ලජ්ජාවෙන් වුණත් ඇත්තම කිව යුතුය. 2004 වෙද්දී මං ‘කෝපි මේසේ උඩ තියෙන පොත්’ ගැනවත් ‘කෝපි මේස’ ගැනවත් හංකාවිසියක් දැනගෙන උන්නේ නැත! Coffee Table Book කියන වචන ටික පළමුවෙනි වතාවට, මගේ කණට වැටුණෙත් එදා මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා කියල දුන්නාමය.
2004
වෙද්දී මං ‘කෝපි මේසේ උඩ තියෙන පොත්’ ගැනවත් ‘කෝපි මේස’ ගැනවත් දැනගෙන උන්නේ නැත! |
“කෝ නිමල් කළු මහත්තයා?”
පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයට සුනිල් සර් එන්නේ
හෙමින් හෙම නොවේ. ඊගහ වගෙය. කලාතුරකින් හරි එහෙම ආවෙත් ‘කඩදාසිය ළිපේ දාල වගේ’
කඩිසරකමෙනි. එදාත් එහෙමය.
“කළු මහත්තයා නෙවෙයි සර්, සුදු මහත්තයා...” මං හැකිතාක් සංවරව කිව්වේ සිනාව හිර
කරගෙනය.
“එයා කොහෙද සුදු? එතකොට සුදු අයට කොහොමද කියන්නෙ... හැබෑට, කෝ ඒ සුදු
මහත්තයා.” සුනිල් සර්ටත් හිනාය.
සුදු මහත්තයා කිව්වාට පියසිරියේ හිමිකරු ප්‍රියදර්ශන පෙරේරා මහතා සුදු නැත.
තදම කළු කළුදෑවෙකුත් නොවුණාට උන්නැහේ තද පැහැතිය. මං හිතන්නේ ඒ පවුලේ දරුවන්
පස්දෙනා අතරෙන් තරමක් හෝ ළා පැහැති සමකට උරුමක්කාරයා වුණු බැවින්- ඔහු සුදු
මහත්තයා වූවා විය යුතුය.
එදා සුදු මහත්තයා එක්ක ටික වෙලාවක් සාකච්ඡා කරමින් හුන් සුනිල් සර්, ඊළඟට
මගේ මේසය වෙතට ආවේය. “අපි ලොකු වැඩක් කරන්නයි යන්නේ...” සුනිල් ආරියරත්න
මහාචාර්යතුමා කිව්වේ සුදු මහත්තයගේ දිහාවටත් හැරෙමිනි.
“ලංකාවේ හොඳම සිංහල කොෆී ටේබල් බුක් එකක් ගහන්නයි යන්නේ... මම ප්‍රියදර්ශනටත්
කිව්වා. මං නිමල්ව එක්ක යන්නං මිස්ටර් කොළඹගේ ළඟට. නිමල්ට තියෙන්නෙ කොළඹගේ
මහත්තයත් එක්ක එකතු වෙලා අඩුම ප්‍රින්ටින් කොස්ට් එකකින් මේ පොත ගහන්න පුළුවන්
විදිහක් හදල දෙන්න. ඔයාලගේ සුදු මහත්තයාමයි කිව්වේ, ඒ වැඩේට සුදුස්සා නිමල්ය
කියලා...”
“හොඳයි, සර්!”
“එහෙනං මම කොළඹගේ මහත්තයත් එක්ක වෙලාවක් දාගෙන කියන්නං. ඉක්මනටම. හෙටම යන්න පුළුවන්
වුණොත්...”
මගේ මතකය නිවැරදියි නං, ඒ වෙද්දී ගුණසිරි කොළඹගේ මහතා පියසිරියට ඇවිත්
තිබ්බේ නැත. අප ඒ පොත අච්චු ගැහුවායින් පස්සේය, එතුමා පියසිරියෙහි ගනුදෙනුකරුවෙකු
වුණේ.
සුනිල් සර් පසුවදාම එන බව කියා- එතුමා සමඟ කොළඹගේ මහතා හමුවන්නට යෑම සඳහා
සූදානමින් ඉන්නැයිද මට දුරකථනයෙන් දැන්වූයේය. එවිටත් මා කොළඹගේ මහතා ගැන දැනගෙන
උන්නේ කාරණා දෙකක් විතරය.
1. ඔහු චිත්‍රකතාවකුත් ඇන්ද කෙනෙකි. ඒ සරසවිය සිනමා පත්තරයටය. ඒ විස්තරය ‘සතුටේ ‘සතුට’ සොයන ගමන්.... post එකේදී ලියා ඇත.
