හිමන්‍යා සියැසි කියන්නෙ චූටි දැරියක්. අවුරුදු හත වේගෙන එන්නේ. එයා මටත් හරිම ආදරෙයි. කොච්චර ආදරේද කියනවා නං අබුඩාබියට ප්ලේන් එකෙන් යද්දිත් කෙල්ලට මාව මතක් වෙලා- මාව චිත්රයකටත් නඟලා. මේං තියෙනව ඒ චිත්තරෙත්...
![]() |
හිමන්‍යා සියැසි මිණිබිරී
ගුවනෙදී ඇන්ද ලොකු සීයගෙ සිත්තම |
හැබැයි, මේ
පොඩි බඩ්ඩව එක විදිහකට, එක තැනක තියාගන්න ක්‍රම ගොඩාරියකුත් හිමාගෙ අම්මා රෝසියි,
ආච්චි මානෙලුයි දෙන්නා හොයාගෙන තියෙනවා. පළමුවෙනි ක්‍රමේ මොබයිල් ෆෝන් එකෙන් සිංදුවක්,
නැටුමක් වගේ දෙයක් අරගෙන පෙන්නන එක. දෙවෙනි එක තමයි මොකක් හරි ජිග්සෝ ප්‍රහේලිකාවක්
හදන්න දෙන එක. එහෙමත් නැත්තං චිත්‍රයක් අඳින්න ඕනි කරන ආම්පන්න ටික කෙල්ලගෙ අතට
දෙන එක! ඔය කිව්වේ අර ක්‍රමවලින් ටිකක්...
හැබැයි,
එයාලා අර පළමුවෙනි ක්‍රමේ පාවිච්චියට ගන්නේ බොහොම අඩුවෙන්.
“අනේ
මංදා ලොකු මාමේ, මෙයාගේ දැඟලිල්ල හොඳටම වැඩියිනේ!” රෝසි නහයෙන් ඇඬුවේ සැරයක්
දෙසැරයක් නෙවෙයි.
“එක අතකට
බලද්දී ඒක හොඳයිලු රෝසි... පොඩි කාලෙ දඟ කරන; ආම්බන් කරන්න අමාරු ළමයි ලොකු වෙනකොට
තැන්පත් වෙනවය කියල කතාවක් තියෙනවා. එහෙම වෙන බව තමයි මටත් පෙනිලා තියෙන්නේ...”
මගේ උත්තරේ රෝසිට සහනයක්.
“ඒක නං ලොකු දෙයක් ලොකු මාමේ! අහන්නත් සන්තෝසයි. එහෙනං හිමා ලොකු වුණාට පස්සේවත් අපිට
සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයිනේ!”
ඒත් අපේ පවුලේ
හොඳම හිතවතෙකු වන අයස්මන්ත පීරිස් මහත්තයාගේ අදහස නං ඊට වෙනස්!
“මේ කෙළි පැටික්කි ලොකු වෙනකොට නං නිමල් අයියේ- රෝසිලට කිසිම නිදහසක් හම්බ වෙන
එකක් නෑ... කෙල්ලව පරිස්සං කර-කර ඉන්න වෙයි. කෙල්ල අඩුම ගණනේ කොල්ලෝ තුන්-හතර
දෙනෙකුව හරි පිස්සු වට්ටන එක නං ෂුවර්...”
අයස්මන්ත
මහතා එහෙම කියන්නට ඇත්තේ හිමන්‍යාට තිබෙන අමුතුම ආකර්ෂණීය ගතිය නිසා වෙන්නට ඇතැයි
මට හිතේ!
ඇත්තෙන්ම හිමාගෙ සොබාවයට කවුරුත් පාහේ වසඟ වෙති. දඟකාර ගතියක්- බුද්ධිමත්
හිතුවක්කාර ගතියක්- ඉක්මනින් උණුවෙන සංවේදී ගතියක් සංකලනය වී තිබෙන ළගන්නා ස්වභාවයක්
සහිත දැරියකට වසඟ නොවන්නේ කවුරුන්ද?
හිමා ඉපදුණු අලුත නම් අපේ මානෙල් නංගිත්-
රෝසිත් දෙන්නාටම රිදෙන කතාවකි මගෙන් කියැවුණේ. ඒ ගැන 2020දී නිදිගෙ පංච තන්තරේට මගේ
අතින් ලියැවී තිබ්බේ මෙහෙමය:
‘... මෙහෙම ඇත්ත කිව්වාම
කාගෙ-කාගෙ හෝ මුහුණ නරක් වුණත්
කරන්නට දෙයක් නැත. පහුගිය
ජුනි මාසයේම මැද හරියේ දවසකත් ‘ඒ මූණ නොරොක් වෙන වැඩේ’ මං
අත්දුටුවේ, කටෙන්
වචන වාගයක් පැන්නාට පස්සෙය; මං වචන දෙකකින් ඇත්තම
කිව්වාමය. ‘මෙයා
කළුයිනෙ!’
![]() |
හිමාගේ සිත්කලු පාට විශේෂයෙන්
කැපී පෙනුණේ සකුණි හා රයන් දෙන්නාත් එක්ක ඉන්නා වෙලාවටය! (2020 ගත් ෆොටෝවකි.) |
සිඟිත්තිය දුටු ගමන්ම මට
කියවුණේ අරහෙමය.
‘මෙයා
කළුයිනෙ!’
දැරියගේ අම්මාටත් කලින් ඒ
කතාවට මුහුණ ඇඹුල් කරගත්තේ ආච්චි අම්මාය.
“ලොකාට
මතක නැහැ. රෝසි
පුංචි කාලෙත් මෙහෙම තමා, දැන් සුදු වුණාට.....”
දරු පැටියෙකු කළු පැහැති
යැයි කීම වරදක් බව තවමත් මට හිතෙන්නේ නැත. මා කීවේ මට පෙනුණු දෙයයි; මට
හැඟුණු දෙයයි...’
තවත් කාරණයක්... කාට කොහොම
වෙතත් මට අනුව නං කළු පාටෙත් විශේෂ ප්‍රභේදයක් තියෙනවාය. මං වහන්සේ ඒකට කියන්නේ ‘සිත්කලු’
පාට කියායි.
අනෙක හිමාගේ සිත්කලු පාට විශේෂයෙන්
කැපී පෙනුණේ සකුණි හා රයන් දෙන්නාත් එක්ක ඉන්නා වෙලාවටය. (ඒ දෙන්නා මානෙල් නංගිගේ
පුතණුවන්ගේ දරුවන්ය.) මානෙල් එයාගේ දරුවන් දෙන්නා; සුරංග හා රෝසි දෙන්නාගෙන්
වැඩියත්ම ආදරේ කාටදැයි මංවත් දන්නේ නැත. ඒ අපේ මානි එයාගේ මුණුබුරු මිණිබිරියන් තුන්
දෙනාටමත් ආදරය බෙදන්නේ එකම හැන්දකින් නිසාය!
