ඩී.බී. මහත්තයාගේ අකුරුවලින් හැරිලා අපි ගොඩ
දුර ආවා නේද?
ඉතින් අත් අකුරු ප්‍රශ්නේ ඉබේම විසඳුණා
කුරුප්පු මහත්තයා කොම්පියුටරෙන් කොටන්න ගත්තාම. අහලා ඇතිනේ 'එකක් කඩතොළු මකා ගන්නට
ගොහින් මට වුණු වියෝයා -
දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා' කියන එක.
ඒ වගෙනෙ වුණේ. මට වැඩ වැඩිවුණා!

කුරුප්පු මහත්තයා 'කී' කරන ඒවායෙ 'ප්‍රින්ට්
අවුට්' එකකුයි CD එකකුයි මට එවනවා.
අර කොපියේ හරි-වැරැදි බලලා මං එව්වා ධම්මිකාට දෙනවා. "නිමල් අයියේ, කුරුප්පු මහත්තයා සමහර තැන්වල double space තියලනේ කී කරලා තියෙන්නේ. ඔයා එව්වා ලකුණු කරලා නැහැනේ." ධම්මිකා කිව්වා. ඉතින් මං proof බලන ගමන්ම ඉඩ-පරතර ගැනත්
බලන්න ගත්තා.

'විසිදුනු ප්‍රකාශනයක්' කියවලා තියේද? ගෙවිඳු
කුමාරතුංග මහත්තයාගේ.
අන්න පොතක නිමාව ගැන උපරිමයෙන්ම හොයන කෙනෙක්. මගේ ප්‍රින්ටින් ජීවිතයේ අන්තිම බොසා. මං එහෙ වැඩට සම්බන්ධ වෙද්දී හිතුවේ කුමරතුඟුවන්ගේ
බස් ආර විතරයි සැලකිල්ලට ගන්න ඕනේ කියලා. මොන? ගෙවිඳුට ඒ වගේම
වැදගත් දේවල් ගොඩක් තියෙනවා. පිටුවක තියෙන උස, සමස්ත කෘතියේම එකම සයිස් වෙන්න ඕනේ. නූලක් වෙනස් වෙන්න බෑ! පරතර.... ඒත් එහෙමයි.
ඔය ටික තේරුම් කරන්නම්කො ඊට වඩා හොඳ උදාහරණෙකින්.

ගෙවිඳු කුමාරතුංග |
මොනම වෙලාවක හරි අර " යොදන්න අවශ්‍ය තැනකට ' ලකුණෙන් දෙකක් යොදලා තිබුණත් ඒක වරදක් විදියටයි ගෙවිඳු දැක්කේ. කාලය කියන්නේ සල්ලි කියන එක නෙවෙයි
ගෙවිඳු හිතුවේ. කොලිටිය ගැන. "නිමල් වෙලාව ගත්තාට කමක් නෑ. වැඩේ හරියටම
කරන්න ඕනේ!" ගෙවිඳු කිව්වේ එහෙම.
මං දන්නවා කුරුප්පු මහත්තයා කොටපුවා හදනවට
වැඩිය අලුතෙන්ම කී කරන එක ලේසියි කියලා ධම්මිකා හිතපු බව. මට කිව්වත් එක්ක. ඒත්
ධම්මිකාගේ නංගි උදයංගනීත්
කුරුප්පු මහත්තයා ගැන අක්කට කියලා තිබුණා. උදයංගනී වැඩ කළේත් මං
වැඩ කළ තැනමනේ. ඒක වාසියට හිටියා. ඒ දෙන්නම එකතු වෙලා තමයි
කඩිමුඩියේ ඒ වැඩ කරලා දුන්නේ. එහෙම කරලත් අපේ අතින් මගෑරුණු තැන් -
වැරැදුණු තැන් තිබ්බත් කුරුප්පු මහත්තයා ඉවසුවා.
"මට උදව්වට කරන්නේ අයිති නැති හරියක්නේ." කනට ගහලා කියනවට වැඩිය ඒවා වැදෙනවා!

ලොකුම ප්‍රශ්නය වුණේ එක පොතක් ගහලා ඉවරවෙන පමාවෙන්ම
තවත්
පොතක් ගහන්න කුරුප්පු මහත්තයාට තිබුණු හදිස්සිය. මෙතැනදී මට නම් තේරුණා ප්‍රකාශකයෙක් හිතන විදිය. එයා ව්‍යාපාරික කෝණයකින් නොබැලුවොත් බිස්නස් එක
කඩා වැටෙනවා. පොතක් අච්චු ගැහුවාම සේරම ඉවරයැයි, ඒක විකිණෙන්නත් ඕනිනේ. කොච්චර උගතා වුණත් කුරුප්පු මහත්තයා ඒ පැත්තෙන් හිතුවේ නැහැ වගෙයි.
ඒ මට පෙනුන විදිය.