2. ශ්‍රී ලංකාවට ඕෆ්සෙට් මුද්‍රණ
ශිල්පය එන වකවනුවේ; පළමු සිංහල foto සෙටර් යන්ත්‍රයට පරිගණක අකුරු සකස් කිරීමේ
පුරෝගාමියා මේ කොළඹගේ මහතාය. (මා ඒ විත්තිය කියවූයේ 1984 නොවැම්බර් ‘කල්පනා’ මාසික
සඟරාවෙනි. ඊටත් වඩා විස්තර කොළඹගේ මහතා පසු කලෙක මට කීවේය!)
මං වහන්සේ
වැස්ස වෙලාවකටවත් මුද්‍රණ පාසලකට ගොඩවැදී නැත. මා ප්‍රින්ටින්වලට වැටුණෙත්
අහම්බෙනි. |
අප එනතුරු බලා සිටියේ කොළඹගේ මහත්තයා
විතරක් නොවේ; ඔහුගේ ආදරණීය පුතණු ප්‍රසන්නත්...
ඒ ගැන වෙසෙසින් කිව්වේ නිකම්ම නොවේ. එදායින් පසු මට කොළඹගේ මහතා හමු වුණේ කොතැනකදීද
ඒ හැම තැනකදීම ඒ තාත්තාත්- පුතාත් දෙන්නාම එකට දැක ගන්නට ලැබුණු බැවිනි. ඒ දෙන්නා
ඒ තරමටම සමීප පාටය.
“මෙහෙමයි නිමල්. මේක කොෆී ටේබල්
බුක් එකක්නේ. වැඩියෙන් තියෙන්නේ පින්තූර. විස්තර ටිකයි. ඉස්සර ගත්ත ගොඩක් පින්තූර black
& white. කලර් ෆොටෝසුත් තියෙනවා... අපි ඉස්සෙල්ලම පොතේ විදිහ බලල ඉඳිමුකො...”
හමු වුණු පළමු දවසෙම වුණත් ගුණසිරි මහතා මට පෙන්වූයේ දැඩි කුළුපග ගතියකි. එතුමා
අතිශය නිහතමානීව පොතේ ඩමිය මට පෙන්වමින් විස්තර කිව්වේය.
එතෙකින් නොනැවතී ඒ වෙද්දීත් සකසා තිබුණු පිටු, විශාල පරිගණකයේ තිරයෙන් පෙන්වමිනුත්
තොරතුරු කිව්වේය.
“මේකයි නිමල්, මෙහෙම පොත් සිංහලෙන්
අච්චු ගහලා නැතිම තරං. වැඩේ තියෙන්නෙ පොතක් ගහන එකේ නෙවෙයි, මිල කරන එකෙයි. මෙහෙම පොතක්
වුණත් දෙන්න ඕනි පුළුවන් තරම් අඩු ගණනකටනේ... එහෙම කරන්න නං පොත print කරන්න යන
වියදම අවම කර ගන්න වෙනවා. අපි කොහොමද එහෙම කර ගන්නේ?”
ඇත්තෙන්ම මට තිබුණේ අත්දැකීමෙන්
ඉගෙනගත් මුද්‍රණ ශිල්පීය දැනුමකි. මං වහන්සේ වැස්ස වෙලාවකටවත් මුද්‍රණ පාසලකට
ගොඩවැදී නැත. මා ප්‍රින්ටින්වලට වැටුණෙත් ඉතාම අහම්බෙනි.
නමුත්, අභියෝගවලට මුහුණ පාන්නට බිය නොවන
ගතියකුත්- තැනේ හැටියට ඇණේ ගහන්නට හැකි නුවණකුත්- යම්කිසි වාසනා මහිමයකුත් මට
තිබුණු නිසාදෝ... දසක ගණනාවක් තිස්සේම ප්‍රින්ටින්වලට ඔරොත්තු දීගෙන හිටින්නටත් මට
හැකි වුණේය.
“මෙහෙමයි සුනිල් සර්. අපිට කොස්ට්
එක අඩු කර ගන්න වෙන්නේ ප්‍රින්ටින් පැත්තෙන්. ඉම්ප්‍රෙෂන්ස් ගණන අඩු කර ගන්න පුළුවනි
නං...”
