li Item

Monday, March 17, 2025

Rekhachithram සහ කෝප්

‘මේක බලන්න. හැබැයි ඉතිං හිණේ කෝණම් පොජ්ජක් තියෙන නිසාම තාමත් දිසාපොජ්ජ මන්දො කරනා යමකෙ පොජ්ජේ පෝරුගං පොජ්ජට කෝණම් පොජ්ජත් කොදු කොරාන වට්ටං පොජ්ජට ගච්චන නිමල් දිසානායක හූරා වෙන්ට බැරූං කියලා මේ ඇත්තන්ට හිත්ලානවා බොලංලා, මොකෑ ඔය ඇත්තන්ට හිත් ලාන්නේ?

ඉතා නිර්මාණාත්මක ලෙස ‘ආදිවාසීන්ගේ බසින්’ comment එකක් එවමින් රසිකයෙක් කියලා තිබුණා. හැබැයි නොනමින්. Ano කෙනෙකු විදිහට.

ඇයි මේ කුලප්පු post එකට ඉතා නිර්මාණාත්මක ලෙස ‘ආදිවාසීන්ගේ බසින්’ comment එකක් එවමින් රසිකයෙක් කියලා තිබුණා. හැබැයි නොනමින්. Ano කෙනෙකු විදිහට. (මොකද මන්දා- ඔහොම comments එවන ගොඩක් දෙනා තමන්ගේ අනන්‍යතාව හෙළිදරව් නොවෙන විදිහටයි ඒ හපන්කම කරන්නේ!)

‘මේ චූටි ක්ලිප් එකේ ඉන්නේ නිමල් දිසානායක සහෝදරයා නේද? කියල link එකකුත් එවමිනුයි ඒ කමෙන්ටුව පටන් ගෙන තිබුණේ. මාත් ඒ ලින්ක් එකට ගිහිං බැලුවා. අනේ, ඒ මං නෙවෙයිනෙ...
Ano, කනගාටුයි, ඔයාට වැරදිලා.’ කියල මං එයාට උත්තරයකුත් දුන්නා.

ජනිත් ලියනගේ මහතාත් ඒ link එකට ගිහිල්ලා වගෙයි. එයා කියලා තිබුණේ මෙහෙමයි.
“ඔය ක්ලිප් එකේ ඉන්නේ නම් නිදී ලොක්කා වෙන්න බෑ බං. මොකද ඉණේ වස්තරයක් තියෙනවා නේද
? මේකා අමු හෙළුවෙන්නේ මේකේ ඩෝබි රාජකාරිය අකුරට ජයට උදයේ හවස කරගෙන යන්නේ.

ඇත්තටම මචං නිදී ලොක්කා අංකල් උඹ දවසක වලකජ්ජ ගහන්නේ ඔහොම වැටිලා එහෙම නෙවෙයි ඔය හෝදන්න ගොඩ ගැහිලා තියෙන රෙදි කන්දරාවට යටවෙලා. දවසින් දවස ගොඩ ගැහෙන්නේ ඩබල් එකෙන්නේ. එන්න එන්න වැඩි වෙනවා. මේ සංසාරේ හෝදලා ඉවර කරන්න බැරි තරමට අසූචි තැවරුණ මාලිමා කුණුරෙදි ගොඩ දැන් අර මැදමුලනේ පාදඩ ජරාපස්ස හොර හැත්ත හොරාකන්නම හදලා දාපු අර මෙලෝ වැඩකට නැති ගොබ්බ නෙලුම් කුළුණටත් වැඩිය උසයි නේද?
මූට පිස්සුද ඕයි. නොදකින් විතරක් පුත්තලම් බූරුවා. විලි ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩියි කියලා කියන්නේ ඒකනේ. ඇත්තටම උඹේ ලැජ්ජ බිමින් තියලා ද බං නිදි අංකල්
?

කොහොම comments වුණත් ඒවා පළ කරන එක ගැන මගේ හිතේ තියෙන්නේ නං ප්‍රසාදයක්. විවිධ අදහස් නෙව! ඒත්, සමහරු කමෙන්ට් කරන්නේ තමුන්නේ වැරදි වහ ගන්නලු; බඩවියත රැකගන්නලු; රස්සාවටලු.
අනේ, මම නං ඒ විත්තියක් දන්නෙ නෑ ඕං... යමක් දැකලා- කියවලා- අහලා ඒ මොහොතේම... රැස් යන්න කලින්ම තමන්ට දැනෙන අව්‍යාජ සිතුවිල්ල ලෝකෙටම කියන එක කොච්චර අගේ ඇති වැඩක්ද?

සමහරු ඒ රාජකාරිය කරනවා බොහොම සංයමයෙන් යුතුව. සැබි විදිහට. තව අය ඊට හාත්පසින් වෙනස්වයි ඒක කරන්නේ. තව අය හිතේ කැකෑරෙන වේදනාව නිසා වෙන්නැති, පුදුමාකාර වෛරයකින් comment කොටන්නේ.
ඒ වගෙමයි- සමහර කමෙන්ට්ස් ඉතා හරවත්, නැණහුරු, කාලෝචිත ඒවා. අර කලින් සඳහන් කෙරුණු කමෙන්ටු අතරේම තියෙන Lotus රසිකාවියගේ මේ comment එක එහෙම එකක් විදිහටයි, මම දකින්නේ.

එහෙම දුටු තැන වෙඩි තියන්න පාතාල සාමාජිකයො 'ආ අපි පාතාලෙ' කියලා බෝඩ් එල්ලගෙන හරි ඇඟේ කොහෙ හරි කොටාගෙන ඉන්නවද ‘අනේ අපිව දුටු තැන මරන්න’ කියාගෙන.

"මේකට සම්බන්දයක් නැතත් මම මේ ලඟදි දැක්කා YouTube කමෙන්ට් එකක් "පොලිසියට අවසර දෙන්න පාතාල සමාජිකයින් දුටු තැන වෙඩි තියන්න" කියලා. මම බලපු වෙලාවෙ ඒක තමයි ටොප් කමෙන්ට් එක- බොහෝ අය හුරේ දාලා තිබුණා.

නමුත් ඇත්තටම හිතලා බැලුවොත් එහෙම දුටු තැන වෙඩි තියන්න පාතාල සාමාජිකයො 'ආ අපි පාතාලෙ' කියලා බෝඩ් එල්ලගෙන හරි ඇඟේ කොහෙ හරි කොටාගෙන ඉන්නවද ‘අනේ අපිව දුටු තැන මරන්න’ කියාගෙන.
හරි වෙඩි තියන්න පටන් ගත්තා කියමුකො. එතකොට අනිත් පාතාල සාමාජිකයො නිකන් ඉඳියිද තමන්ගෙ අය මරනවා බලාගෙන
, mistaken identity නිසා අහිංසක මිනිස්සුත් මැරෙන්නෙ නැතිවෙයිද, රටේ මානව හිමිකම් රෙකෝඩ් එකට මොකද වෙන්නෙ.
දැන් දැක්කනෙ හිටපු ජනාධිපතිතුමෙක්
AJ එක්ක ඉන්ටර්වීව් එකකට ගිහින් වෙච්ච දේ. "not contesting, next question please" කිය කිය ඉන්න වුණේ 😁. So much of childish behaviour and evading responsibility. හැබැයි සමහරුන්ට නම් ඒ ඉන්ටවීව් හරි ලොකුයිලු රට පාවා දුන්නෙ නැති නිසා.’

මේ දවස්වල මගේ වේලාවෙන් ලොකුම කොටහක් යන්නේ YouTube එකට. ඒකෙ තියෙන කෝප් කමිටු රැස්වීම්වල වීඩියෝස් බලන්න. ඒවාට එකේක්කෙනා කියල තියෙන comments කියවන්න.
ඒ හින්දා films බැලිල්ලත් අඩු වෙලා. Blog එක ලිවීමේ වේගයත් අඩු වෙලා. (
වැටිච්ච එකෙන් තැලිච්ච තැන් තවමත් රිදෙන නිසා කොම්පියුටරේ ඉස්සරහ හිටිය හැකි වෙලාවත් අඩු වෙලා හින්දයි ඒ!)
කෝප් කමිටු රැස්වීම්වල ඉතිං බලන්න තියෙන්නෙ ප්‍රශ්න අහද්දී හිටපු; ඉන්න අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්... සුදු කරපටිධාරී නිලධාරීන්ගේ ‘මුඛ පූට්ටු’වෙන හැටි නෙව. අනෙක තමා ඒ නිලධාරී මාත්තුරුන්ගේ ලේ කඳුළක් නැති; හිනාවක ශේෂයක්වත් නැති; විරවෙච්ච; පරවෙච්ච මුහුණු...
ඒ මුහුණු දිගටම දැකීම මට නං හරිම අප්පරසන්නයි.