අද 2018 ජුනි 17 පාන්දර විදුලි කොටමින් වැස්සා!
ඊයේ කොටන එක නවත්තපු තැනින්
පටන් ගන්නේ කොහොමද හෙණ පුපුරද්දී. ඒ වගේ වෙලාවට මං කියවලා ඉවර කරන්න බැරිවුණු පත්තර කියවනවා. ඒකට කියන්නේ කාල කළමනාකරණය කියලද?
ඕනේ බම්බුවක්. ගිය සතියේ අපි හිටියේ දියවින්නේ. ට්‍රිප් එකක් ගිහින්.
'දියවිනි ඉනාව' කියලා පෝස්ටුවකුත් කොටන්න පටන් ගත්තා. ඉතින් ගිය ඉරිදා;
10 වැනිදා 'රාවය' කියවද්දී 'මම කෙලින් මිනිහෙක් - ක්‍රමයේ අලුත් මුහුණුවරයි -
නාට්‍යවේදී අසංක සායක්කාර' කියන හෙඩිමෙන් "මාරුතය" අතිරේකයේ
තිබුණු ලිපියෙත් මෙතනට අදාළ කොටහක් තිබුණනේ.

ගොඩගේ මහත්තයා වුණත් කැමැතියැ ඔහේ රාක්ක පුරවා-පුරවා ඉන්න. කුරුප්පු මහත්තය එතැනදී නම් හිටියේ 1925 විතර ඈත අතීතයේ. ඔන්න 1927 දී ඩබ්ලියු. ඒ. සිල්වා මහත්තයාගේ 'දෙයියන්නෙ රටේ' පොත නම් 4000 ක් ගහලා තියෙනවා.
පියදාස සිරිසේන මහත්තයාගේ 'ඩිංගිරි මැණිකා'ත් (ඩිංගිරි මැණිකාට කියලා
පටලවා ගන්නවා හෙම නෙවෙයි ඕං!) 1925 දී 3000 ක් ගහලා.
හැබැයි ඒ අපේ ලිවීමේ හා කියවීමේ හැකියාව අඩු ගණනක තියෙද්දීය.
අපේ රටේ 'ලිටරසි රේට්' එක නම් මං කීයටවත්
විශ්වාස කරන්නේ නෑ. සහේතුකවම.
දැන් අපේ රටේ සාක්ෂරතා මට්ටම 92% ක් කියලයි වාර්තා වෙන්නේ.
අදටත් අදාළ පරණ කතාවකින්ම මම මේක පැහැදිලි කරන්නම්කො. ගස්සලා යවමුද - 1 පෝස්ටුවේදී අප කළ මානව ලිංගිකත්ව වැඩ සටහන් පෙළක් ගැන මා කිව්වා මතකද?
ඒ වැඩ සටහන් පටන් ගන්නට කලින්ම සහභාගී වන්නන් ලවා ප්‍රශ්නාවලියකට
පිළිතුරු ලබා ගැනිණි. එක වැඩ සටහනකට සහභාගී කර ගැනුණේ
විවාහක යුවල 20-25 ක් පමණි. වැඩ සටහන පැවැත්වූ මතුගම, ඇල්පිටිය,
කුරුණෑගල වැනි දුර-බැහැරදීත් මොරටුව, හබරකඩ වැනි නගරවලදීත් අර ප්‍රශ්නාවලියට පිළිතුරු ලියන්නට නොහැකිවූ අය අපට හමුවිණි.

සංගණන නිලධාරීහු ජනතාව හමුවී ප්‍රශ්න විමසති.
"ලියන්න කියවන්න පුළුවන්ද?"
යාන්තමට කන අත්සනක් ගහන්න විතරක් පුළුවන් කෙනාත් කියන්නේ 'ඔව්' කියාය.
මිනිසුන්; විශේෂයෙන් අපේ රටේ අය නෑ-බෑ-දන්නේ නෑ කියන්නට කැමැති නැත.
රටේ ඕනෑම තැනකදී 'නැති' පාරක් ගැන කාගෙන් හරි අහන්න.
'අනේ මම නම් දන්නේ නැහැ' වෙනුවට 99% ක්ම කියන්නේ 'තව කාගෙන් හරි අහලා බලන්න' කියලාය. කෙලින්ම "මං දන්නේ නැහැ" කියන්නට මැළිය.
එහෙව් එකේ සංගණන නිලධාරියා ඉදිරියේ පාච්චල් වෙන්නට ඇති අකැමැත්ත නිසා
a b c d විතරක් අඳුනන කෙනාත් කියන්නේ 'ඉංග්‍රීසිත් දන්නා' බවය.
එතකොට සාක්ෂරතාව අතින් අපට ආසියාවේ ඉහළම තැනක් හිමිවීම අරුමයක්ද?