(මුද්‍රණ කර්මාන්තයේදී ඉම්ප්‍රෙෂන්
එකක් කියන්නේ එක් මුද්‍රණ වාරයකි. ඕෆ්සෙට් ක්‍රමයේදී ඒ එක වාරයක් මුද්‍රණය කරන්නට
වුවත් සාදා ගන්නා මුද්‍රණ තහඩු (plate) සවි කර මැෂින් එක සූදානම් (make ready)
කරගත යුතුය. ආදර්ශ කිහිපයක් මුද්‍රණයකොට බැලිය යුතුය. තීන්ත- වතුර ආදිය නිසි පරිදි
ලැබෙනසේ මැෂිම සකස් කළ යුතුය. ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගත වෙයි. එසේ මැෂිම
සකසාගත් පසුව කඩදාසි දාහක් අච්චු (ඉම්ප්‍රෙෂන්ස් දාහක්) ගහන්නට පැයක් ගත වෙන්නේ
නැත!)
මේ
වැඩේ බොහොම ලස්සනට කරන්න වෙනවා |
“කොහොම print කළත් රජෝ, මේ lay out එක නං ආයේ වෙනස් කරන්න බෑ! බොහොම ලොකු කට්ටක් කාලයි
මේ තරමට වුණත් ගත්තේ.”
“නෑ නෑ කොළඹගේ මහත්තයෝ. මං හිතුවේ පුළුවන් තරම් 4 කලර් පිටු එකට print කරලා ගන්න
විදිහක්... 2 colour පිටු වෙනමයි ගත්තොත් ඉම්ප්‍රෙෂන්ස්
ගණන අඩු කර ගන්න... සුනිල් සර්, පොත සෙක්ෂන් බයින්ඩින් කරල නේද හදන්නේ... මහලා...”
“ඔව්, ඔව්! මහල හාර්ඩ් කවර් කරලා...
ජැකට් එකකුත් දාන්න ඕනි!” සුනිල් ආරියරත්න මහත්තයා බරකොට කීවේය. “මම ප්‍රියදර්ශනටත්
කිව්වා, මේ වැඩේ බොහොම ලස්සනට කරන්න වෙනවයි කියලා- ඉක්මනටත්. අප්‍රේල් පස්වෙනිදට
පොත එළිදක්වන්නත් තියෙනවා, ලෙස්ටර් මහත්තයාගේ උපන් දිනේදී...”
එතකොට මට කොම්පියුටරයක් තිබුණේ
නැත. මං ඉන්ටර්නෙට් යන්නට දැනගෙන උන්නෙත් නැත. එහෙම නොවුණා නං එදාමය, මේ නිමල්
දිසානායකයා අන්තර්ජාලයෙන් Coffee Table Books ගැන විස්තර හොයන්නේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ගැන නම් ගුවන් විදුලියෙන්, පත්තරවලින්, සිනමා
සඟරාවලින්, රූපවාහිනියෙන් අනන්තවත් විස්තර අසා; කියවා; දැකලා; තිබුණ එකනෙ!
අන්තර්ජාලයේ තොරතුරුවලට අනුව
Coffee Table Books කියන්නේ ෆොටෝස් හා රූප සටහන් වැඩියෙන් ඇති- කියවන්නට දේ
අඩුවෙන් ඇති පොත් වර්ගයකටය. ඒවා තබන්නේ නිවසක විසිත්ත කාමරයේ කෝපි මේසය මතය!
සාමාන්‍යයෙන් ‘කොෆී ටේබල් බුක්ස්’
ප්‍රමාණ තුනකින් ඇතැයි ජාලයේ කියා තිබිණි. Square, Portrait හා Landscape.
සුනිල් සර් අදහස්කොට තිබුණෙත් ‘ලෑන්ඩ්ස්කේප්’
වර්ගයේ පොතක් ලෙස ‘ලෙස්ටර්’ කෘතිය අච්චු ගස්සවන්නටය. පොතේ දිග අඟල් 11 ¾ කි. පළල අඟල් 11කි.
“පොත ගහන්නේ මැට් ආර්ට් පේපර් කඩදාසියේ.
පොඩි පොතකුත් නෙවෙයි. පිටු දෙසීයක්!”
මම ඒ වෙලාවේම අවශ්‍ය කෙරෙන දත්ත ලියා
ගත්තෙමි.
කළු පාටින් විතරක් print කරන්නට
තියෙන පිටු; 1, 2, 3, 4, 5, 6, 7, 9, 15, 16...
4 colour පිටු: 8, 10, 11, 14...
2 colour පිටු: 12, 13, 17, 18, 19, 20...
“ඔහොම ලියාගෙන...”