පුදුම හිතෙන්නේ කෝප් කමිටුව ඉස්සරහට ගෙන්වන ඔය නිලධාරින් ඔක්කොමල්ලමත් මේ සිරි ලංකාද්වීපයේ; මේ ධර්මද්වීපයේ පුරවැසියන්ම නේද කියලා මතක් වෙනකොටයි! අපිත් එක්කම මේ රටේ ජීවත් වෙන උදවිය නේද කියල හිතෙනකොටයි!!
මොකද ඒ ගොල්ලො අඟහරු ලෝකෙන් ආව අය නෙවෙයිනෙ. තනතුරු ආරස්සා කරගන්නම විතරක්ද උන්නැහෙලා අර වගේ අනීතික වැඩවලට උදව් දීල තියෙන්නෙ?
උන්දලට හෘදය සාක්ෂිය කියලා එකක් තිබිලම නෑ වගෙයිනෙ!

මේ කමිටු රැස්වීම්වලදී හෙළිවෙන තොරතුරු නං අපේ නරඹන්නන්ට එච්චර අල්ලලා යන පාටක් නැහැ. ඒ තියා පත්තරවලවත් එව්වා වැටෙන්නේ නැතිම තරං නෙව. (මාත් දැන් පත්තර නොකියවන නිසා- මේ නිගමනයට එද්දී මට වැරදිලා වෙන්නත් ඉඩ තියෙනවා.)

විවේක්ව මට හම්බ වුණේ ඊයේ. Rekhachithram මලයාලි film එකෙන්.

නාට්‍යානුසාරී සිදුවීම් නැති කෝප් කමිටු රැස්වීම් බලන අය හරිම අඩුයි වගේ. නමුත් රණ්ඩු, මිනීමැරීම්, අනතුරු වගේ ට්‍රෙන්ඩින් වීඩියෝස් බලන අය වැඩියි...

ප්‍රේක්ෂක රුචිය නෙව!

‘යුක්තිය’ මෙහෙයුම එහෙම දියත් කරවපු; අපේ (හිටපු / තවමත් ඉන්නවාද මන්දා.) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයාව හොයා ගන්නට තවමත් අපේ පොලිසියේ දක්ෂ- පක්ෂ නිලධාරී මහත්වරුන්ට බැරි වෙලා. ඒ, දේශබන්ධු මහතාව අත් අඩංගුවට ගන්නැයි පෙබරවාරි 28 වෙනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් කළාට පස්සේ.

ඇත්තටම ‘විවේක් ගෝපිනාත්’ වගේ හපනුන් අපේ රටේ පොලිසියේත් ඉන්නවා නං!!!

විවේක්ව මට හම්බ වුණේ ඊයේ. Rekhachithram මලයාලි film එකෙන්.
දැනටමත් ඒ ෆිලුම ගොඩක් වාර්තා තියලා. කෝටි 7කට ආසන්න මුදලක් වියදම් කරලා හැදූ ‘රේඛාචිත්‍රම්’ ප්‍රදර්ශනේ කරලා මාසයක් යන්නත් කලින් කෝටි 5ක ආදායමක් උපයාගෙන... Imdb දර්ශකයෙනුත් (දහයෙන්) 8.5 වගේ ඉතා හොඳ අගයක් ලබාගෙන...

මං දැකපු හැටියට නම් mystery crime thriller ගොඩට වැටෙන මේ ෆිලුමට ‘සිංහල උපසිරසි’ ලබාදෙන හැම අඩවියකින්ම වගේ දැනටම subs දීලාත් අහවරයි.

“අයියා, අයියා. ඊයේ අපේ තාත්තා චිත්රපටියක රඟපෑවනේ.”
කැලෑබද පාරක යන ගමන් පොඩි කොල්ලෙක් ලොකු කොල්ලෙකුට කියනවා.
“බොරු කියන්න එපා!” වැඩුමලා පොඩි එකාට කියන්නේ තරවටුවෙන්.
“ඇත්ත. මම දැක්කා.”
“මොනවද ඔයා දැක්කේ?”
ලොකු එක්කෙනා අහනවා.

එහෙමයි Rekhachithram පටන් ගන්නේ.
ඊළඟට කැමරාව පොඩි හාදයාගේ මුහුණට යොමු වෙනවා... සමීප රූපයක්... හැඟුම්බර දෙනෙතක්... පැදුරක ඔතාගත් අප්‍රාණික සිරුරක් උස්සාගෙන මහ රෑක යන හතර දෙනෙක්... වැස්සේ තෙමි-තෙමී... පැදුරෙන් වැහිච්ච නැති සියුමැලි දෙපය ප්‍රේක්ෂක අපට ඉඟි කරනවා ‘ඒ සිරුර තරුණියකගේ’ බව...
(පස්සෙයි අපි දැනගන්නෙ ඒ සිද්දිය වෙලා තියෙන්නෙ 1985 අවුරුද්දේ බව...)

මේ වර්තමානය...
රාජකාරි වෙලාවේ ඔන්ලයින් රූමි ක්‍රීඩා කරලා අහුවෙන පොලිස් පරීක්ෂක විවේක් ගෝපිනාත්ගේ වැඩ තහනම් කෙරෙනවා. විවේක් වැඩ්ඩෙක්. මිනිහව දඬුවමක් විදිහට කේරළයේ
  Malakkappara පොලිසියට මාරු කෙරෙනවා... එහෙමට කරන්න තරං රාජකාරි නැති පොලිස් ස්ටේෂන් එකක් ඒ.

ඒ අතරේ පොහොසත්; වියපත්; බේබදු තැනැත්තෙක් එයාගෙ වාහනෙන් රියැදුරාත් එක්ක මාලක්කප්පාරාවෙ නිහඬ නිසංසල කැලයක අද්දරට සේන්දු වෙනවා. රියැදුරාට වාහනයේම ඉන්නට කියලා බෝතලේකුත් කිහිලි ගන්නාගෙන එයා කැලේට වදිනවා. එක්තරා විශේෂිත තැනකට එන ඔහු එතන වාඩිවෙලා මොබයිල් ෆෝන් එකේ කැමරාව ක්‍රියාත්මක කරනවා.

මේ ගහ යට... මගෙ කකුල් යටින් තියෙන පස් යට... මේ පස් යට එයා වැතිරිල ඉන්නවා..

‘ඔයාල හිතනවා ඇති මම මෙතනම වාඩි වෙලා මොනවද කියන්න යන්නෙ කියල.

-වැඩි දෙයක් නෑ. මා ගැන තමයි, මගෙ ජීවිතේ ගැන. සල්ලි පස්සෙ දුවල සෞඛ්‍ය තත්ත්වය, පවුල, හිතේ සැනසීම... මේ සේරම නැති කරගත්තු එක ගැන. මම සල්ලි ගොඩක් හම්බ කළා. ඒත් ඒ සේරම අපරාදෙ. ඒත් ඒකට හේතුවක් තියෙනවා.
ඒ සේරම පටන් ගත්තෙ ලේ තැවරුණු සල්ලි එක්ක. ජීවිතයක මිල...
මට ඒක ප්‍රතික්ෂේප කරන්න තිබුණා. ඒත් මම ඒක ගත්තා. ඒ 1985. මම, ඇලිස් ජුවලරියේ අයිතිකාර වින්සන් සහ ප්‍රැන්සිස් තඩත්තිල් සමඟ මෙතැනට ආවා. අපි කෙල්ලෙක්ව පැදුරකින් ඔතල උස්සගෙන අරං ආවා. එයාට  යන්තම් අවුරුදු 18ක් විතර ඇති. කොහෙ කෙනෙක්ද කියලවත් අපි දන්නෙ නෑ.