මං නං එහෙම නැත!
මට සොහොයුරියන් පස් දෙනෙකි. (පස්වැන්නී
ජීවත් වුණේ මාසයකටත් අඩු කාලයකි.)
ඉතිරි නංගිලා හතර දෙනාව මා කැටගරයිස් කර තියෙන්නේ මෙහෙමය:
1. ලොකු නංගි පුෂ්පා- අපේ පවුලෙන්ම අහංකාර හිත- දැඩිම හිත තිබුණේ එයාටය.
2. මානෙල්- වැඩියෙන්ම හිත හොඳ; වැඩියෙන්ම සමාව දෙන්නියයි. (අපේ
පවුලෙන් මංගල යෝජනාවක් මඟින් විවාහ වුණේ මානෙල් විතරකි.) මා වඩාත් සමීප මානෙල්ටය.
3. සමන්ති- මහරගම ආච්චි වගෙය; වඩාත්ම බුද්ධිමතියයි. මා වඩාත්ම විවෘත Sam සමඟිනි.
4. දීපානි- පවුලේ රූමතියයි. (ඇයට පමණටත් වඩා දරු හැවිකාරය ඇතැයි මට සිතේ.)
ඉතිං...මානෙල් විවාහවී
ගෙදරින් පිටමං වුණත් ඒ කොට්ටාවටය. මහරගමට ඉතා කිට්ටු නිසා හැම සති අන්තයකම වාගේ මටත්
එහි යැවිණි. (ඒ බොහෝ විට මර්වින්, නෙවිල් හා කුමුදුලාල් සමඟිනි. මෑත කාලීනව
අයස්මන්ත සහ නමීත් ඒ ගමන්වලට එකතු වූහ.)
ඒ ගමන් නිසාමය, සුරංගත් රෝසිත්
උපතේ සිටම මර්වින්ටත් නෙවිල්ටත් මටත් එකසේ ප්‍රිය කරන්නට වූයේ; ඔවුනගේ දූ
පුතුනුත්...
‘කොහොමද සත්තු තම තමන්ගෙ
දරුවන්ට විතරක් විශේෂයෙන් ආදරේ වෙන්නේ? ඇයි අනුන්ගෙ දරුවන්ටත් ආදරේ කරන්න බැරි? ඒ
දරුවො දරුවන් නෙවෙයිද? මව් පිය සෙනෙහස කොහොමද එච්චර ආත්මාර්ථකාමී වෙන්නේ?’ වගේ පණ්ඩිත
මතවාදවලින් තමයි ඒ දවස්වල මගේ ගැටවර මොළේ පිරිලා තිබුණේ. මටම පුදුමයි ඒ මතවාද හීන්
සීරුවේ වාෂ්ප වෙලා ගිහිං තිබුණු විදිහ ගැන...
![]() |
එහෙම කරලා සුරංග ආදරණීය ගෙදර
ඇත්තිය ඉසංකාවත්- සකුණි දියණියවත්- පුතු රයන්වත් එරටටම ගෙන්වා ගත්තේය. (2021
දෙසැම්බර් ෆොටෝවකි.) |
“පොඩි එවුන්ගෙ හුරතලේට ආස වුණාට
රංජි, ඔයා ඒ දවස්වල ඉඳලම චූටි ළමයින්ව වඩා ගත්තෙ නැහැනේ... ඔයාල දන්නවද, දීපාල්ලා
දීපානිලා වුණත් පුංචිම කාලේ ලොකා එයාලව වඩා ගත්තෙ නෑ!”
“ඇත්තද ලොකූ මේ අම්මා කියන්නේ?”
“ආයෙ ඇත්තද අහන්නේ? කවුරුවත් දැකල තියෙනවද මෙයා සකුණිල රයන්ලා වුණත් වඩාගෙන
ඉන්නවා... රංජි පොඩි එවුන්ව හුරතල් කරන්නේ එයාලට මාස ගාණක් වුණාට පස්සෙනෙ.”
අම්මා කිව්වේ බොරුවක් නොවේ! චූටිම
චූටි මී පැටවුන් වගේ පෙනෙන කිරිකැටි බිලිඳුන් කෙරෙහි මගේ සිතේ ආදරයක් රෝපණය වන්නේ එයාලට
මාස කීපයක් වෙනකොටය. ඒ නිදිගෙ හැටිය.
එහෙම ආදරයක් වුණත් ඇති කර
ගන්නේ නැතිව ඉන්නට මං හිතා ගත්තේ අවුරුදු කීපයකට කලින්ය. ඒ (මානෙල්ගේ පුතා) සුරංග පවුල
පිටින්ම එංගලන්තයට සංක්‍රමණය වෙන්නට සූදානම් වෙනකොටය. එතකොට සකුණිත් රයනුත් හරිම හුරතල්
වයසේය උන්නේ. (මතක ඇතිනේ- මට කොකු සීයා කියන අභිධානය දුන්නෙත් මේ සකුණිය.) අඩුම ගණනේ සතියකට
වතාවක්වත් ඒ දෙන්නාගේ හුරතල් බලමින් හිටි මං වහන්සේට එයාලාගේ සංක්‍රමණය ගෙනාවේ
ලොකු දුකකි.
මං වහන්සේට දුක හිතුණා කියා
කරන්නට දෙයක් නැත. සුරංගට එයාගේ හීනය හැබෑ කර ගන්නට තිබිණි.
“ලොකු මාමේ, මට ඕනේ ඇනිමේටර් වැඩ්ඩෙක් වෙන්න.” ගැටයා කාලේ ඉඳලාම සුරංග කිව්වේය.
එව්වා ඉගෙන ගත්තාත් එක්කය. ලංකාවේ නම ගිය ආයතන කීපයකටම බැඳී වැඩ කළත් එක්කය.
"ලංකාවේ මේ ෆීල්ඩ් එකේ වැඩ ගොඩක් කෙරෙන්නෙ නෑ වගෙයි ලොකු මාමේ. වැඩියෙන් වැඩ
කෙරෙනකොටනේ අපිටත් තව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ... මමත් හිතුවේ England යන්න.
ගිහිං හරියට යමක් කෙරෙන තැනකට ජොයින්ට් වෙන්න...”
“එහෙම කරන්න පුළුවන්ද?”
“ලේසි නෑ ලොකු මාමේ. මට ඕනි එහෙම studio එකක් වගේ තැනක අතු ගාන job එකකට හරි යන්නයි.”
ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා
සුරංග දෙතුන් වතාවක්ම එංගලන්තයට ගියේය; ඉගෙන ගත්තේය; ඉස්කෝල කාලේ ආදරය ජය ගෙන කසාදයත්
කර ගත්තේය; දරුවනුත් හදා ගත්තේය; අන්තිමේදී එංගලන්තයේම පැල-පදියං වුණත් එක්කය. එහෙම
කරලා ආදරණීය ගෙදර ඇත්තිය ඉසංකාවත්- සකුණි දියණියවත්- පුතු රයන්වත් එරටටම ගෙන්වා
ගත්තේය.