“Press එකට ගිහිං මම ඩමියක් හදා ගන්නයි යන්නෙ, කොළඹගේ මහත්තයෝ. ඊළඟට තමයි බලන්න
ඕනි impressions අඩු කර ගන්න විදිහ...”
“මම ඉතිං ඇඩ්වටයිසින් මිසක් printing side එක ගැන දන්න මිනිහෙක් නෙවෙයිනෙ නිමල්.
අනිත් දවසේ ඔයා හදාගෙන එන plan එක බැලුවම මටත් බැරිය, රෆ් අයිඩියා එකක් ගන්න.”
ඉස්සර
තිබ්බා අලියා ඔරේන්ජ් බාර්ලි කියල බීමක්! (දැනුත් තිබේ!) |
ඉතිං, එදා හවස් වරුවේදීම මට ඒ
රාජකාරියට කර ගහන්නට වුණේය.
“සුනිල් එක්ක ලේ..සි..යෙ..න්
බේරෙන්න බෑ, නිමල්. පහුගිය ටිකේම මිනිහා කුකුළත් අතින් අරං මෙහෙ ආවේ. කොහෙන් හොයා
ගත්තද මන්දා. කසිකබල් පරණ ෆොටෝස් තොගයක් එහෙමත් උස්සගෙනයි ආවේ. ඇයි, ඉතිං ඒ කාලෙ
ගත්තු foto වෙන්න ඇතිනෙ... හැබැයි එච්චර පින්තූර ගොඩක් හොයා ගත්තට සුනිල්ට වෙ..න..ම
තෑග්ගක් දෙන්න වටිනවා. පුළුවන් තරං මහන්සි වෙලා ඒවාත් හදල තමයි මේ පොතට ගත්තේ...”
නොමසුරුව සංවාදශීලී වෙන කොළඹගේ මහත්තයා පසුවදා මට කීවේය.
ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මාව එහාට
ඇරලවා ගියාට පස්සෙය.
එදාත් මට පළ දුන්නේ ‘හොඳින් සවන් දෙන්නෙකු වීමේ පුණ්‍ය මහිමය’යි.
ලෙස්ටර් පොතේ මුද්‍රණ සැලසුම ගැන සාකච්ඡා කරනවාට වඩා වැඩි වෙලාවක් ගත වුණේ ඉතා
රසවත් අතීත සැමරුම් හෙළිදරව් කරන්නටය!
‘”ඒ කාලෙ නිමල්, advertising
කියන්නේ හොඳ field එකක්. හොඳට ගෙව්වා, වැඩක් කෙරෙනකොට හොඳට වියදම් කළා. ඔයා අහල
ඇතිනෙ xxxx xxxxx ගැන... හරි ෂෝක් කැමරාමන්!”
“ඔව් කොළඹගේ මහත්තයා. ඔය කිව්වේ xx xxxxxගේ අයියා නේද? මට එයාව හම්බවෙලත් තියෙනවා.”
“අන්න මි..නි..හා! මරු ෆොටෝග්‍රැෆර්...
එයාට දැන්වීමකට ගන්න ඕනේ වෙලා තිබ්බලු කතරගම පූජා කෙරෙන මල් වට්ටියක ෆොටෝ එකක්. ඕක
මෙහෙදීම ගන්න තිබ්බනේ නිමල්. ඒ මනුස්සය වාහනයක් දාගෙන කතරගමටම ගිහිල්ලා තමයි මල්
වට්ටියේ foto එක අරගෙන තියෙන්නේ! ඔන්න ඒ කාලෙ වැඩ....” කොළඹගේ මහත්තයාට හිනා
වෙන්නට එක කටක් මදිය!
“මං කියන්න හැදුවේ වෙන දෙයක්...
කිව්වේ එක දෙයක්... ඒකත් ඔයාට කියල ඉන්නංකො... ඊට පස්සේ අපේ වැඩේ...” ඔළුව හොලවලාය
මං එකඟත්වය පෙන්නුවේ.
“ඉස්සර තිබ්බා අලියා ඔරේන්ජ්
බාර්ලි කියල බීමක්. ලංකාවේ ඈත ඈත පලාත්වල හිට ස්ථාපිත වෙලා තිබ්බ බීම ජාතියක්...”
“එලිෆන්ට් හවුස් එකෙන් ගැහුවේ...”