විනෝදයටත් එක්කම FB එකේ තරුණ පිරිස අතර
ඉංගිරිසියෙන්
'නෝ ජොබ් කොම්පැනියේ වැඩ කරන' බව කියා ඇති සංඛ්‍යාව බලන්න.
එයාලාගේ ගැන පොඩි විපරමකුත් කළාම හොඳ චිත්‍රයක්; හැංගුණු චිත්‍රයක්
මතු වෙනවා නිසැකය!

එහෙම රටක දැන් පොතකින් පිටපත් දාහක් අච්චු
ගහන්නෙත් කලාතුරකිනි.
සමහරුන් ඒක ගහන්නෙත් කතුවරයාගෙන්ම සල්ලි ලබාගෙනය. කුරුප්පු මහත්තයා
හිතුවෙත් පොත මුද්‍රණද්වාරයෙන් පළ කිරීම ගැන පමණි. මට ඕනෑ වුණේ නයාත් නොමරා, පොල්ල කඩා ගන්නෙත් නැතිව දෙපැත්තම සමබර කරගන්නටය. මේ ප්‍රශ්න සියල්ල ඇරැඹුණේ මහින්ද කුමාර දළුපොත මහත්තයාට ගොඩගේ ආයතනයේ තිබුණු
සබඳතාව හමාරවූ පසුවය. හමාර වෙන්නට කලින් ගොඩක් දේ සිද්ද වුණේය.

"හැන්දෑවට පායන හිරු". ඒ කුරුප්පු
මහත්තයාගේ ජීවිත කතාවේ පළමු කොටසයි.
පළමු කොටස කිව්වාට එක ගහද්දි 'දෙකක්' ගැන එයාගෙ හිතකවත් තිබ්බෙ නැත.
එහි පළමු සෝදුපත බැලුවේ මාය. ඒ මට අයිති නැති එකකි. (මා එය කළේ කුරුප්පු මහතාට උදව්වක් වශයෙනි. අනෙක් පොත්වලටත් එය අදාළය.) එහෙම බලාගෙන යද්දී
'මරු' පොටක් අහුවුණේය. 'ගොළු හදවත'!

මා ඉස්සෙල්ලාම කියෙව්වේ මාරක කතා පොතකි.
'මරලත් මදි'!
අවුරුදු දහය වෙන්නටත් කලින් මාරක කතා පොතක් කියවූ හින්දා මාව මරලත් මදි කියා කිව්වා නොවේ, ඒ පොතේ නම ඒකය. 1876 ඉඳලා 1962 වෙනතුරු අච්චු ගැහුණු බව වාර්තාවෙලා තියෙන විදියට නම් 996 වෙනි නවකතාව. ඊ.ඩී.එස්. හේනේගොඩ කියලයි කතුවරයාගේ නම තියෙන්නේ. මං මෙව්වා හොයාගන්නේ 'දහ බලු කතා වස්තුව-1 පෝස්ටුවේදී' කියපු ග්‍රන්ථ රත්නයෙන්.

'මරලත් මදි' අපේ අම්මාට කවුදෝ දුන් පොතකි. මා
දන්නා තරමින් නම් අපේ අම්මා
පොතක් කියවූ කිසිම දවසක් නැත. හැබැයි පොතක් අතට ගන්නවා නම් දැක ගන්නට හැකිය. 'මදි' පොතත් අතට ගෙන හංගනවා දුටු මා අම්මාට හොරෙන් එය අරන් කියවූ හැටි
තවම මතකය. ඉස්කෝලේදීත් අපට පොත් කියවන්නට වුණේ හොරෙන්ම හංගා ගෙනය. නැතිව 'ප්‍රංස රස' 'මකුණා' වගේ පොත් එළියේ දමාගන කියවන්නයැ?
'දහ බලු.... -1' විස්තර කියපු නිසයි ආයේ රිපීට් කරන්නෙ නැත්තේ.
'ගොළු හදවත' පවා අප කියෙව්වේ රහසිනි.