ඒ රයන්ලා හුරතල් වෙන්නට පටන් ගත් කාලයේය!
![]() |
ඒ අකලංකත් පසු කලෙක බිරිය සහ
ආර්ය, ආන්යා දෙදරුවන් සමඟ සිංගප්පූරුවට සංක්‍රමණය වුණේය. (2023 පෙබරවාරි ෆොටෝවකි.) |
2026 මාර්තු මාසයේ දවසක අපි වට්ස් ඇප් හරහා කතා බහක නිරතව නිරතව උන්නෙමු. “ලොකු සීයා, How old are you?” රයන් ඇහුවේය.
“Seventy two...” කියලා උත්තර දුන්නා විතරකි; රයන් පුදුම වී ඇස්දෙක නළලට යවා- අත්
දෙකින්ම හිස බදා ගත්තේ හිකි-හිකි ගාමිනි. රයන්ගේ ඒ ඉරියව්ව තවමත් මගේ දෙනෙතේය!
ඒ වේලාවේය, අවුරුදු ගණනකට
කලින් ‘සීමාසහිතව ඔවුන්ට ආදරය කරන්න’ට මා ගත් තීරණයේ වටනාකම වැඩියෙන්ම දැනුණේ. ඒ
විදිහට සෙනෙහසට සීමාමායිම් තියාගෙන ඉඳලාත්ය, හිමාගේ විදේශගත වීම නිමල් දිසානායකට
වේදනාවක් වුණේ. එහෙම වෙන්නේ ගොඩාරියක් කිට්ටුවෙන් උන්නු හිංදාය!
2018 අප්‍රේල් මුල මට මේ
blog අඩවිය හදා දුන්නේ අපේ
අනිල් මල්ලීගේ ලොකු පුතණු අකලංකයන්ය. 'මහප්පට පුළුවන්.. මෙව්වා මැජික් නෙවෙයි
මහප්පේ...’ කියා මා දිරි ගන්වමිනි; අකලංක මේ කටයුතු සියල්ල මට ඉගැන්වූයේ. එතකොට මං
වහන්සේ පරිගණක නොදරුවෙකි!
එහෙම පටන් ගත් ‘නිදිගෙ පංච තන්තරේ’ය මේ- නවවෙනි වසරට පිය නඟන්නේ.
ඉතිං, ඒ අකලංකත් පසු කලෙක
බිරිය සහ ආර්ය, ආන්යා දෙදරුවන් සමඟ සිංගප්පූරුවට සංක්‍රමණය වුණේය. ඒ ලංකාවේ
හිඳිමින් පිටරට ආයතනයකට සේවය සපයා ලබන වැටුපට අසාධාරණ ලෙස බදු අය කරන්නට පටන්
ගත්තාමය. ඒ වෙලාවේ මට එතරම් සංතාපයක් ඉපදුණේ නැත. අකලංකගේ දඟකාර සිඟිති දරුවන් දෙදෙනා සමඟින් මා එච්චර කිට්ටුවෙන් නොසිටි බැවිනි; ඒ.
![]() |
ඒත් අනිල් මල්ලිගේ එකම දියණිය
සචිනි මට අමතන්නේ ‘ලොකු තාත්තා’ නමෙනි. නමුදු ඇයගේ ඕෂන් හා කියානු දෙපුතුන්ටත්...(2025
ෆොටෝවකි.) |
අපේ බඩා මල්ලා දීපාල්ගේ
පුතාලාට; මාර්කෝට හා නිමල් බෙන්ටත් මා ‘ලොකු මාමා’ය. ඒ දෙන්නා පුංචි කාලේ ඉඳලාම වැඩියෙන් දැක
තිබෙන්නේ මානෙල්ගේ, සමන්තිගේ හා දීපානිගේ දරුවන් මට ලොකු මාමා කියා අමතන හැටියි.
ඉතිං එයාලාත් ඒ ආමන්ත්රණයම වහරති!
එයාලා ඒගොල්ලන්ට කැමති ඕනෑම
නමකින් මට කතා කෙරුවාවේ. ඒ ගැන හිත කරදර කර ගන්නේ හෝ දුක් වෙන්නේ හෝ මේ දිසානායකයා
නොවේ.
‘දුක් වෙන්නේ’ කියනකොටය සිහියට ආවේ...
ශ්‍රී ලංකාවේ තවත් පහළ වැටීමක්!
‘ලෝකයේ අසතුටින්ම ඉන්න මිනිස්සු සිටින
රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වෙයි...’ කියලයි ‘අමුතු’ සමූහයේ මේ ලිපිය පළවී
තිබුණේ:
"මචං.. උඹ සතුටින්ද ඉන්නේ?"
අහම්බෙන් හරි කවුරුහරි ඔයාගෙන්
මෙහෙම ඇහුවොත්, ඔයා මොකක්ද දෙන උත්තරේ..? "ඔව් බං, අවුලක්
නැහැ" කියලා හිනා වෙලා කිව්වට, ඒ හිනාව
පිටිපස්සේ ඇත්තටම සතුටක් තියෙනවද..? නැත්නම්
ඒක නිකන්ම නිකන් පුරුද්දට දාන හිනාවක් විතරද..?
අද මම මේ කතාව පටන් ගත්තේ හේතුවක්
ඇතුව... 2026 අවුරුද්දේ World Happiness Report එක ඊයේ
රෑ රිලීස් වුණා. ඒක බලද්දී හිතට පොඩි බරක් දැනුණා... මොකද, ලෝකයේ රටවල් 147ක් ගත්තම අපේ ලංකාව ඉන්නේ 134 වැනි ස්ථානයේ...
අපි ඉන්නේ ලෝකයේ අසතුටෙන්ම ඉන්න
මිනිස්සු ඉන්න රටවල් අතරේ. අපිට පිටුපසින් ඉන්නේ ඇෆ්ගනිස්ථානය, ලෙබනනය වගේ යුද්ධයෙන් හෙම්බත් වුණ රටවල් කිහිපයක් විතරයි...
අපි මෙච්චර පහලට වැටුණේ කොහොමද..?
මතකද 2022.. එදා ඉඳන් අපි හිටියේ
පල්ලම් බහින ගමනක.
2022 දී අපි 127 වැනි තැන...
2024 දී 128 වැනි තැන...
2025 දී 133 වැනි තැන...
අද 2026 වෙද්දී අපි 134 වැනි තැනටම වැටිලා...
අපේ අසල්වැසි ඉන්දියාව 116 වැනි
තැනට ඇවිත්. පකිස්ථානය 104 වැනි තැනට ඉහළට ගිහින්. ඒත් අපි ඇයි තාමත් මෙතැන..? මේක නිකන්ම නිකන් ලිස්ට් එකක නම්බර් එකක් නෙවෙයි. මේක අපේ රටේ
මිනිස්සුන්ගේ හද ගැස්ම. බඩු මිල, පෝලිම්, දේශපාලන අවිනිශ්චිතතාවය මේ හැමදේම අස්සේ සතුට කියන එක අපේ ජීවිතවලින්
හොරෙන්ම පැනලා ගිහින් වගෙයි මට හිතෙන්නේ...