ඒ කාලෙ
ගමේ මිනිස්සු ගෙදරට බඩු ගන්න පොළට ගියාම අලියා බීම බෝතලයකුත් බීලයි ගෙදර එන්නේ... |
-ඒ දවස්වල මිනිස්සු පත්තර කියවනවා
අඩුයිනෙ. ලොකු බෝඩ් ගැහුණෙත් බොහොම කලාතුරකින්. වැඩියෙන්ම කෙරුණේ පොඩි ටින් plate
එකක් කඩවල්වල හයි කරන එක. ඒ ටින් ප්ලේට් එකේම පැත්තෙන් අඟලක විතර තීරුවක් නවල
තියෙනවා, ඒක කඩේ බිත්තියට තියලා ඇණ ගහන්න.
-ඔය plate එකේ දෙපැත්තේම විකුණා ගන්න
ඕනි කරන ජාතිය ගැන කියන දැන්වීම print වෙලා තිබ්බා.”
නොඉවසිල්ලෙන් වුණත් මට තවත් ටික වෙලාවක් කොළඹගේ මහත්තයාගේ හිනාවට ඉඩ දී බලා ඉන්නට
වුණේය. දැන් එයා වචනයෙන් විස්තර කරනවා විතරක් නොවේ. දෑතිනුත් අභිනය පාමින්
පෙන්වයි.
“අර ටින් ප්ලේට් එකේ තියෙනවා Orange
ක්‍රෂ් බෝතලයක්... ලස්සනට කහ පා..ට..ට. ඒ බෝතලේ උඩ ඉඳලා පහතට යනකල් බෝතලය ව..ටේ..ට
එතිච්ච ලස්සන දොඩම් ලෙල්ලක්. බොහොම ආර්ටිස්ටික් වැඩක්!
ඉතිං, ඒ ටින් ප්ලේට්ස් ගම්වල කඩයක් කඩයක් ගානේ හයි කරගෙන ගියා. වැඩේ කියන්නේ
නිමල්, සිංහයා බීම විකිණි විකිණී තිබිච්ච ටිකත් පාත බැහැලා...
-මොකක්ද දන්නවද වෙලා තිබුණේ?
ගම්වල මිනිස්සු කියන්න පටන් අරං ‘ඒ බීම හදල තියෙන්නෙ දොඩම් ලෙලිවලින්... කිසි
ගුණයක් නැති ඒක සල්ලිත් දීල අරගෙන බොන්න ඕනයැ’ කියල.”
ඒ දවස් කීපයේ පාදා ගන්නට ලැබුණු ‘පැරණි
මිණි මුතු’ කොතෙක් රසවත්ද? ඒ නිසාම ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගත්තායින්
පසුව යළිත් වතාවක් මම (2019 අප්‍රේල් මාසයේ 5 වෙනිදා) කොළඹගේ මහතා හමුවීමට ගියෙමි.
(හිතවත් ගවීන් මා හා එහි ගියේය. පැය දෙකහමාරකටත් වඩා දිගු වූ අපේ රසබර සංවාදය
ගවීන් පටිගත කළේය. එයින් කොටසක් ‘සතුටේ සතුට...’ posts ලියද්දී ප්‍රයෝජනයට ගත්තෙමි.
කෝපි මේස පොත ගැන මේ posts කිහිපය ලියනවිටත් ඒ සාකච්ඡාවෙන් කොටසක් උපයෝගී කර ගන්නා
විත්තිය 2022දී කොළඹගේ මහත්තයාට කීවෙමි.
සුබ ගමන්-
කොළඹගේ මහතාණෙනි! |
-අවුරුදු ගණනාවක් තිස්සේ ලියන්නට
පෙරුම් පුරමින් හිටි, මේ පෝස්ටු දෙක-තුන හදිසියෙන්ම මෙසේ ලියැවෙන්නේ ඉකුත් සතියේ
දවසක දැනගත් ශෝකජනක පුවතක් නිසාය.
අර පොරොන්දුව ඉටු කරන්නට- සිනාකමින් රසකතා වගුරන්නට... ඒ හිතවතා; ගුණසිරි කොළඹගේ
මහතා දැන් නැත! ඔහු සදාකාලික නින්දට පිවිසීලාය.
සුබ ගමන්- කොළඹගේ මහතාණෙනි!
ඔබ හා කෙරුණු; අවුරුදු 5ක් පරණ සාකච්ඡාවක්
උදව්වට ගනිමින්- ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින්, මේ පෝස්ටුවේ දෙවැන්නත් ලියන්නෙමි.
අර පොත ප්‍රින්ට් වෙච්ච විදිහ - මං කිව්වෙ අවසාන වුණ විදිහත් ඉතිරි එකේ ලියන්න.