-කවුරු හරි කොහෙ හරි ඉඳල ආපු කෙනෙක්.
අන්තිම හුස්ම යන්නටත් කලින් අපි එයාගෙ මූණ උඩට දාපු පස්වලින් තමයි එයාගෙ ජීවිතේ ඉවර වුණේ.

-ඒත් ඒ එක්කම අපේ ජීවිත ආරම්භ උනා.
කාලය මාව මෙතනට අරගෙන ආවා. ඒක පටන් ගත්ත තැනට.

-මේ ගහ යට... මගෙ කකුල් යටින් තියෙන පස් යට... මේ පස් යට එයා වැතිරිල ඉන්නවා.
මම හිතුවේ කවද හරි මිනිස්සු මේ ගැන දැනගනී කියලා. ඒත් නෑ... අද වෙනකල් නෑ.’

ඊළඟට කැලේ තිබ්බ නිසංසලකම නැති කරමින් වෙඩි හඬක් පැතිරෙනවා. රියැදුරා අඩි පාර දිගේ කැලේට දුවගෙන යන්නේ හාම්පුතාව හොයාගෙන.

...එහෙමට රාජකාරි නැති මාලක්කප්පාරා පොලිසියේ වැඩ බාරගත්තු ගමන්ම විවේක්ට බරපතළ රාජකාරියක්... ධනවත් රාජේන්ද්‍රන් කැලයක් මැද්දෙදි වෙඩි තියාගෙන සියදිවි නසා ගන්නට කලින් කරපු පාපෝච්චාරණය ඇත්තම ඇත්තක්ද?
එතැන පස් යට නන්නාඳුනන තරුණියකගේ ඇටසැකිල්ලක් තියේවිද?
රාජේන්ද්‍රන් කියන විදිහට ඇලිස් ජුවලරියේ අයිතිකාර වින්සන් ඇත්තටම ඒ අපරාදෙට හවුල් වුණාද? (දැන් වින්සන් ගොඩක් සරුසාර කෝටිපති ව්‍යාපාරිකයෙක් නිසා වැඩ කරන්න වෙන්නේ හරීම පරෙස්සමෙන්.)

පැය 2 විනාඩි 17ක් විතර දිග ‘රේඛාචිත්‍රම්’ ෆිලුම පටන් ගෙන විනාඩි 13ක් යනකල් කතන්දරේ තමයි මෙතෙක් කිව්වේ...

අන්තිමට බලද්දී රාජෙන්ද්‍රන්ගේ පාපෝච්චාරණය ඇත්තක්!
එතන පස් යට ඇටසැකිල්ලකුත් තිබිලා හමු වෙනවා!!! ඒක කාගෙද...
වින්සන්? ප්‍රැන්සිස් තඩත්තිල්? එයාල කෝ... එයාලට එරෙහිව චෝදනා ගොනු කරන්න නං සාක්කි ඕනෑ... ප්‍රැන්සිසුත් අතුරුදහන් වෙච්ච ගාණයි.
කොහෙන් කොහොම පටන් ගන්නද?

නීති-රීති, අණ-පනත් අඩු; වැරදි වැඩ වැඩි ‘ධර්ම ද්වීපයේ’ මිනිස්සුන් ළඟ ඒ කෑදරකම්- ආශාවන් හා අමනුස්සකම් වෙන කොහෙටත් වඩා වැඩියිද...

හොඳටෝම ඇම්ම තියෙන විවේක් චුට්ටක්වත් පරක්කු නොවී වැඩ පටන් ගන්නවා.

අවුරුදු හතළිහකට ඉස්සෙල්ල අතුරුදහන් වුණු, ඒත් ඒ බවට කිසිම තැනක පැමිණිල්ලක්වත් නැති; නමක් ගමක් උන්හිටි තැනක් නොදන්නා තරුණ කෙල්ලෙකු ගැන හොයන රාජකාරියයි ඒ.
වින්දිතයාට සාධාරණය ඉටු කරන එකයි විවේක්ගේ එකම අරමුණ.

Film එකේ තියෙන්නෙ විවේක් ඒ අරමුණ ඉටු කරගන්නා විදිහයි...

ඒ කොහොමද කියලා දැනගන්න නං ඔයාලට Rekhachithram බලන්න වෙනවා. ඒ වෙනුවෙන් ටිකක් මහන්සි වීම ගැන ඔයාල ඇබින්දක්වත් නොතැවෙන විත්තිය නං මට හොඳටම ෂුවර්!
ෆිලුමේ රඟපාන නළු-නිළියන් ගැන, අධ්‍යක්ෂක ගැන, කාර්මික ශිල්පීන් ගැන, සාර්ථකත්වයේ වාර්තා ගැන නොහෙව්වට කමක් නෑ. රේඛාචිත්‍රම් බලන්න කියන එකයි මගේ නිර්දේශය.

‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියට මේ ෆිලුම සඳහා subs සැපයූ Bandula K සහෘදයා එයාගේ හැඳින්වීම් ලිපියේ මෙහෙමත් කියනවා.
‘අපි හැම දෙනාම මනුස්සයොනෙ. මනුස්සයෙක් අපරාධයක් කලොත් ලැබෙන දායාදයක් නැතිනම් තමන්ටම ලැබෙන ස්වයං දඬුවම තමයි තමන්ට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න බැරි වෙන එක. කොච්චර උත්සාහ කලත් තමන් කරපු වරද තමන් පස්සෙන් එද්දි දැනෙන වේදනාව සමහර වෙලාවට තමන්ගෙ ජීවිතේ කනපිට හරවනවා- නැත්තම් මරණයෙන් කෙලවර කරවනවා.’    

ඉස්සර වගේ නෙවෙයි, දැන් ලෝකය පුංචියි. ජනගහණය වැඩියි; සංකීර්ණ වැඩියි. තාක්ෂණය දියුණුයි. දැනුවත්කම අතින් පුළුල්...
ඒත් මිනිසුන්ගේ තණ්හාබර කෑදරකම්- ආශාවන් ඉස්සර වගේමයි; ගොඩ වෙලාවට ඉස්සරටත් වැඩිය වැඩියි.

නීති-රීති, අණ-පනත් අඩු; වැරදි වැඩ වැඩි ‘ධර්ම ද්වීපයේ’ මිනිස්සුන් ළඟ ඒ කෑදරකම්- ආශාවන් හා අමනුස්සකම් වෙන කොහෙටත් වඩා වැඩියිද මන්දා...

අමාරුවෙන් වෙලාවක් හොයාගෙන හරි (විනාඩි 21.21 දිග) මේ වීඩියෝව බලන්න පුළුවනිද? එතකොට පෙනෙයි අපේ මිනිස්සුන්ගේ අමනුස්සකම් කොයි තරම්ද කියලා.
ඒ වීඩියෝව බලන්න ඉඩක් නැති අය වෙනුවෙනුයි, එහි 14 වෙනි විනාඩියේ සිට 15.30 තෙක් විනාඩි එකහමාරෙදි කියවෙන දෙයින් කොටසක් අකුරුවලින් සටහන් කරන්නේ.

‘... ඒ කියන්නේ ඊළඟ අවුරුද්දට අවශ්‍ය ඖෂධ ගෙන්වන්න සැලසුම් කරනවට වඩා වෙහෙසිලා තියෙනවා මෙන්න මේක plan කරන්න...’
‘...’
‘දැන් අපි ගත්තොත් ඇස් අන්ධ වීම සම්බන්ධ කතන්දරේදී ඒ ඖෂධය ගෙන්වපු ආයතනයට එරෙහිව අමාත්‍යාංශය හෝ NMR එක පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියා මාර්ග අරගෙන තියෙනවද?’
‘Black list කරල හරි තියෙනවද?’

ඔව්... අපි ඒ product එක withdraw කරල තියෙන්නෙ.

ඔව්... අපි ඒ product එක withdraw කරල තියෙන්නෙ.’
‘...’

'එතකොට 27 දෙනෙක්ගේ ඇස් අන්ධ කිරීම කරපු සමාගමක් බ්ලැක් list කරන්න තීන්දු නොකිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක සරලයිද ඔබතුමාලට? ඒ කියන්නෙ කොච්චර ඇස් අන්ධ වෙන්න ඕනද? කී දෙනෙක් මැරෙන්න ඕනිද ඒ වගේ drug ගෙන්නන කොම්පැනියක් black list කරන්න. 27ක් ඇස් අන්ධ වීම මදිද ඒ තීන්දුව ගන්න.’