![]() |
ඒ කියන්නේ සෝෂල් මීඩියා වසක්
නෙවෙයි, හැබැයි ඒක
ඔයාගේ සතුට තීරණය කරන තැනට ආවොත් ඒක වසක් තමයි! |
ඒ මිනිස්සුන්ගේ සතුට තියෙන්නේ
ලොකු කාර් වලවත්, මාලිගා වලවත් නෙවෙයි. එකිනෙකා
කෙරෙහි තියෙන විශ්වාසය, නිදහස්
අධ්‍යාපනය, හොඳ සෞඛ්‍ය සේවය සහ "ජීවිතය
විඳින" විදිය උන් දන්නවා. ෆින්ලන්තේ මිනිහෙක් පාරේ සල්ලි පසුම්බියක් වැටුණොත්
ඒක අයිතිකාරයාට ලැබෙනකම් නිහඬව ඉන්නවා. අන්න ඒ Social Trust එක තමයි එයාලව අංක එකට ගෙනාවේ.
අපේ රටේ සතුට අංක 134ට යන්නෙත්
ඒ වගේම හේතු නිසා වෙන්න බැරිද? පාරට බැස්සම
රවමින් බලන මිනිස්සු, එකිනෙකා
පරයා යන්න දඟලන තරගය, හැමදේම
දේශපාලනීකරණය වීම... මේ ඔක්කොම අස්සේ අපි අපේ සතුට නැති කරගෙන.
මෙන්න මේක තමයි මේ සැරේ රිපෝට්
එකේ තියෙන භයානකම කතාව. සන්තෝෂය නැති වෙන්න ප්‍රධාන හේතුවක් විදියට මෙවර වාර්තාව පෙන්වන්නේ
"සමාජ මාධ්‍ය භාවිතය".
විශේෂයෙන්ම උඹ නංගි කෙනෙක් නම්, මල්ලි කෙනෙක් නම් මේක හොඳට හිතට ගන්න.
රිපෝට් එක කියන විදියට, දිනකට පැය 5කට වඩා සෝෂල් මීඩියා වල ඉන්න තරුණියන්ගේ මානසික සුවතාවය
දරුණු විදියට කඩා වැටිලා.
අනිත් අයගේ බොරු Perfect ජීවිත දිහා බලලා තමන්ගේ ජීවිතය ගැන කලකිරෙන එක අද
ලොකුම ප්‍රශ්නයක් වෙලා.
හැබැයි පුදුමෙ කියන්නේ, සෝෂල් මීඩියා පාවිච්චි නොකරන අයට වඩා, දිනකට පැය 1කට වඩා අඩුවෙන් පාවිච්චි කරන අය තමයි ලෝකේ වැඩිම
සතුටක් අත්විඳින්නේ.
ඒ කියන්නේ සෝෂල් මීඩියා වසක්
නෙවෙයි, හැබැයි ඒක ඔයාගේ සතුට තීරණය කරන
තැනට ආවොත් ඒක වසක් තමයි.
අපි ආයේ හිනාවෙමුද?
මේ රිපෝට් එක කියවලා ඉවර වෙද්දී
මට හිතුණේ එක දෙයක්. අපි අංක 134 වුණේ රටේ ප්‍රශ්න නිසාම විතරක් නෙවෙයි. අපි සතුට හොයන
විදිය වැරදි නිසයි.
සතුට කියන්නේ අයිෆෝන් එකක, බ්‍රෑන්ඩ් නිව් කාර් එකක තියෙන දෙයක් නෙවෙයි. සතුට කියන්නේ හවසට
අම්මා එක්ක කයියක් දාගෙන බොන ප්ලේන්ටි කෝප්පේ, යාළුවොත් එක්ක කරන විහිලුවල, පාරේ ඉන්න බල්ලෙක්ට දෙන කෑම වේල... අන්න ඒ වගේ පොඩි දේවල් අස්සේ
තියෙන එකක්.
![]() |
ජයසූරිය ආරච්චිගේ හිමන්‍යා සියැසි
දෝණියන්දෑත් හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ තාත්තා ඉන්න අබුඩාබියට යන්න. (2026 මාර්තු
ෆොටෝවකි.) |
අපේ ජීවිත තක්සේරු කරන්නේ Gallup Poll එකකින් නෙවෙයි, අපි හුස්ම ගන්න විදියෙන්. මීළඟ අවුරුද්දේ රිපෝට් එක එද්දී, අපි රටක් විදියට සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න නම්, මුලින්ම ඔයා අද ඉඳන් සතුටින් ඉන්න පුරුදු වෙන්න ඕනේ.
ඔයාගේ හිතේ තියෙන සතුට අද
1-10 දක්වා කීයක තියෙනවද..? අද රෑට
පවුලේ අය එක්ක හිනා වෙලා කතා කරලා ඉන්න.’
මට නං හරිම ආඩම්බරයි. මොකෝ දන්නවද? අපේ පවුලේ වැඩි දෙනෙකුමත්
හොඳට හිනා වෙන උදවිය!
පැන්ඩෝරාගෙ පෙට්ටියෙන්
ඉස්සෙල්ලාම එළියට පැන්න වසංගත- අනතුරු- හටන්- යුද්ද- සොබාවික විපත්- තරහ; ද්වේශය;
ඉරිසියාව වගේ සේරම කරදරකාර කෘමීන් දැන් ලෝකේ පුරාම විසිරිලා. ඉතිහාසයේ වෙන
කවරදාකටත් වැඩියෙන් අපට විපත් පමුණුවනවා...
ඒත් දෙවෙනි වතාවට ඒ පෙට්ටිය ඇරියාම එළියට ආව ‘බලාපොරොත්තුව’ත් ලෝක සත්ත්වයන්ගේ
වාසනාවට තවම ජීවමානයි; ක්‍රියාත්මකයි.
සිරි ලංකාවේ අපි ඒ පැන්ඩෝරාගෙ
කතන්දරේ අහලා තියෙන්නේ බාගෙටද?
සිසිර තාරක නිද්‍රාවෙන් අවදි වෙච්ච හිම වලහෙකු වගේ- කට්ටකාඩුව blog අඩවිය ලියන ලොකූත් අවදි වෙලා මේ දවස්වල ඔය ග්‍රීක පුරාණ කතන්දර ලියනවනෙ හරි අපූරුවට. එව්වා කාට-කාටත් දැනගෙන ඉන්න; කියවන්න වටින කතන්දර. ඕන්නං කට්ටකාඩුවේ ලොකූගෙන්ම අහලා බලන්නකො පැන්ඩෝරාගෙ කතාවත්.
