවත් හරියටම දන්නෙ නැහැනෙ.
Deleteකතාව නගලම යනවා....
ReplyDeleteඅම්ම නැතිවෙලා ගොඩක් දවස් ද
ලංකාවේ හිටිය නම් මමත් එනවා ඔය ආරාමේ බලන්න..
ඊලග කොටසත් ඉක්මනින් ලියන්න....
අම්මා නැතිවුණේ 2023 නොවැම්බර් 15 වෙනිදායි ලලිත්!
Deleteඊළඟ කොටස ලියන්න ගන්න වෙන්නේ හෙටයි, Trip එකක් ගිහිං ආවේ ඊයේ රෑ. තාම මහන්සියි.
නියමයි. එක හුස්මට කියෙව්වා. නමියව අරං ගියේ නියවගන්නද?😂
ReplyDeleteනමිනං උන්නැහේව එක්කං ගියේ (හොරෙන් හරි) foto දෙකතුනක් ගන්නයි, බස්සා මහත්තයෝ.
Delete//ගල් බරුව දැකගැනීමේ වාසනාව මට ලැබුණේ එහෙමය//
ReplyDeleteනිමල්ගෙ අනික් වාසනාව නෙවිල් මේකෙ කමෙන්ට් නොකරන එක
අපොයි ඔව්!
Deleteදැන් නෙවිලුත් මටවදිය Pra Jay මහත්තයල එක්ක එකතුයිනේ, මට කාඩ් ගහද්දී....
කියෙව්වා - අජිත්
ReplyDeleteගොඩක් ස්තුතියි!
Delete