‘ඒ සමාගමේ නම මොකක්ද?’

‘...’
‘දැන් ඔබට ඔබේ දරුවාට මට මෙහෙම වුණාට පස්සෙද... අපි එහෙම හිතන්නෙ නැද්ද? ඒ සංවේදීකම...’

අපේ සංවේදීකම අපේ තෙතමනය නැත්තටම නැති වෙලාද? මොන තරමේ අපරාධයක් සිද්ද වෙද්දී වුණත් ‘අපට නෙවෙයිනෙ’ කියල අහක බලාගෙන ඉන්න තරමට අපි නිවටයන් වෙලාද?

කවදාක හරි (රාජේන්ද්‍රන්ගේ වගේ) මේ නිලධාරීන්ගේත්, ඔවුන් මෙහෙයවූ දේශපාලකයන්ගේත් හෘදය සාක්ෂිය අවදි වේවිද?
මොවුන්ගේ සටකපට, අනීතික, කුමන්ත්‍රණකාරී, සාපරාධී, අනීතික කෙරුවාවල් හෙළිදරව් කර ගන්න සමත් ‘විවේක් ගෝපිනාත්ලා’ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නැද්ද?

දසක හතක් තිස්සේ ඔඩු දුවපු තුවාල සනීප කරන්න කොච්චර විතර කාලයක් තිබ්බොත් ඇතිද කියලයි මං මේ තවමත් කල්පනා කරන්නේ෴0෴

32 comments:

  1. මේවා කියවද්දී හිතට එන දේවල් එක තැනකට ගන්න අමාරුයි .. මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක් .

    දියුණු යැයි කියන රටවලත් සහගහන අපරාධ වෙනවා .

    තව අවුරුදු 50-100ක් විතර යනකොට අපි ඇයි මෙහෙම උනේ කියල තේරුම් ගන්න අපිට පුළුවන් වෙයි .

    ReplyDelete
    Replies
    1. පැතුම් මම ඉන්නෙ ඩෙන්මාර්ක්. මෙහෙ පාරවල් ලංකාවෙ ඒවත් එක්ක බැලුවම මහ වෙනසක් නෑ. ඒ උනාට low floor bus දුවන්නෙ. දුර ගමන් වලට ටිකක් floor එක උස එකක් දුවන්නෙ. අනික ලංකාවෙ බදුල්ල කොලඹ superline එක අර හපුතලේ වංගුවල හොඳට යන්නෙ ඔය. ඔය මොන බස් දිව්වත් වැඩක් නෑ හරි කාල සටහනක් නැත්තම්. හරි නීතියක් විනයක් නැත්තම්. නීතියක් විනයක් තියෙනව නම් රට හැදෙනකල් Leyland දිව්වත් කමක් නෑ. නමුත් අර තොරොමබොල් කරත්ත කලාව නම් එපා.

      ඒ කොහොම වෙතත්, ඔබ පවසන ආකාරයට ලංකාවේ නීතිය සහ විනය ප්‍රමාණවත් නැතිවීමට හේතු ගණනාවක් තියෙනවා:

      නීති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා: නීති පොතේ තිබුණත්, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේදී ගැටලු තිබිය හැකිය. ප්‍රමාණවත් සම්පත් නොමැතිකම, දූෂණය, දේශපාලන බලපෑම් වැනි හේතු නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී දුර්වලතා දැකිය හැකිය. වර්තමාන NPP රජයේ අතිදුර්වල අත්දැකීම් නැති මෝඩ වැඩ නිසා මේක තවත් අන්ත විදියට උග්‍ර අතට හැරිලා

      දිගුකාලීන නීතිමය ක්‍රියාවලිය තවත් පහළට වැටෙන විට අධිකරණ කටයුතු ප්‍රමාද වීම, නඩු විභාගවලට දීර්ඝ කාලයක් ගත වීම වැනි හේතු නිසා අපරාධකරුවන්ට ඉක්මන් දඬුවම් නොලැබීම. මෙය නීතියේ බලපෑම දුර්වල කරනවා

      වර්තමාන ජාජබ ආණ්‌ඩුව යටතේත් සමාජයේ විනය එන්න එන්නම පිරිහීම, බොහෝ විට ලංකාවේ සමාජයේ විනය සහ වගකීම් සහගත හැසිරීම්වල අඩුවක් දැකිය හැකියි. පෙරටත් වඩා මාර්ග නීති උල්ලංඝනය කිරීම, පොදු ස්ථානවල අශෝභන ලෙස හැසිරීම වැනි දේවල් මෙයට උදාහරණයි.

      අපරාධවල සංකීර්ණත්වය ඉහළ යාම: වර්තමානයේ අපරාධ නව ස්වරූප ගන්නා අතර, ඒවා විසඳීමට සහ වැළැක්වීමට නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම අවශ්‍යයි.

      //ලංකාවේ නීතිය සහ විනය හදලා අපරාධ අඩු කරන්න පුළුවන්ද?//

      ඔව්, නිසැකවම ලංකාවේ නීතිය සහ විනය ශක්තිමත් කිරීමෙන් අපරාධ අඩු කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් මෙන්න:

      පවතින නීති හරියට ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම:

      පොලීසියට ප්‍රමාණවත් සම්පත් (මානව, තාක්ෂණික, මූල්‍ය) ලබා දීම සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.

      දූෂණයට එරෙහිව දැඩිව ක්‍රියා කිරීම සහ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව සහතික කිරීම.

      නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් සඳහා නිසි පුහුණුව සහ අධීක්ෂණය ලබා දීම.

      අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම: අධිකරණ කටයුතු වේගවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම.

      අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම.

      නඩු විභාග සඳහා ප්‍රමාණවත් පහසුකම් සහ සම්පත් ලබා දීම.

      නීති සහ රෙගුලාසි යාවත්කාලීන කිරීම: වර්තමාන සමාජයේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පවතින නීති සහ රෙගුලාසි යාවත්කාලීන කිරීම සහ නව නීති හඳුන්වා දීම.

      සමාජයේ විනය සහ වගකීම/ වගවීම වැඩි දියුණු කිරීම: පාසල් අධ්‍යාපනය තුළින් සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් නීතියේ වැදගත්කම සහ විනයගරුක හැසිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම.

      නීති කඩ කරන අයට නිසි දඬුවම් ලබා දීමෙන් නීතියට ගරු කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම.

      අපරාධ වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම:
      අපරාධවලට මුල් වන හේතු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම සඳහා ප්‍රජා මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

      තරුණ තරුණියන් අපරාධවලට පෙළඹීම වැළැක්වීම සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම.

      තාක්ෂණය භාවිතය: අපරාධ විමර්ශනය කිරීමට සහ වැළැක්වීමට නවීන තාක්ෂණය (CCTV කැමරා පද්ධති, දත්ත විශ්ලේෂණය වැනි) භාවිතය වැඩි කිරීම.

      මේ ආකාරයට විවිධ ක්ෂේත්‍රවල නීතිය සහ විනය ශක්තිමත් කිරීමෙන් ලංකාවේ අපරාධ මට්ටම සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා. එය හුදෙක් නීති සම්පාදනය කිරීමෙන් පමණක් නොව, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ සමාජයේ සාමූහික සහයෝගය මත ද රඳා පවතිනවා. ලංකාවේ අතිබහුතර ජනතාව 2024 වසරේ මැතිවරණයෙන් අලුතෙන්ම පිරිසකට බලය ලබාදී අලුත්ම මන්ත්‍රීවරුන් 159 දෙනකුම පාර්ලිමේන්තුවට යැව්වේ මේවා කරන්න. ඒත් අන්තිමට උන් හිටපු අපත හොර රැලටත් වඩා අන්ත විදියට සේරම අවුල් ජාලයක් කරගෙන. දැන් උන්ව එලවලා තව අලුතෙන්ම දේශපාලන පක්ෂ කණ්ඩායමක් හදාගන්න වෙනවා මිනිස්සුන්ට මොකද මුන් හිටියොත් තිබුණාටත් වැඩිය නරක අතට හැරිලා ලංකාව අප්‍රිකාවේ නොදියුණු රටවල තත්ත්වයට වැටෙන බව දැකගත හැකි නිසා.