ReplyDeleteඔය ඔරෙන්ජම් බාර්ලිය තමා ඔය තිබුණ බීම වලිං රහම එක. අදටත් පරණ වයසක අයගෙං ඇහුවොත් ඉතිං ඔරෙංජං බාර්ලි තමා. ඒ දවස් වල ඒ තරං රහක් දැනුණ. දැං තැනිං තැන තියේ. ඉස්සර මතකෙට අරං බිව්වට එච්චර රහක් නෑ වගේ.
සමහර විට අපේ හිතේ පැළපදියම් වෙලා තියෙන රහ අපිට දැනෙන්නැතුවද නැත්නම් ඒ කාලේ අපිට දැනුන රහ අවස්ථාවත් එක්කම දරනුන දෙයක් නිසා වර්තමාන ඉන්සිඩන්ට්ස් එක්ක කම්පෙයා වෙනවද කියන එක තමයි මගේ තියෙන ගැටළුව.
ලංකාවේ පොත් කර්මාන්තය ඇදගෙන යන්නේ ඒ කර්මාන්තයේ ඉන්න කැහිල්ල තියෙන කීපදෙනෙක් නිසා මිසක් ඇත්තටම ඒක මහ ලොකු බිසනස් එකක් නිසා නෙවී කියලමයි මගෙ අදහස. මම මේ කියන්නෙ වර්තමාන කාලය ගැන. අතීතයේ හොද පොත් ප්‍රකාශන කර්මාන්තය ක් තියෙන්න ඇති. ඒත් අපිට පේන හැටියට මිනිස්සු පොත් වලිං ඈත් වෙනව. ලොකුම කාරණාව තමා වියදමත් එක්ක පොතකට යන ගාණ දරාගත නොහැකි විදිහට වැඩි වෙලා තියන එක.
ඔරෙන්ජං බාර්ලී, පෝටෙලො බිව් කාළේ
Deleteපිච්චිය අතේ නැති, සතුටින් හිටි බාලේ
අද ඒ රසය එන්නේ නැහැ ඇයි රාළේ
නොස්ටැල්ජියාවට බැඳි බස්සගෙ ආලේ
ඔෞරෙන්ජං බාල්ලි 🤭
Deleteඅපි හරි වයස මිනිස්සු බලං ගියාම
Deleteදෙවෙනි කොටසෙදී ඒවා ලියනවා මහේෂ් මහත්තයෝ.
Deleteපස්සේ කාලෙක ආවා පැෂෝනා හරි ඔරේන්ජ් ෂැරෝනා හරි කියලා බීමන්. ඒක වඩා රසට දැනුනා මට නං.
ලංකාවේ පාලක පැලැන්තිය කැමති නෑ මිනිස්සු පොත-පතට හුරු වෙනවට. කොච්චර ඉල්ලීම් කෙරිලත් කඩදාසි- මුද්‍රණ කටයුතුවලට බදු අඩු නොකරන්නේ ඒකයි!
අසීරුවෙන් ලැබ ගත්දේ ඉමිහිරිය
Deleteඅමාරුවෙන් ලැබ ගත්දේ රසවත්ය
ඇති හැකි නිසා දැන් හිතු දේ ගත හැකිය
එනමුදු මිහිර -රස දැනෙනුයෙ අඩුවෙන්ය
එහෙම නේද බකුසුතුමෝ?
නමියෝ, ස්තුතියි වැදගත් කාරණාවක් කියන්න සැලැස්සුවාට. හුඟ දෙනෙක් වරද්දල ලියන එකක් තමයි ඖෙ අකුර.
Deleteඑකට කොම්බුවක් අවශ්‍ය නෑ. ඖ කියල ලිව්වම හරි!
//අපි හරි වයස මිනිස්සු බලං ගියාම//
Deleteමහේෂ්, වචන දෙකක් අඩුයි නේද... 'හිතෙන් තරුණ'
ඉස්සර කොෆී ටේබල් පොත් බලන්නෙ ආසාවෙන්. විශේෂයෙන් සත්තු, පරණ ගොඩනැගිලි වගේ. දැන් ඉන්ටර්නෙට් එකෙන් පින්තූර දැකලම පොත්වල පින්තූරවලට ආසාව අඩුවෙලා. තාම ආසාවෙන් බලන්නෙ පරණ දුර්ලබ පින්තූර හෝ අලුත් ස්කෙචස් තියනවනම් විතරයි
ReplyDeleteසත්තකින්ම Pra Jay මහත්තයෝ. මමත් ඔයා එක්ක එකඟයි.
Deleteහුම්.....
ReplyDeleteබුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
Deleteමේ සන්හිඳේ මල කෙළියකි සවස් ක ල
පෂා බොෂා, නමියගෙ සඤ්ඤකත් බ ල
මේවා දැකලා බෂ්ෂට පනිනවා ම ල
බප්ෂගෙ කයි සිත ඇවිස්සිලා වගෙ හිටං... 🙈
Deleteඑතුමට සුබ ගමන් ප්‍රාර්ථනා කරනව !
Deleteමාත්‍රා ගණන් හරියට යොදා ඇතී
Deleteඑළිවැට හෙමත් නියමෙට පිහිටුවා ඇතී
කවියක් බකුසු මහතාණන් ගොතා ඇතී
නමියෝ ඔයා හරි 'කවි සිත පිබිද ඇතී'
අද කතාව හොඳයි. කොහොමත් අනුන්ගෙ අත්දැකීම් වලට වඩා, නිදි තමන්ම අත්දැක්ක දේ ලියනකොට ලස්සනයි.
ReplyDelete//මා ප්‍රින්ටින්වලට වැටුණෙත් ඉතාම අහම්බෙනි//
එතන ලින්ක් එකට ගියා, ඒත් ඒ කතාව , මේ වගේ ලස්සනට ලියවිලා නෑ. ඒක ඔරේන්ජ්ං බාර්ලි, ලෙමන් පෆ් නැති මල ගෙදරක් වගෙයි. 😋
ආයෙ ඔෆ් සෙට්, ලෙටර් ප්‍රෙස්, foto සෙටර් යන්ත්‍ර පිංතූර සහිත "කොෆී ටේබල් බුක්" ඉට්ටැයිල් පෝස්ට් එකක් ලියමුද?🙏 ආ!, ඔව්, ඔව්! මහල හාර්ඩ් කවර් කරලා... ජැකට් එකකුත් දාන්න ඈ?😁
ඕක කියද්දී මට මතක් උනේ මට මතකයි පොඩි දවස්වල මළ ගෙදරක් උනහම පාංශකූල වෙලාවට හාමුදුරුවෝ ඉස්සරහින් පෝලිමට බාර්ලි බෝතල් ටිකක් තියලා තියෙනවා. ඇත්තටම බාර්ලි බෝතල් කිව්වට එක එක පාරට බීම බෝතල් . ඒ උනාට පොදුවේ මිනිස්සු ඔක්කොම එකට කිව්වේ බාර්ලි බෝතල් කියලා. ඔය ඔරෙංජං බාර්ලි වල ජනප්‍රියත්වයට හොඳ උදාහරණය ක් ඒක. මොකද කවුරු කොහෙ ගිහිං මොනා ඇහුවත් ඉල්ලුවෙ බාර්ලි බෝතලයක් කියල මිසක් එකේක වෙන නං වලිං නෙවී.
Deleteඕක කියද්දී මට මතක් උනේ මට මතකයි පොඩි දවස්වල මළ ගෙදරක් උනහම පාංශකූල වෙලාවට හාමුදුරුවෝ ඉස්සරහින් පෝලිමට බාර්ලි බෝතල් ටිකක් තියලා තියෙනවා. ඇත්තටම බාර්ලි බෝතල් කිව්වට එක එක පාරට බීම බෝතල් . ඒ උනාට පොදුවේ මිනිස්සු ඔක්කොම එකට කිව්වේ බාර්ලි බෝතල් කියලා. ඔය ඔරෙංජං බාර්ලි වල ජනප්‍රියත්වයට හොඳ උදාහරණය ක් ඒක. මොකද කවුරු කොහෙ ගිහිං මොනා ඇහුවත් ඉල්ලුවෙ බාර්ලි බෝතලයක් කියල මිසක් එකේක වෙන නං වලිං නෙවී.
Deleteමට හිතෙන්නේ මහේෂ්, ලංකාවට මුලින්ම හඳුන්වා දුන් සිසිල් බීම වර්ගය ඔරේන්ජ් බාර්ලි වෙන්නැති කියලා. ඒ නිසා වෙන්නෝනි බාර්ලි කියන පොදු නම මිනිස්සුන්ගේ හිත්වලට කිඳා බහින්න ඇත්තේ.
Deleteබස්සා මහත්තයෝ, ඔයාගේ යෝජනාව මතකේ තියා ගත්තා.