ඔයාලත් දැනටම දන්නවනෙ, මං
ඉතිං පොසිටිව් මනුස්සයා; පෙරළුණු පිට හොඳයි කියල හිස්මුඳුනෙන්ම පිළිගන්න මනුස්සය
නෙව. අපේ පවුලේ දරු- මුණුබුරු පරම්පරාවල් ඔක්කොම වගේ එක එක රටවලට යද්දී ටිකක්
දුකින් වුණත් මං දකින්නේ ඒකෙ හොඳ පැත්ත!
ආදරණීය පවුලක් වුණාම එක වහලක් යට ඉන්න එක සැපයි නෙව- කොයි කොදෙව්වේ උන්නත්.!!
ජයසූරිය ආරච්චිගේ හිමන්‍යා සියැසි
දෝණියන්දෑත් හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ තාත්තා ඉන්න අබුඩාබියට යන්න. හිතුවට වැඩිය
ඉක්මනිනුයි එයාලට යන්න වුණේ. අජිත් මල්ලිගේ තුන් මාසයේ දානය දවසේ...
ඊට කලින් මං එයාලව රෑ කෑමකට
එක්කගෙන යන්න හිතුවා. තැන් දෙක තුනක් කිව්වා එයාලටම තෝරා ගන්න. එයාලගෙ choice එක
වුණේ දියවන්නාව තලවතුගොඩ පාරේ කෑම කඩයක්. එයාලව එතනට එක්කං ආවේ (unsung hero) නෙවිල්තුමාය... ඒ
එන අතරේ හිමාට අදහසක් ඇවිත්ය.
නමීයි මායි කලින්ම එතැනට ගිහිං
උන්නේ. හිමා ඉස්සෙල්ලම කළේ එයාගේ අර අදහස මට කියන එක.
හිමා කිව්ව දේ ඇහෙනකොට නං මගේ හිත කඩා වැටුණා.
“ලොකු සීයේ... අම්මයි මමයි
තාත්තා ඉන්න අබුඩාබියට යන්නේ අවුරුදු දෙකකට විතරයිනේ. අපි ගිහිල්ල එනකල් ඔයා
මැරෙන්න නං එපා හොඳේ...”෴0෴







104ට නැංගත් පකිස්තානයේ සතුට භුක්ති විඳින්න නම් මගේ කිසිම කැමැත්තක් නෑ! ඊට වැඩිය 134 හොඳයි වගේ
ReplyDeleteලංකාවට ගැලපෙන තැනක්නෙ 134.
Deleteවිස්වාස නැත්තං බස් රූට් චෙක් කරන්න.
සතුටත් සාපේක්ෂයි නෙව Litseeker. ස්තුතියි හොඳේ.
DeletePra Jay මහත්තයා හොඳට දන්නවා වගෙයි 134 බස් රූට් එක ගැන.
Deleteරෝසි ගැබ්බරව හිමාව කුසේ ඉන්නැද්දි නේද අපිත් සමගින් වස්ගමුවේ ගියේ? වසර කිහිපයක්ම ඉක්මනින් ගෙවිලා ගිහින් දැන් අපි නාකිවෙලා.....
ReplyDeleteඅසංග කොළොම්පුරේ
ඔව් ඔව් අසංග මහත්තයෝ. තුන් පැත්තකින්ම අලි අපිව වට කෙරුවේ ඒ ගමනෙදිනෙ. ඔයා දන්නවද, ඒ ගමන ගිය ගවීන් දැන් එංගලන්තෙ. ලසිත් කොරියාවේ. සමිත් අබුඩාබියෙ. අපේ අම්මයි, සමිත්ල තාත්තයි වැලිගම්පිටි ගිහින්.
Delete@ නිදී
ReplyDeleteඔය කියන විදියට phone එක බලන එක නවත්තලා දාලා සතුටින් ඉන්න පුළුවන් කියන එක එච්චර ප්‍රායෝගික නෑ. හිතන විදිය වෙනස් කරාම ප්‍රශ්න ඉබේම විසඳෙන්නෙත් නෑ.
ඇත්තටම ඔය කතාවේ බොහොම ගැඹුරු ආර්ථික විද්‍යාත්මක සත්‍යයක් තියෙනවා.
මම මේක දකින්නේ "අඛණ්ඩ ආර්ථික මර්දනයක්" (Continuous Economic Repression) නිසා ඇතිවුණ සමාජයීය ඛේදවාචකයක් විදිහටයි.
අපි මේ තරම් පල්ලම් බැස්සේ ඇයි කියන එකට ප්‍රධාන හේතු කිහිපයක් ඔය විග්‍රහය ඇතුළෙම තියෙනවා. ලංකාවේ ජනතාව අන්තිමට සතුටින් හීටියේ 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව 2015-16 විතර වෙනකම් පමණයි. 2016 ලංකාව IMF ගිවිසුමට ගියාම අධීක ලෙස බදු බර ඉහළ දැමීම සහ රටේ ආර්ථිකය හැකීලීම යටිතල ව්‍යුහය ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘති නැවතීමත් සමගම රට ඉතාමත්ම බරපතල ලෙස කඩා වැටීම සමග ජනතාව කබලෙන් ලිපට වැටූණා.
අපි ඒක තවත් ටිකක් පැහැදිලි කරගමු.
1. 2016-2020 සංවර්ධන වේගය අඩාල වීම සහ බදු පීඩනය
ඔයාට මතකද 2015-16 වගේ කාලෙන් පස්සේ 2016දී ලංකාව IMF එකේ ණය වැඩසටහනකට ගියාම, ඔවුන්ගේ ප්‍රධානම කොන්දේසිය වුණේ 'රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාවය' (Fiscal Consolidation). මේකේ නරකම පැත්ත තමයි රටේ අනාගත වර්ධනයට ඕන කරන ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) එනම් පාරවල්, පාලම් සහ වාරිමාර්ග වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති නතර කිරීම.
ප්‍රතිඵලය වුණේ ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වැටුණා, ලක්ෂ ගණනකට රස්සා නැති වුණා. රටේ ආර්ථික වර්ධන වේගය 2018-19 වෙද්දී 2% සීමාවටම වැටුණා. මිනිස්සුන්ගේ සතුට එතැන ඉඳන්ම පල්ලම් බහින්න ගත්තා.
2. 2022-2026 IMF ණය උගුල සහ 'සතුට' අහිමි වීම 2022 දී බංකොලොත් වුණාට පස්සේ ආපු IMF වැඩසටහන කලින් ඒවට වඩා දරුණුයි. ඒකෙදි ජනතාවට දැරිය නොහැකි 18% ක වැට් (VAT) බද්දක් සහ අධික ආදායම් බදු PAYE tax වගේ ඒවා බදු පිට බදු පැටෙව්වා.