      Delete
    2. මුලින්ම පැතුම්... ඔයාගේ කමෙන්ටුවට ගොඩක් ස්තුතියි. මොකෝ දන්නවද?
      ඩෙන්මාර්කයේ ඉන්න Ano කෙනෙක්වත් හොඳටම උත්තේජනය කළාට.

      Delete
    3. Ano, දැන් ඔයාට ගොඩක් ස්තුතියි කියන්නං.
      දුරු රටක ඉඳගෙනත් මව්බිම ගැන අවදියෙන් සිටිමින් - මෙහෙ සිද්ද වෙන දේවල් ගැන ඉතා ඕනෑකමින් දැනුවත් වීම පිළිබඳව.

      ලොකු වෙලාවක් අරගෙන ඉතා මැනවින් ඔයාගේ අදහස් අපට කීම ලොකු දෙයක්!
      මෙහෙම විවේචන තමයි වටින්නෙ. මේවා දේශපාලන අධිකාරීන්ගේ ඇසට යොමු වේවා!!!

      Delete
    4. දේශපාලනේ ගැන මම හරි උදාසීනයි .. නමුත් අපි ඉන්නේ ගව් ගානක් පිටුපසින් කියල හිතෙනකොට සමහර වෙලාවට දුකයි . ඔය ඇනෝ වගේ එහෙම අවංකව දුක් වෙන අය ගොඩක් ඉන්නවා . මම දේශපාලනේ මගේ ජිවිතෙන් ඈත් කරලා ඉන්නේ .

      මම ජෙප්පෝ එනවට විරුද්ධ වෙච්ච කෙනෙක් . හැබැයි මම කැමතියි සාධාරණ කාලයක් දීලා බලන්න .

      රනිල්ගේ බටලන්ද කියන්නේ තේරුමක් නැති ප්‍රශ්නයක් ! මිනිස්සුන්ට හැමදාම වගේ සති දෙකෙන් දෙකට ආතල් දෙන්න හොඳ ප්‍රවෘත්තියක් මිසක් මෙලෝ ප්‍රයෝජනයක් නැති දෙයක්

      ඔච්චර බලයක් තියාගෙන බයිලා ගහන්නේ නැතුව මේ ටිකට කරන්න පුළුවන් කොච්චර වැඩ තිබුනද ..

      මෙයාලත් කරන්නේ අහම්බෙන් වගේ හම්බවෙච්ච බලය තියාගෙන අවුරුදු 5 ඇදගෙන පරණ රැල ගිය පුරුදු පාරේම යන්න හදන එක .

      Delete
  2. මට තේරුම්ගගන්න බැරි කාරනේ තමයි බිලියන ගණනක් පොලු තියපු එකා මාස හයකට හිරේ ගිහිල්ලා හොඳ කල්කිරියාවෙන් ඉඳලා මාස හතරෙන් ගෙදර එනකොට 1500 පගාව ගත්ත එකා අවුරුදු දහයකට පහළවකට හිරේ යන්නෙ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. @ Litseeker

      සහතික ඇත්ත !

      බිලියන ගණන් ගසා කාපු එකාට මාස හයකින් නිදහස! රුපියල් 1500ක් අල්ලස් ගත්ත එකාට අවුරුදු ගණන් හිරේ! මේක තමයි ලංකාවේ අමන නීතියේ හැටි. ජවිපෙ, එජාපෙ, සජබ, පොහොට්ටුව ඔක්කොම එකම පවුලක සහෝදරයෝ.

      ඔයා ළඟදී ආපු"නෙළුම් කුළුණ" චිත්‍රපටය බැලුවද? ඒකේ ඉන්න උගත් පුතා හරියටම ලංකාවේ බහුතර උගත්තු වගේ. උගත්කම විතරයි තියෙන්නේ, මිනිස්සුන්ගේ දුක දන්නේ නෑ. තමන් ලොකුයි කියලා හිතාගෙන ඉන්නේ. ජාතික ජන බලවේගය උගත්තු ටිකක් පාර්ලිමේන්තුවට ගෙනියන්න කියා විශාල ලෙස කැම්පේන් කරා, මිනිස්සු ඒක අහලා ජාතික ජන බලවේගය විශාල ලෙස විස්වාස කරලා මාලිමාවට පවුල් පිටින් ඡන්දය දුන්නා

      පාර්ලිමේන්තුවට යවපු උගතුන්ට මොකද ඇත්තටම වුණේ? අන්තිමට ඒකත් නිකම්ම නාඩගමක් වුණා. 159ක් උගත්තු ඉඳලත් අර චාමර සම්පත් වගේ නූගත් පල් හොරෙක් ලොකු පොරක් වෙලා පොරටෝක්ස් දීගෙන ඉන්න එකෙන්ම පේනවනේ ඒ ඔක්කොම ඉවරයි කියලා.

      දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නෑ. ලංකාවේ ලොකුම පල්හොරු වෙච්ච රාජපක්ෂලාගේ ලඟින්ම ඇසුරු කරන මගේ නෑදෑයෙක්ම කිව්වා, මාලිමාවේ ඉහළම හතර රාජපක්ෂලාගේ හොඳම යාළුවෝ කියලා. කාටවත් කියන්න එපා කිව්වට මට මේක හිතේ තියාගෙන ඉන්න බෑ. මේ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම කුණු වෙලා. ඔක්කොම බලයට කෑදර වෙච්ච ජාලයක්. ඒ ජාලේ ඉන්න අයට නීතියක් නැහැ. කෝප් කමිටුත්, පාර්ලිමේන්තු කයිවාරුත් බොරු ෂෝ එකක් විතරයි. මිනිස්සු අන්දනවා විතරයි. ඔය දේශපාලකයෝ ඔක්කොම යාළුවෝ කියන එක දැන් ඇත්තටම තේරෙනවා. අල් ජසීරා එකෙන් එළියට දාල සමාජයේ විශාල කතාබහකට පත්වෙනකම් බටලන්ද වාර්තාව මාලිමාවේ අය පාර්ලිමේන්තුවට ගෙනාවේ නෑනේ. පහුගිය අවුරුදු දෙකේ මම පිස්සුවෙන් වගේ වැඩ කරපු NPP එක මටමම එපා වෙන්න ඒකත් එක හේතුවක්. කොකා සුද්දද කළුද දන්නේ ඉගිල්ලෙනකොටලු. අපිත් අන්තිමට අන්දලා. නොදකින් මුන් ඔක්කොම එකයි.

      Delete
    2. Litseeker, ස්තුතියි.
      ඔයා කියා තියෙන පන්නයේ ගැටළු ගොඩක් මටත් තියෙනවා.
      ඒවායින් විමතියටත් පත් වෙලා තියෙනවා.
      මේ නීති සේරම වගේ තියෙන්නෙ ඇති හැකි එවුන්ට බේරෙන්නත්- නැති බැරි අයට හිර වෙන්නත් වෙන විදිහටයි.
      හොඳම උදාහරණේ කෝප් කමිටුව. කමිටුව පිහිටුවල තියෙන්නෙ පීනන්න- හැබැයි, වතුරට දාන්නත් කලින් දෑත් බැඳ දාලා...

      Delete
    3. ස්තුතියි Ano.
      ඔයා වගේ අයගේ තරහ දැන් දැන් තැන තැන කියවෙන්නට පටන් අරං.
      ඒත් අපි වගේ අයත් දේශපාලනේ ගැන කතා නොකර කොහොමද?
      සුරඟනන් පය තියන්න බය තැන්වල පිනුම් ගහන්න මෝඩයෝ කොයි තරං ඉන්නවද?

      ඔයාගෙ comment එකේ වචන ටිකකින් මට තේරෙන්නෙ ඔයා අතිනුත් ලොකු වැරැද්දක් වෙලා වගේ කියලයි.
      මං වැරදි නං සමාවෙන්න, හොඳේ.
      //පහුගිය අවුරුදු දෙකේ මම පිස්සුවෙන් වගේ වැඩ කරපු NPP එක// එයිනුත් 'පිස්සුවෙන් වගේ' වචන දෙක.