Deleteමමයි ඉනෙස් නුයි ලන්ඩන් පිකඩිලි පැත්තේ ගියොත් අනිවාර්යයෙන් කෝපි බොන්න යන තැන් දෙක තුනක් තියනවා. එකක් පිකඩිලි වල මිසෝන් ඇසුලින් (ඇසුලින් ගේ ගෙදර) කියන තැන. එතන කෝපි , බොන්න ද්රින්ක් එකක් ගන්න ගමන් කොෆි ටේබල් පොත් බලන්න පුළුවන්. සමහර පොත් පවුම් තු හාරසියේ සිට දෙදාහට වැඩි ඒවත් තියනව නිදි ගිහින් තියෙනවද දන්නේ නැහැ. https://www.maisonassouline.com/
ReplyDeleteඅජිත් මහත්තයෝ, මෙහෙ කොෆී ෂොප්වලටත් බොහොම මිල අධික කොෆී ටේබල් පොත් දැම්මොත් කොහොම වේවිද කියලයි මට හිතුනෙ....
Deleteඑංගලන්තේ කොෆී ෂොප් එකකට යන අවස්ථාව මට හම්බ වෙලා නෑ, අජිත්.
ඕකේ පොඩි අවුලක් තියෙනවා.....
ReplyDelete//පියෝ බෙවරේජස් කොම්පැනියත් හැදුවා බීමක්- ඔරේන්ජ් ක්‍රෂ් කියලා// ඔරේන්ජ් ක්‍රෂ් කියන්නෙත් එලිෆන්ට් හවුස් එකේ එකක්.... මම හිතන්නේ ඔය කියලා තියෙන්නේ ඔරෙන්ජ් ෂැරෝනා (Orange Sharona) එක ගැන..... මේකට ෆොටො එකක් දාන්න පුලුවන්නං මම මේකට අමුනන්නං
ඔව් මටත් මතක විදිහට ඔරේන්ජ් ක්‍රෂ්, ක්‍රීම් සෝඩා එලිෆන්ට් හවුස් නිෂ්පාදන. තව තිබ්බා ලිංගුස් කියල එකක්, තනිකරම මස් කරල.😁
Deleteස්තුතියි සූටික්කෝ, කොළඹගේ මහතාට ඔය නම් පැටලෙන්නට ඇති. ඒවා නිවැරදි කරන්නට තරං දැනීමක් මටත් නැහැනෙ, මොකක්ද foto එක?
Deleteඅමුනන්නකෝ...
ඔව් බස්සා මහත්තයෝ. මටත් මතකයි, වැඩියෙන් ලුණු රසක් තිබ්බේ... තෙල් කට්ටේ...
Deleteෆොටෝ එකක් මෙතනට අමුනන්නේ කොහොමද ?
Deleteනැත්තන් මට නිදි ගේ ඊමෙල් එක එවන්න, මම ඔබතුමාට ඒක දාන්නං......
foto එක ලැබුණා සූටික්කෝ, ඔයාටත් රන්ජිත් ගලගොඩ මහත්තයාටත් ස්තුතියි. ඊළඟ කොටසෙදී foto එක දාන්නන්.
Delete"2004 වෙද්දී මං ‘කෝපි මේසේ උඩ තියෙන පොත්’ ගැනවත් ‘කෝපි මේස’ ගැනවත් දැනගෙන උන්නේ නැත!"
ReplyDeleteමම මේ කියවනකන් දනන් උන්නේ නැත
අපි පොඩි මිනිස්සුනේ ඉවාන්!
Deleteමං දැන ගත්තෙත් මේකෙන්
Deleteමම නම් කොහේ හරි ගියාම ඔය කෝපි පොත් පෙරළලා කියවල බලනවා ... මට තියෙන එක ආසාවක් තමා පොත් ප්‍රින්ට් කරන එක .. හැබැයි කවදාවත් කරයි ද කියල ෂුවර් නෑ .. මම හිතන්නේ කඩදාසි , පාට වලට තියෙන ආසාව නිසා වෙන්ඩ ඇති
ReplyDeleteපැතුම්, ඔයාටත් තියෙන්නෙ ප්‍රකාශකයෙක් වෙන්නයි! එතකොට හරි!
Deleteමැද රට විත්ති...
ReplyDeleteස්තුතියි බස්සා මහත්තයෝ, මැද රට විත්ති කියෙව්වා. ඉතා රසවත් දේශාටන විත්ති අඩංගු පෝස්ටුවක්.
Deleteඊයේ බෙහෙත් ගන්න හම්බන්තොට ගියා. අදයි blog අඩවි පැත්තේ යන්නේ.
මං ඉකොනොගේ නිත්‍ය පාඨකයෙක්.