ඉලක්කම් vs යථාර්ථය ගත්තාම ආණ්ඩුව උද්ධමනය 2% යි කියලා 'ඩෝබි' මාධ්‍ය සංදර්ශන දැම්මට, 2021 ට සාපේක්ෂව තවමත් බඩු මිල 200%-300% කින් විතර වැඩියි.
පකිස්ථානය සහ ඉන්දියාව ගත්තාම ඔයා කිව්වා වගේ පකිස්ථානය (104) සහ ඉන්දියාව (116) අපට වඩා ඉදිරියෙන් ඉන්නේ ඔවුන්ගේ රටවල්වල තවමත් ශක්තිමත් කර්මාන්ත මූලික කරගත්ත ආර්ථිකයක් (Manufacturing Economy) යම් මට්ටමක පණ ගැහි ගැහී තියෙන නිසයි. ලංකාවේ කර්මාන්ත පද්ධතියම අද අඩපණ වෙලා.
3. 'සතුට' මනින ප්‍රධාන සාධක හය සහ ලංකාවේ තත්ත්වය
World Happiness Report එකේ රටක සතුට මනින්නේ මෙන්න මේ සාධක මතයි
GDP per capita අපේ ඒක පුද්ගල ආදායම සැබෑ ඩොලර් අගයෙන් ගත්තම 2018 ට වඩා අද ගොඩක් අඩුයි.
Social Support ආර්ථික පීඩනය නිසා පවුල් අවුල් වෙලා, මිනිස්සු අතර තියෙන සහයෝගය අඩු වෙලා.
Healthy Life Expectancy මේ වන විට ලංකාවේ ඇති උග්‍ර බෙහෙත් හිඟය සහ පෝෂණ මට්ටම පහළ වැටීම නිසා මේකත් අනතුරේ.
Freedom to make life choices: ණය බර නිසා මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ ගැන ස්වාධීන තීරණ ගන්න බැහැ.
Generosity තමන්ටම කන්න නැති වෙද්දී අනුන්ට උදව් කිරීමේ හැකියාව අඩු වෙනවා.
Perceptions of Corruption රටේ පවතින දැඩි දේශපාලන අවිනිශ්චිතතාවය සහ බරපතල වංචා දූෂණය ගැන තියෙන කලකිරීම උපරිමයි. ඒ වගේම උග්‍ර පාතාල කල්ලි අපරාධ
ඒ නිසා මේ127 සිට 134 දක්වා පල්ලම් බැසීම කියන්නේ හුදෙක් ඉලක්කම් වෙනස් වීමක් නෙමෙයි. ඒකෙන් පේන්නේ IMF කොන්දේසි මත පදනම් වූ ආර්ථික හැකිලීම (Contractionary Policies) නිසා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දිනෙන් දිනම අගාධයට යන බවයි.
2028 දී එන අර සෑම වසරකම ඩොලර් බිලියන 5 ක විදේශ 'ණය බර' (Debt Restructuring)ගැන හිතද්දී, මිනිස්සුන්ට තමන්ගේ අනාගතය ගැන තියෙන්නේ ලොකු බියක්. සතුට කියන එක 'හොරෙන්ම පැනලා ගිහින්' කියන කතාව හරිම සංවේදී වගේම සත්‍යයක්.
ශක්තිමත් ආර්ථිකයක් නැති, බදු බරින් පිරුණු, ණය උගුලක හිරවුණු රටක මිනිස්සුන්ට සතුටින් ඉන්න බැහැ, ඒකට තමයි විසඳුමක් හොයා ගන්න ඕන හැමෝම පක්ෂ පාට ජාති ආගම් බේද නැතුව එකතු වෙලා කරන්න ඕන වැඩක් ඒක
ඔයාගේ සවිස්තරාත්මක comment එකට බොහොම ස්තුතියි Ano මහත්තයෝ.
Deleteදරු පැටියෙකු කළු පැහැති යැයි කීම වරදක් නූනත්, වරද තියෙන්නේ එය කියන විදිහ අනුව බව මගේ අදහසයි. ‘මෙයා කළුයිනෙ!’ කියන එකෙන්, ගම්‍ය වන්නේ කම්ප්ලිමන්ට් නොවන බව මට සිතේ.
ReplyDelete"ඇත්ත කිව්වාම කාගෙ-කාගෙ හෝ මුහුණ නරක් වුණත් කරන්නට දෙයක් නැත" කිව්වාට, බොහෝ විට "ඇත්ත" වුනත් සාපේක්ෂ දෙයක් නිසා, කාගේවත් මුහුණ නරක් නොවෙන ලෙස වචන "ඩිප්ලොමැටික්" ලෙස හසුරුවමින්, නිදිතුමා ඇනෝලාගේ කමෙන්ට් වලට උත්තර සපයන ආකාරය හොඳ බව මට සිතේ.
බස්සා මහත්තයෝ, ඔයාගේ කමෙන්ටුවේ පළමුවෙනි කොටස ගැන: මාත් එකඟයි. එයින් පේනවා මගේ තිබෙන එක දුබලකමක්. අවුරුදු දොළහේ ඉඳලමනෙ මං අපේ නංගිලා මල්ලිලාව පාලනය කළේ. ඉතිං තරමක ඒකාධිපති ගතියක්- නිර්දය ගතියක් මට ඇති වුණා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට මං අපේ පවුලේ අයට තරමක් දරදඬුයි. පහු කාලෙක තමයි මමම ඒක තේරුම් අරගෙන වෙනස් වුණේ. ඒත් ඉතිං ජන්මෙට වැඩිය ලොකු පුරුද්ද හිටි ගමන් ඉස්මතු වෙනව.
Deleteබ්ලොග් එක ලියන්න ගන්නකොට මං වහන්සේ තෙම්පරාදු වෙච්චි කෙනෙක් වගේම ඉහ නිකට පැහිච්ච කෙනෙක් නෙව- බස්සා මහත්තයෝ. එතකොට ඉතිං ඕනි කෙනෙකුට ඩිප්ලොමැටික් ගති එනවනේ...
"කොකු සීයා" කියන "පෙට්" නම පට බැන්ඳ
ReplyDeleteගමයට කෙටුවෙ, පොර කටුවෙන් වත්ද
කෑම උයන්නත් හොඳ හැටි පොරසිද්ද
නැවට එකයි, මෙවැනි දනෝ තව ඇත්ද
නෙක නෙක විකුම් පෙන්නන අය ලොවේ වෙති
Deleteඑක එක වැඩවලට හොඳ සමතුනුත් ඇති
එනමුත් එව්ව ගැන කීමට කැමති නැති
අය මේ ලොවේ කප්පරකට හිඳිනු ඇති
කොකු සීයා කියනකොට මට මතක් වෙන්නේ රාගම ලෝකු සීයා සහ සොමි බෝයීස්ලගේ ටොකු සීයා සහ සූරාකන බැංකුවේ කතාව, ඕන නම් ජොලි සීයත් සයිඩ් එකෙන් මතක් කර ගතහැකියි
Deleteඒ ඔක්කොම සීයල අතරේ මං තවමත් කොකු සීයා නෙව Ano මහත්තයෝ.