      වඩා හොඳ 'ඉතා කල්පනාකාරීව වැඩ කිරීම' නේද?

      Delete

  3. කෝප් කමිටුවේ නිර්දේශ කියන්නේ හිස් වචන විතරද? ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයේ ජනතාවගෙන් එකතු කර ගත් බදු ආදායමෙන් එක්රැස් වුණ මහජන මුදල් කොල්ලකපු දේශපාලකයින්ටයි, නිලධාරීන්ටයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? කෝප් කමිටුවේ නිර්දේශ මොනවාද? ඒ සේරටම වඩා රටේ පවතින නීති හෝ ක්‍රියාත්මක කරන්නේ නැතිව, නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව, මේ ආණ්ඩුව කරන්නේ ජනතාව රවට්ටන එක විතරයි. ජාතික ජන බලවේගය බලයට ආවමවත් මේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරයි කියලා අපි හිතුවා. ඒත් දැන් පේන විදියට ඒ බලාපොරොත්තුත් බොරු වෙලා. කෝප් කමිටුවෙන් එන නිර්දේශ ඔක්කොම දූවිලි කන්න දාලා, හොරු ටික ඔක්කොම ආරක්ෂා කරනවා. කෝ අර අනුරගේ කැබ් එකේ පුරවලා තියෙනවා කියල ඒ දවස්වල කියපු ෆයිල් ගොඩ? දැන් ඒවා ගැන ආණ්ඩුවේ කවුරුවත් කිසිම දෙයක් කියන්නේ නෑ. ජාතික ජන බලවේගය කෝප් කමිටුව නමින් දාන මේ බොරු ෂෝ එකෙන් වෙන්නේ ඇත්ත හොරු ටික ආරක්ෂා කරන එක විතරයි! ජනතාව රවට්ටලා, බොරු මවාපෑම් කරලා, මේගොල්ලෝ කරන්නේ තමන්ගේ දේශපාලන වාසිය ගන්න එක විතරයි!

    මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේම හොරුන්ට කඩේ යනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. දැන් කෝප් එකෙන් ඔය හොයා ගන්න ඒවා ඔයා කලින් දැනගෙන හිටියද ? නැහැනේද ? ඉස්සෙල්ල ඒවා හොයන්න් ඕනේ . ඕක ඉවර වෙනකොට ඒ අයට නඩු දාන්න ඕනේ . නඩු දාන්න දැන් ඉන්න දෙතුන් දෙනෙක් ඉන්න කන් බැහැ , ඒ අය ක්‍රමයෙන් ඉවත් කරන්න ඕනේ . // කෝප් කමිටුවෙන් එන නිර්දේශ ඔක්කොම දූවිලි කන්න දාලා, හොරු ටික ඔක්කොම ආරක්ෂා කරනවා.// බොරුවක් නේ ඔයා කියන්නේ . දැන් තමයි එලියට එන්නේ . ඊට පස්සේ සාක්කි එකතු කරලා නඩු දන්නේ . අවුරුදු 10-15 නඩු උස්සන් දුවන රටේ දැන්ද ඔයාට හදිස්ස්ය ආවේ

      Delete
    2. ස්තුතියි චනුක මහත්තයෝ.
      ඔයාගේ ප්‍රශ්නවලට අපේ සහෝදර blog රචක අජිත් ධර්ම මහත්තයා උත්තර දීල තියෙනවනෙ. මට කියන්න දෙයක් නැති තරං.

      Delete
    3. ගොඩක් ස්තුතියි අජිත් ධර්ම මහතාණෙනි!

      Delete
    4. @ Chanuka

      මූලික වශයෙන් ඔයා කියන දේවල් එක්ක එකඟ විය හැකි නමුත් ලංකාවේ කෝප් කමිටුව (Committee on Public Enterprises - COPE) යනු රාජ්‍ය ආයතනවල මූල්‍ය කටයුතු පිළිබඳ විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු කමිටුවක්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහි විමර්ශන බොහෝ කලක සිට සිදුකරනු ලබන නමුත්, 2005 - 2015 කාලේ ඩිව් ගුණසේකර යටතේ මේක එවකට පැවති රාජපක්ෂ රෙජීමය තම ආණ්ඩුවට එල්ල වූ විවේචන වසාගැනීමට මාධ්‍ය වලට විවෘත කල නිසා පොදු ජනතාව අතර ප්‍රචලිත වුණා ඊට පසුව සුනිල් හඳුන්නෙත්ති සභාපති වෙච්ච කාලේත් 2015 මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සිදුකළ විමර්ශන හේතුවෙන්ද එය තවත් ප්‍රසිද්ධියට පත්වුණා. ඊට පසුව දිගටම කෝප් කමිටුව මාධ්‍ය හරහාම ප්‍රසිද්ධියට පත්වුණත් දැන් දැන් ජනතාවට ඒක එපාවෙලා තියෙන බවත් ඇත්ත

      ඔබේ විවේචනය වන කෝප් කමිටුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පටන්ගත්තට, අවුරුදු ගාණක් තිස්සේ කරපු විමර්ශනවලින් වැඩක් වුණාද? 2005-2015 කාලේ ඩිව් ගුණසේකර සභාපති වෙලා ඉන්න කාලෙත් 2003 වැට් බදු වංචාව වගේ ලොකු ලොකු දූෂණ ගැන වාර්තා ගොඩක් දුන්නා. කෝටි ගණන් වංචා කරපු අය ගැන කිව්වා. ඒත් ඒවායින් මොකද වුණේ? කිසිම කෙනෙකුට නඩු දැම්මේ නැහැ, වන්දි අය කළේ නැහැ. කෝප් කමිටුව කරන්නේ වාර්තා හදන එක විතරයි. ඒවා ක්‍රියාත්මක කරන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. මේක තනිකරම කාලය නාස්ති කිරීමක් විතරයි. මහජන මුදල් වලින් පඩි ගන්නවා විතරයි. ඇත්තටම මේ කමිටුවෙන් රටට වැඩක් තියෙනවද? නැත්නම් මේක දේශපාලකයින්ට තමන්ගේ බලය පෙන්නන්න තියෙන වේදිකාවක් විතරද? කියන ප්‍රශ්න සහ තර්ක ගැන විස්තර සහිතව කියන්න ඕන. වෙලාව සහ ඉඩකඩ මදි නිසා කෙටියෙන් දැනට මෙහෙම කියන්න පුළුවන්.

      ඔබ දක්වන කරුණු බොහෝ දුරට සත්‍ය බව පෙනේ. ශ්‍රී ලංකාවේ කෝප් කමිටුව දිගු ඉතිහාසයක් ඇති අතර, විවිධ කාලවලදී විවිධ සභාපතිවරුන් යටතේ විවිධ විමර්ශන සිදුකර ඇත.

      නමුත් මෙහිදී කරුණු කිහිපයක් අවධානයට ගත යුතුය:

      කෝප් කමිටුවේ කාර්යභාරය:

      කෝප් කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රාජ්‍ය ආයතනවල මූල්‍ය කටයුතු විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කිරීමයි.

      නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නීතිපති දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතනවලට පැවරී ඇත.

      විමර්ශන සහ නඩු පැවරීම්:

      කෝප් කමිටු වාර්තා මගින් හෙළිදරව් වූ කරුණු මත පදනම්ව ඇතැම් අවස්ථාවල නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

      නමුත් බොහෝ අවස්ථාවල විවිධ හේතුන් නිසා නඩුපැවරීම් ප්‍රමාද වීම හෝ අඩාල වීම සිදුවී ඇත.

      ප්‍රධාන විවේචන:

      කෝප් කමිටුවෙන් ඉදිරිපත් කරන ලද වාර්තා කිසිවකට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවේචන එල්ල වී ඇත.

      විශේෂයෙන්ම, සාක්ෂි නොමැති බොරු චෝදනා බහුල වීම සහ නීතිමය ක්‍රියාමාර්ගවල සංකීර්ණත්වය හේතුවෙන් නඩු පැවරීම් ප්‍රමාද වන බවට චෝදනා එල්ල වී ඇත.