ගොළු හදවතේ ප්‍රේම ත්‍රිකෝණයේ එක කොනක ඉන්නේ
කුරුප්පු මහත්තයාය.
මේක එළියට දාමු යැයි මම කුරුප්පු මහතාට කිව්වෙමි.
මගේ බල කිරීමටය ඔහු 'හා' කිව්වේ. අවසරය ලද විගස මම දළුපොත මහතාට ඒ බව කිව්වෙමි. "පොත විකිණෙන එකටත් මේක උදව්වක් කරගන්න පුළුවන්.
බැරිද මේකට පොඩි පබ්ලිසිටි පාරක් දෙන්න?" යෝජනාව මගෙනි. ක්‍රියාත්මක වීම මහින්දගෙනි. මහින්ද කුමාර දළුපොත මහත්තයා 'ලේක් හවුසියේ' ඔහුගේ මිතුරෙකුට
කතා කළේය. කතන්දරය කිව්වේය. කුරුප්පු මහත්තයා ආපහු ඔස්ට්‍රේලියාවට
යන්නට කලින් ඔහුව අල්ලා ගන්නට ඕනෑය. මෙවැන්නකට ඔහු කැමැති
කරවා ගත්තෙත් අසීරුවෙනි. "අනේ ඕනේ නෑ ළමයෝ!" ඔහු මුලින්ම කීවේ එහෙමය.

එහෙත් තව රහසකුත් මට කීවේ ඒ අතරමය.
"ඇත්ත දමයන්තිත් දැන් ලංකාවට ඇවිත් ඉන්නවා!" නැත්තේ කරුණාසේන ජයලත්
මහතා පමණි.

ලේක් හවුසියේ යහළුවා කිව්වේ වාහනයක් එහෙම
දාගන්නට දවසක් දෙකක් යන බවය.
ඒ අතරේම 'ලක්බිමට' ලියන ඒ.ඩී. රංජිත් කුමාර මහතාටත් රහස 'ලීක්' වුණේ අපෙන්මය.
'අනේ නිමල්, ලේක් හවුස් එකට ඉස්සෙල්ලා මං එන්නම්! මට කියන්න කොහොමද එයාලව කන්ටැක්ට් කර ගන්නේ කියලා." රංජිත් මහත්තයා තිරසාර හඬකින්ම මට කිව්වේය.

'රුක්මණී දේවි - යුගයක ස්වර්ණ ගීතය' සරසවි ප්‍රකාශනයක්
ලෙසින් මුද්‍රණය වෙද්දී
ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයා අපේ ප්‍රෙස් එකට ආවේය. පොතේ කර්තෘ ඔහු බැවිනි.
අප අතර තිබ්බේ යාන්තම් දැන-හැඳුනුම්කමක් විතරය. ඒත් රංජිත් මහතාගේ PR එක
හරි ඉහළය. මහජන සම්බන්ධතා ඇති කර ගන්නට සූර ඔහු දෙතුන් වතාවක්ම
මට කතා කොට 'මිෂන් එක' ගැන ඇහුවේය.
ලේක් හවුසියේ මාධ්‍යවේදියාට වචනයක් දී තිබුණු නිසාය මා පොරොත්තු වෙමින් උන්නේ. අනෙක කුරුප්පු මහත්තයාත් මෝබයිල් පාවිච්චි නොකරන්නෙකු බැවින්
හිතූ-හිතූ ගමන් කතා කරගන්නට බැරි වීමයි.
ඒ අවාසි සියල්ල රංජිත් මහතාගේ වාසියට හිට්ටේය!

කෙටි කලකට ලංකාවට ඇවිත් හිටි පද්මා ලාලනී
මහත්මිය කුරුප්පු මහතාටත්,
රංජිත් කුමාර මහතාටත් භෝජන සංග්‍රහයකට ඇරියුම් කරන්නට මඟ පෑදුනේ එහෙමය. "ළමයෝ, දැන්මම කියන්න එපා, රංජිත් අපේ දුවගේ යාළුවෙක්. මෙහෙ ඇවිල්ලත්
තියෙනවා. ඒ තියා අනුලා කරුණාතිලකත් අපිව දන්නවා. හැබැයි ඇත්ත දම්මි
මමය කියලා තාම දන්නේ නෑ!"

හමුවේ ප්‍රතිඵලය 2006 ජනවාරි 29 'ඉරිදා
ලක්බිම' පත්තරයේ 'මංජුසාව' කොටසේ
40 පිටුව පුරා තිබිණි; 'ගොළු හදවතේ ඇත්ත දම්මි සොයා ගතිමි' සිරස්තලයෙන්.
රංජිත් කුමාර එතැනින් නතර වුණේ නැත. ඒ ආසන්න දිනයකම පෙරවරුවේ 'ස්වර්ණවාහිනියේ' පැයක වැඩ සටහනකට 'ඇත්ත දම්මිව' කැන්දා ගන්නටද කටයුතු
යෙදුවේය. එහි පූරක වුණේ ඔහුය! ඒ වනවිට කුරුප්පු මහතා ආපහු ඕස්ට්‍රේලියාවේය.