Deleteසතුට කියන්නේ සහෝදර සහෝදරයින් ඥාති දරුවන් මුණුපුරන් මැද ජිවත් වෙන එක කියලා පංච තන්ත්රය බලනකොට හිතෙනවා.
ReplyDelete@ නිහඬපාල
Deleteමිනිස්සුන්ට සතුටු හිතෙන දේවල් කරන ඉතාමත්ම ආදර්ශමත් ආණ්ඩුවක් ලංකාවේ තියෙනවානේ
හඳුනා මේ ජරමර අස්සේ V8 වලින් සැපට යන ගමන් අපට කියනවා රෙදි හෝදන්නේ නැතුව කිලුටු වැරහැලි ඇඳලා ආණ්ඩුවට බලශක්තිය ඉතුරු කරලා දෙන්න ලු. අනුර රෙදි ඇඳගෙන කියනවා මැති ඇමැතිවරුන්ට වටින වාහන ඕන නෑ ඔච්චර වටීන වාහනවල යන්න ඔච්චර වටීන පස්සවල් තියෙනවා ද කියලා, ඒ කියලා උන් හිටපු උන්ට වැඩිය අන්ත විදියට පුල් සැපේ ඉන්නේ ලාල්කාන්ත ඒ දවස්වල මාධ්‍ය වලට ඇවිල්ල ටෝක් දුන්නා අමාරුවෙන් ජීවත් වෙන්නේ මන්ත්‍රී නිල නිවාසයේ ඉන්නේ කියලා, අර ගෙදර දානේ පින්තුර දැක්කද? මිලියන ගණනක් වටින සුඛෝපභෝගී පියානෝ සාලේ තියාගෙන ලක්ෂරි ගෙවල් හදාගෙන මේ ටීක කාලයකට පූර්ණකාලීනව දේශපාලනය විතරක් කරපු කිසිම රස්සාවක් නොකරපු මන්ත්‍රී වැටුපත් පක්ෂයට පරිත්‍යාග කරපු උන්, අපි ඒ දවස්වල නෑමොලාටයි අනික් හොර බේබිලාටයි කෝටි ගණන් වත්කම් ගැන කියපු දේවල් ගැන මතක් කර කර මුන්ගේ වත්කම් ගැන දැන් බයියෝ අපෙන් අහනකොට කට උත්තර නෑ, බලුවෙලා ඉන්නේ, අපිත් ඡන්දේ දීලා කොරගත්ත හරියක් අම්මපා
මේ නිව්ස් එක මේ දැන් දැක්කේ මේක බලන්න ගොඩක් සතුටු වෙන්න පුළුවන් මේ වගේ නීව්ස් බලපුවාම
//ඉන්ධන අර්බුදය මැදත් මැති ඇමතිලාට ඉන්ධන ලීටර් 800ක්… මිල වැඩි වූ නිසා අමතර රු. 80 000ක් – වෛද්‍යවරුන්ට සතියට ලීටර 25යි රෝහලටවත් යන්න බෑ. – රජයේ වෛද්‍ය සංගමය හෙළි කරයි
කොළඹ, මාර්තු 29 – රජයේ මැති ඇමතිවරුන්ට මසකට ලැබෙන ඉන්ධන දීමනාව හේතුවෙන් ඔවුන්ගේ වැටුප වක්‍රව රුපියල් 80,000 කින් පමණ ඉහළ ගොස් ඇති නමුත්, ඉන්ධන අර්බුදය නිසා වෛද්‍යවරුන්ට තම රාජකාරිය සඳහා රෝහලට යාමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.
සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (29) මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.
"ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මැති ඇමතිවරුන්ගේ වැටුපට රුපියල් 80,000ක් එකතු වෙනවා"
වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මෙසේ ද අදහස් දැක්වීය:
"ඉන්ධන මිල රුපියල් 100 කින් ඉහළ යාමත් සමඟ මසකට ඉන්ධන ලීටර් 800 ක් ලබා ගන්නා මැති ඇමතිවරුන්ගේ වැටුපට ඉබේම රුපියල් 80,000 ක මුදලක් එකතු වෙලා තියෙනවා. අනිත් අතට මහ ජනතාවට ඉන්ධන පිරිමසින ලෙස පවසන ඇමතිවරුන්, තවමත් ඉන්ධන කාර්යක්ෂමතාව අඩු V8 වර්ගයේ සුඛෝපභෝගී රථවලින් ගමන් කරනවා. ඔවුන්ට අවශ්‍ය නම් පොදු ප්‍රවාහනය හෝ ඉන්ධන පිරිමසින කුඩා රථ භාවිත කළ හැකියි."
වෛද්‍යවරුන් මුහුණ දෙන ඉන්ධන අර්බුදය
වෛද්‍යවරුන් මුහුණ දෙන අර්බුදය පැහැදිලි කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ:
"කොළඹ සිට මහියංගනය වැනි දුර බැහැර රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ට සති අන්තයේ නිවසට පැමිණ නැවත සේවයට යාම සඳහා අවම වශයෙන් ඉන්ධන ලීටර් 40ක් අවශ්‍ය වෙනවා. දැනට ලැබෙන සතිපතා ලීටර් 25 ක කෝටාවෙන් එම අවශ්‍යතාව සපුරාගත නොහැකියි. ඉන්ධන සඳහා පමණක් මසකට රුපියල් 35,000 කට අධික මුදලක් වැටුපෙන් වැය කිරීමට වෛද්‍යවරුන්ට සිදු වෙලා තියෙනවා."
"පොදු ප්‍රවාහනය ප්‍රායෝගික නැහැ"
ආණ්ඩුව වෛද්‍යවරුන්ට පොදු ප්‍රවාහනයෙන් සේවයට පැමිණෙන ලෙස පැවසුවද, හදිසි ප්‍රතිකාර සහ රාත්‍රී සේවා සඳහා එය ප්‍රායෝගික නොවන බව චමිල් විජේසිංහ අවධාරණය කළේය.
"මෙම තත්ත්වය නිසා වෛද්‍යවරුන් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම අධෛර්යමත් වෙනවා. මෙය වෛද්‍ය සේවය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමක්."
"සෞඛ්‍ය ක්ෂේත්රය කෙරෙහිද අත්තනෝමතික ක්රියාකලාපයක්"
අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳ විශ්වාසය බිඳවැටී ඇති පරිද්දෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන්ද රජය මෙවැනිම අත්තනෝමතික ක්රියාකලාපයක් අනුගමනය කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සංගමය විසින් බලධාරීන්ට දැනුම් දී ඇති අතර, ඉදිරි දිනවල මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා බවද වෛද්‍ය විජේසිංහ පැවසීය.
මේ අතර, මැති ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට රජයේ ප්‍රකාශකයෙකු මෙතෙක් කටයුතු කර නොමැත.