      එජාප රජයක් යටතේ 2003 වැට් බදු වංචාව සහ 2015 බැඳුම්කර වංචාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් විවිධ විමර්ශන සිදුකර ඇත. ඒවගේම ඩිව් ගුණසේකර මහතා සභාපතිත්ව කාලයේ බොහෝ වාර්ථා ඉදිරිපත් කර තිබෙනවා.
      කෙසේ වෙතත්, කෝප් කමිටුව රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව කිව යුතුයි.

      මෙතන සැබැවින්ම ප්‍රශ්නය වෙන්නේ කෝප් කමිටුව නෙවෙයි ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකර බොරුවට ප්‍රෝඩාවක් කරන එකයි.

      උදාහරණ විදිහට කෝප් විමර්ශන කරන්නට පෙර සිටම ජනතාව අතර දැඩි කතාබහට ලක්වූ 2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කොමිසමක් පත් කරන ලදී. එම කොමිසමේ වාර්තාවෙන් හෙළි වූ කරුණු මත පදනම්ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

      මෙහි සාරාංශයක් පහත ලියන්නම්:

      ජනාධිපති කොමිසම:

      2017 වසරේදී, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බැඳුම්කර වංචාව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.

      එම කොමිසමේ වාර්තාව 2017 දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරයාට භාර දෙන ලදී.

      නීතිමය ක්‍රියාමාර්ග:

      කොමිසමේ වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, ඇතැම් පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

      පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා ඒ සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා තිබේ.

      මීට අමතරව මහබැංකුවේ ඇතම් නිලධාරීන් සම්බන්ධයෙන්ද පරීක්ෂණ කළ අතර ඒ අනුව පර්පෙචුවල් සමාගමේ ගිණුම් අත්හිටුවීමට පියවර ගතහැකි වූණා.

      ඇත්තටම එදා මෛත්‍රීපාල සිරිසේන සිදුකළ විමර්ශන වල විදියට දැනුත් විමර්ශන කරලා ඕනතරම් දේවල් කරන්න පුළුවන්. නමුත් වර්තමාන ජාජබ ආණ්‌ඩුවට ඒ මොනවත් කරන්න කිසිම ඕනෑකමක් නෑ. ඒ නිසා අපිට හිතෙන විදියට වර්තමාන ජාජබ ආණ්‌ඩුව රාජපක්ෂ පවුල රනිල් වික්‍රමසිංහ වගේ අය එක්ක යටින් ඉතාම ශක්තිමත්ව ඩීල් දාගෙන ඉන්න බව පැහැදිලිවම කියන්න පුළුවන්.

      අඩුම තරමේ මේ ආණ්ඩුවේම ඉන්න හඳුන්නෙත්ති කෝප් කමිටුවේ හිටපු කාලේ හොයාගෙන තියෙන දේවල්වලට වත් මොකුත් කරන්නේ නෑනේ. මේවා යට තියෙන්නේ තනිකරම ඩීල් බව පැහැදිලිවම පේනව නේද? ඕන්න ඕක තමයි ප්‍රශ්නේ... 😄

      Delete
  4. ආදිවාසීන් නැතිනම් ඔය වැද්දෝ කියන්නේ ලංකාවේ මුල්ම මිනිස්සු. ඒ කියන්නේ ලංකාවට අලුතින් මිනිස්සු එන්න කලින් මෙහේ ජීවත් වෙච්ච පිරිසක්. එයාලා කාලයක් කැලේ ඇතුළේ ජීවත් වුණා. දඩයම් කරලා, කැලේ තියෙන දේවල් කාලා බීලා තමයි ජීවත් වුණේ. එයාලටම ආවේණික භාෂාවක්, සංස්කෘතියක් තියෙනවා. දැන් නම් ගොඩක් අය නගරවල ජීවත් වෙනවා. ඒත් එයාලගේ පැරණි ජීවන රටාව තාමත් ටිකක් දුරට ආරක්ෂා කරගෙන ඉන්නවා. එයාලගේ භාෂාව ගැන කියද්දී වැදි භාෂාවයි සිංහල භාෂාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක එකම භාෂාවක් කියලා කියන්න බැහැ. ඒත් දෙකේම වචනවල සමානකම් ගොඩක් තියෙනවා. සමහර වචන සිංහල භාෂාවෙන් ටිකක් වෙනස් විදියට වැදි භාෂාවෙන් පාවිච්චි වෙනවා. ඒවගේම වැදි භාෂාවටම ආවේණික වචනත් ගොඩක් තියෙනවා. ඒ නිසා වැදි භාෂාව සිංහල භාෂාවෙන් පමණක්ම හැදුණු එකක් කියලා හරියටම කියන්නත් අමාරුයි. ඒත් දෙකම එකිනෙකට සම්බන්ධ භාෂා දෙකක්.

    ඔය පොලෝසිය බාර වේසා බන්දුවා අන්න ඇවිල්ල ඌම බාර වෙලා, වෙලාවට ඌම ඇවිල්ල බාර වුණේ නැත්නම් ලංකාවේ දැනට පවතින දෙකයි පණහේ මොංගල් NPP ආණ්ඩුවේ පොල් බූරුවන්ට ඕජාව අල්ලගන්න බැරුව කෙබර කෙල කෙල තව කාලයක් තටමලා පඩ ඇර ඇර ඉන්න තිබුණා

    මට නම් ඔය කෝප් කතන්දර වලින් වැඩක් නෑ ඊට වඩා පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ජවිපය සහ NPP එක රට පුරාම වේදිකාවල තොරොම්බල් කරපු අනුර කුමාර දිසානායකගේ කැබ් රථයේ පිටිපස්සේ පුරවලා තිබෙනවා කියලා ඔහුම විලාප නැගූ දූෂණ විමර්ශන ලිපි ගොනු වලට මොකද වුණේ? දැන් අනුරට ජනාධිපති තනතුරත් ලැබී පාර්ලිමේන්තුවට ආසන 159කුත් ලැබී මෙච්චර බලයක් සහිත නායකයෙකුට ඒ ගැන මොකුත් කියන්න බැරි උගේ කටේ අසූචි පිරිලා ද?

    මේ ආණ්ඩුවම දැන් ඒ ගැන නිහඬ ඇයි? ඇත්තටම මේ ආණ්ඩුව දූෂණයට එරෙහිව ක්‍රියා කරනවද? නැත්නම් මේ ඔක්කොම බොරුද? මේ ආණ්ඩුව දූෂණ විමර්ශන ගැන කතා කරන්නේ නැහැ. මේවා වහලා දාන්නද හදන්නේ? ජනතාවට මේ ගැන දැනගන්න අයිතියක් තියෙනවා. මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ එක දෙයයි. මේ ෆයිල්වලට මොකද වුණේ කියලා අපිට කියන්න! මේකට උග්‍ර ජවිපෙ ජාතික ජන බලවේගයේ පූර්ණකාලීනව සාමාජිකත්වය දරන නිමල් දිසානායක සහෝදරයා වගේ අය අනිවාර්යයෙන්ම වගකියන්න ඕන. ආණ්ඩුවට කඩේ යන හැම එකෙකුටම මේකට උත්තර දෙන්න වගකීමක් බව පැහැදිලිවම කියන්න ඕන. නිකම් බොරු බබා හුකුං දාල අනේ මන්ද මම දන්නේ නෑ මම පක්ෂයේ නායකයෙක් නෙවෙයි වගේ බොරු බයිලා කියන්න ආවොත් තව වැඩි දවසක් යන්න කලින් මිනිස්සුන්ගෙන් ගුටිකන්න බලාගෙන ඉන්න. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. comment එකට ස්තුතියි ලලිත් මහත්තයෝ.

      තරහ වෙන්න එපා- ඔයාට වැරදිලා තියෙන තැනක් ගැන කියනවට.
      //මේකට උග්‍ර ජවිපෙ ජාතික ජන බලවේගයේ පූර්ණකාලීනව සාමාජිකත්වය දරන නිමල් දිසානායක සහෝදරයා වගේ අය අනිවාර්යයෙන්ම වගකියන්න ඕන.//
      මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙවෙයි.

      හැබැයි, දැනට මාලිමාවට පක්ෂපාතීව කටයුතු කරනවා. ඒ කිසිම වාසියක් ලාබයක් පතාගෙන නෙවෙයි. යහපතක් වේවිය කියල හිතාගෙන.