"ගොළු හදවත" පිටුපස කතාව ඇත්ත එකටත් වඩා රසවත් කුතුහලය දනවන්නක්ද මන්ද ?
ReplyDeleteකණ්ඩා, ප්‍රබන්ධයට වඩා ඇත්ත රසවත්ය කියලා කියනවානෙ. ඒකයි ඒ.
Delete1. හිඟන කොල්ලා, ඩිංගිරි මැණිකා පිටපත් තුන්දාහක් හාරදාහක් මුද්‍රණය කළා පමණක් නොවේ මා අසා තිබෙන විදිහට පියදාස සිරිසේනගේ ජයතිස්ස සහ රොසලින් හෙවත් වාසනාවන්ත විවාහය කියන පොත පිටපත් විසිපන්දාහක් අලෙවි වෙලා තිබෙනවා.
ReplyDeleteමේ දත්ත උපයෝගී කරගෙන ඒ දවස්වල, සාක්ෂරතාවයක් අඩු ඒ කාලයේ, එච්චර පොත් අලෙවි වුණාට දැන් ඇයි නවකතාවකින් පිටපත් දාහක් අලෙවි කරගන්න අමාරුයි යනුවෙන් තර්ක කරන අය අමතක කරන ලොකු කාරණයක් තිබෙනවා.
ඒක තමයි පියදාස සිරිසේන ලා පොත් ලියපු කාලේ අවුරුද්දකට පොත් පළ වුණේ දෙක තුනයි. ඔබම මෙහි වෙනත් කොටසක කියා තිබෙන පරිදි මෑත කාලයේ ගොඩගේ සමාගමෙන් පමණක් සතියකට පොත් පහක් එළිදක්වනවා.
ජනගහනය වැඩි වුණාට සාක්ෂරතාව වැඩි වුණාට පොත් කියවන විට මිනිසුන් ප්‍රමාණය වැඩි උනාට ප අමතක නොකළ යුතු කාරණා තමයි මිනිහකුට පොතක් කියවන්නට තමන්ගේ පැය විසි හතරේ කොපමණ ප්‍රතිශතයක් ගත කළ හැකිද සහ ඒ සමගම පොතක් මිලදී ගැනීමට තමන්ගේ ආදායමෙන් සියයට කීයක් වැය කළ හැකිද යන්න. ඒවා වැඩි වී නැහැ මං හිතන විදියට, අඩුවෙලා මිස.
2. මා ගොලු හදවත කිව්වේ වයස අවුරුදු 23 දී පමණයි ඔය පොත ගැන අසා තිබුණු කරුණු අනුව මං හිතාගෙන හිටියේ මේක නිකං මාර සාහිත්‍යයමය ආශ්චර්යයක් කියලයි.
ReplyDeleteඅන්තිමට බලාගෙන ගියාම නිකංම නිකං මොන්ටිසෝරි ලව් එකක් කොටින්ම කොල්ලා කෙල්ලගෙ අතින්වත් අල්ලලා නැති හිතක විතරක් තිබුණු එකක්.
මම ගොළු හදවත ගැන ලිපියක් ලිව්වා ඒකට මාතෘකාව දැම්මෙ සිලි හදවත හෙවත් මුල්ලේරියානු ආදරේ කියලයි.
ඒ ලිපියේ අන්තර්ගතය ිරෝධය පාමින් නවසීලන්තයේ සිට ප්‍රියානන්ද විජේසුන්දර ගොළු හදවත පසසමින් පිළිතුරු ලිපියක් පළ කළා.
එයට පිළිතුරු ලෙස මා ලියූ දෙවැනි ලිපිය අවසන් කළේ මට මතක විදිහට මෙන්න මේ ආකාරයටයි.
අපට අවශ්‍ය සුගත් නාමයෙන් බූට් එක දරාගන්න බැරුව බෝතලේට ඇබ්බැහිවී කැරකෝප්පුව ට යන තරුණයින් නොව "හැන්දෑවට හෝ පායා එලිය දෙන්නට හැකි හිරු" වැනි අය ය.
කාලය වැයකොට දිගු සංසන්දනාත්මක උත්තරයක් ලිවීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි!
ReplyDelete