-Lankadeepa//
ඔව් නිහඬපාල මහත්තයෝ, මගෙ සම්බන්ධයෙන් නං නෑ හිත මිතුරන් පිරිවරාගෙන ඉඳීම කියා නිම කරන්න බැරි තරං සතුටක්.
Deleteස්තුතියි Ano මහත්තයෝ ඔයාගේ කමෙන්ටුව වෙනුවෙන්...
Deleteහිමන්යගෙ චිත්‍රය නම් හරිම ලස්සනයි. බලන්නකො පාට ගලපලා තියෙන විදිහ.
ReplyDelete“දරු පැටියෙකු කළු පැහැති යැයි කීම වරදක් බව තවමත් මට හිතෙන්නේ නැත“ වැරැද්ද තියෙන්නෙ ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට අනුව ලස්සන කියන්නෙ සුදු අය විතරලුනෙ. නිමල් දකින්න ඇතිනෙ ගිය අවුරුද්දෙ මිසිස් වර්ල්ඩ් වුණු දකුණු අප්‍රිකානු කාන්තාව ගැන අපේ අය දාලා තිබුණු කමෙන්ට්ස්.
"මට නං හරිම ආඩම්බරයි. මොකෝ දන්නවද? අපේ පවුලේ වැඩි දෙනෙකුමත් හොඳට හිනා වෙන උදවිය!" ඒකනම් හොඳයි. මම අහලා තියෙනවා අජාන් බ්රම් කියනවා උදේට නැගිට්ට ගමන් කණ්ණාඩිය ළඟට ගිහින් හිනා වෙන්න කියලා 😊😁
Lotus දන්නවද, හිමා අබුඩාබි ගිහින් දවස් තුනෙන් එයාලගෙ ගෙවල් ළඟ ගෙවල්වල පොඩිත්තන් දහදෙනෙක් විතර යාළු කරගෙන. මෙහෙදිත් එහෙමයි- ඕනම නාඳුනන ළමයෙක් ළඟට ගිහින් වුණත් අහනවා 'අපි යාළු වෙමුද?' කියලා.
Deleteඇත්තටම මට හිතා ගන්නවත් බෑ Lotus, සමහරු කොහොමද මූණේ හිනා පොදක් නැතිව බුකවාගෙන ඉන්නේ කියලා... මට නං ඒ හපන්කම කරන්න බැහැනෙ.
ඔව් නිමල්, ඊටත් වඩා හිතාගන්න බැරි සමහර අය තව කෙනෙක් සුහදකමට හිනා වුණාම ඔරවන්නෙ කොහොමද කියලා. අපේ ලොකු අය විතරක් නෙවෙයි පොඩි බබාලත් ඔරවන්න හරි දක්ශයි.
Deleteහිමන්‍යා නම් හොඳ PR skills ඇති බබෙක් වගේ.
අපේ දරුවන්ට බොරු කියන්න, රවන්න, නොහිතා ඉන්න පුරුදු කරවන්නේ දෙමව්පියන්මනේ Lotus.
Deleteහිමාට තියෙන PR ස්කිල්ස් එහෙම ඇවිත් තියෙන්නේ වැඩියෙන් පොත් කියවන- කතන්දර සිංදු අහන නිසා වෙන්නැති.
මේ ළඟදී 'කුමටද සොබනියෙ කඳුළු සලන්නේ' සිංදුව අහලා කෙල්ලට ඕනි වුණා 'නරි බෑණා' බලන්න. නාට්‍යය බැලුවම එයාට ඕනි වුණා stage එකට ගිහින් නරියට කතා කරලා- වලිගය අල්ලලා බලන්න. හිමා ඒ දෙකම කරලයි පස්ස බැලුවේ!
හැමදාම වගේම ඔබ ලියන්නේ අපේ කථාය!
ReplyDeleteමමත් ටික ටික ලියන්නට පටන් ගත්තා. ඉක්මනට මැරුනොත්; කියන්නට ඇති කතා කියා ගන්න බැරිවෙනවාය.
ඉතින් අපිත් ඔයාටනං කියන්නේ ඉක්මනට මැරෙන්න නං එපා කියලාමය!
බ්ලොග් ලියන අය ගොඩක් නැහැනේ තට්ටයා මහත්තයෝ. ඊටත් වඩා අඩුයි වෙලාවකට- කලාවකට- නොකඩවා දිගටම බ්ලොග් ලියන උදවිය. කාලය-ශ්‍රමය වැය කරගෙන බ්ලොග් ලිවීමෙන් හම්බ වෙන්නේ සතුට විතරක් හින්දාද මංදා එහෙම වෙන්නේ.
Deleteඅපිවත් ලියමු. දිගටම ලියමු!
දෙවෙනි කාරණේ....
හොඳමයි, වෙලාව ආවාමය මං යන්නේ!
"අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ"... කිව්වලු!
ReplyDeleteමෙහෙම ගිහිං නාමල් රාජපස්සයි මායි විතරක් ඉතුරු වෙයිද මන්ද
අපොයි අපොයි නමියෝ, ඔයා එච්චරටම අවාසනාවන්තයෙක්යැ?
Deleteහිමා නමී මාමාවත් මතක් කරනවා කතා කරද්දී.
හෙහ්..හෙ😁. නෑ මං කීවෙ මේ රටරටවල යුද්ධ අස්සෙත් දන්න කියන දෙතුන් දෙනෙක් රට යන්න තමා ලකලෑස්තිය
Deleteහුම්, කෙල්ලට මාවත් මතකයි එහෙනං... ☺️
මතක තියෙන්නම එපැයි නමී, ඒ දවස්වල එහෙ ගියාම ඔයාත් එයාගේ තලේට වැටිලා- හිමා කියන කියන තාලෙට එයත් එක්ක සෙල්ලම් කරපු එකමනේ වැඩේ.
Deleteලද දෙයින් සතුටුවීම තමයි මගේ හැටි... චිරන් ජයතු නමි තුමා..
ReplyDelete//ලද දෙයින් සතුටුවීම// කොච්චර එකක්ද එහෙම ඇහැක් නං.
Deleteපේනවනේ ලලිත් මහත්තයෝ- එහෙම බැරි ලෝකෙට ලොක්කො ලෝකෙම විනාශ කරන්න හදන හැටි.
මහප්පට "ලොකු තාත්තා"කියන්න කොහෙන් පුරුදු උනාද කියල මට මතක නෑ.
ReplyDeleteඕශන්-කියානු දෙන්නම කළුයිනෙ.මටත් වැඩියෙන්ම කියන්නෙ "මේ දෙන්න කළුයිනෙ"කියල.😬 මම කියනව් කළුත් ලස්සන පාටක්නෙ කියල.
අපේ අම්මත් කියල තියනව මම ඉපදෙනකොට කළුයි කියල.🌸
ඉපදෙනකොට විතරක් නෙවෙයි- ඔයා දැනුත් එහෙම තමයි, හැබැයි සිත්කලු!
Delete