      තමන් කැමති දේශපාලන මතවාදයක් දරන අයට ගුටි දෙන තරමේ, ඝාතනය කරන තරමේ ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් නැහැ නේද?
      අනෙක මම වගේ හෙන්චයියෙකුට ගැහුවම හරි මැරුවම හරි රටේ ප්‍රශ්න සේරම විසඳෙනවා කියල තහවුරු කරන්න හැකි නං, මම සූදානං ප්‍රාණ පරිත්‍යාගියෙක් වෙන්න.

      Delete
  5. Rekhachithram පට්ට ෆිල්ම් එක. එක හුස්මට බැලුවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි බස්සා මහත්තයෝ.
      තවත් උදවිය උත්තේජනය වෙත්වා!

      Delete
  6. https://en.wikipedia.org/wiki/Cold_Case

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ස්තුතියි.
      සීරීස් එක නම් බලන්නේ නෑ. එච්චර වෙලාව නැහැනෙ. 2021 film එක නං බලන්න ලකුණු කරගත්තා.

      Delete
    2. @ Pra Jay

      Cold Case කියලා කියන්නේ 2003 සිට 2010 දක්වා විකාශය වූණ ඇමරිකන් ටෙලිවිෂන් සීරීස් නාට්‍ය මාලාවක්. ඒක රචනා කළේ Meredith Stiehm වන අතර, CBS නාලිකාවෙන් විකාශය වුණා.

      කෝල්ඩ් කේස් කතාව වටා ගෙතුනේ, ෆිලඩෙල්ෆියා පොලිස් දෙපාර්තමේන්තුවේ "Cold Case" නමැති විශේෂ ඒකකයේ සාමාජිකයන් විසින් පැරණි නඩු විවෘත කර අලුතින් පරීක්ෂා කිරීමේදී ඔවුන්ට මුහුණපාන අභියෝග සහ රහස් ගවේෂණය කිරීමයි.

      ප්‍රධාන චරිත:

      Detective Lilly Rush (Kathryn Morris) – ප්‍රධාන චරිතය, පැරණි මිනීමැරුම් නඩු විසඳීමට කැපවූ නිලධාරිනිය.

      Detective Scotty Valens (Danny Pino) – Rushගේ සහායකයා.

      Lt. John Stillman (John Finn) – ඒකක ප්‍රධානියා.

      Detective Nick Vera (Jeremy Ratchford) – කණ්ඩායමේ වැදගත් සාමාජිකයෙක්.

      Detective Will Jeffries (Thom Barry) – වයස්ගත, පළපුරුදු නියෝජිතයෙක්.

      ඔය කතාවේ විශේෂත්වය හැම එපිසෝඩ් එකකම නැතිනම් නාට්‍යයේ සෑම කතාංගයකදීම බොහෝ විට විවිධ කාල සීමා අතර මාරු වෙමින්, පැරණි සිදුවීම් සහ වර්තමානය අතර සම්බන්ධතා පෙන්වන එක. එහිදී භාවිත කරන සංගීතයද (Retro Music) අතිශය ජනප්‍රිය වුණා.

      මෙය නාට්‍යමය අපරාධ මාලාවක් වන අතර, විවිධ නඩු හා සමාජමය කරුණු ඉතා දක්ශ ලෙස නිරූපණය කරනවා. නමුත් ලංකාවේ එහෙම කිසිම දෙයක් කරන්නේ නෑනේ හැමෝම හොඳම යාලුවෝ නිසා කාටවත්ම මොනවත්ම වෙන්නේ නෑ. ඕනතරම් සාක්ෂි විස්තර තියෙන කේසස් පවා කට්ටිය එකතු වෙලා යට ගහලා වේදිකාවල බොරුවට ටෝක්ස් දෙනවා හැමදාම පරණ තැටියම තමයි. බොරු කීමටම උපන් නොම්බර එකේ ටොම්පචයකු වන අනුර වගේ අය මෙහෙයවන මේ ආණ්ඩුව ලැජ්ජ නැතිව අතේ පැලවෙන බොරුම කියන බොරුකාරයන් රැසකගෙන් සමන්විත ජනතාව රවට්ටන එක පමණක්ම කරන විගඩමක් බවට පත්වීම ගැන අපට නම් හරිම කණගාටුයි.

      Delete
    3. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයො, විස්තරේට. සීරීස් එක බලන්න හිතුවේ නැති කෙනෙකුට වුණත්... දෙපාරක් හිතල බලන්න හිතෙන පූර්විකාවක්...

      Delete
  7. නිමල් දාලා තියෙන වීඩියෝ එකේ මුල් කොටස හා නිමල් සඳහන් කරලා තියෙන කාලය අතරතුර බැලුවා. අදාල සමාගමේ නම කියන්න ඔය තරම්ම අමාරුද. බ්ලැක් ලිස්ට් කරන්නෙ ඉතින් කොහොමද ඔය හැම සමාගම එක්කම ඒ නිළදාරීන්ට ළබැඳියාවන් ඇතිනෙ. මම නෝට් කරලා තියෙන දෙයක් තමයි ලංකාවෙ රාජ්‍ය නිළදාරීන්, දේශපාලකයින් වැඩි දෙනෙකුට public interest යන සංකල්පය ගැන කිසිම අවබෝධයක් නැති බව. මීට කලින් අර 'වස චුට්ටක් කෑවට කමක් නෑ' සීන් එකේදිත් මට හිතුණෙ ඒක.

    ඒ කමිටු සභාපති නම් බොහොම calm කෙනෙක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. පෙරේදා commentsවලට උත්තර දීගෙන යද්දී මොකක්දෝ අවුලක් වුණා. දවස් දෙකක් ගෙදර හිටියෙ නෑ, ඊට පස්සේ.
      අහිතක් හිතන්න එපා, Lotus. පිළිතුරු පමාව ගැන.

      කමිටු සභාපතිතුමාගේ විදිහ ඉතා ප්‍රශස්තයි. ඒ වගේමයි ඔව්න් රැස්වීම්වලට එන්නේ හොඳට ගෙදර වැඩ කරලා වගේත් පේනවා.

      Delete
  8. ෆිල්ම් එක නම් හොඳයි වගේ.

    “මනුස්සයෙක් අපරාධයක් කලොත් ලැබෙන දායාදයක් නැතිනම් තමන්ටම ලැබෙන ස්වයං දඬුවම තමයි තමන්ට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න බැරි වෙන එක“ ඒක නම් හරි. සමහරවිට කර්ම විපාක විදිහට එන්නෙත් ඒකම වෙන්න ඇති, නැත්නම් ඉතින් අපි කරන කියන හැමදෙයක්ම ළකුණු කරගෙන 'දඬුවම' ප්ලෑන් කරන්න කවුරුහරි ඉන්නවද. මම දවසක් ඕක කියලා මගෙ අතිශය බෞද්ධ යාලුවෙක් මට හොඳටම බැන්නා. හැබැයි ඉතින් ඒගොල්ලන්ටත් පුළුවන් ධර්මය දන්නෙ නෑ කියලා අනිත් අයට බනින්න විතරයි, counter arguments ගෙනැල්ලා අනිත් කෙනා වැරදි ඇයි කියලා තේරුම් කරන්න දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. @ Lotus

      බෞද්ධ දර්ශනය ලොවට දායාද කරපු බුදුන් කවදාවත්ම ඔය වගේ කේන්ති අරන් බැනපු කෙනෙක් නෙවෙයි, එහම කැත විදිහට බැනගෙන ආපු අය සමග පවා ඉතාමත්ම සංයමයකින් යුතුව බුද්ධිමත්ව සංවාද කරලා නුවණින් යුක්තව දේවල් තර්කානුකූලව පැහැදිලි කරලා තියෙන බව ත්‍රිපිටකය අධ්‍යනය කළොත් විශේෂයෙන්ම සූත්‍ර පිටකය තුල දැකගන්න පුළුවන්.

      බෞද්ධ දර්ශනයට අනුව, කර්ම විපාක ක්‍රියාත්මක වන්නේ සරලවම "කරන දෙයින් ප්‍රතිඵලයක්" ලැබීම තුළිනි. එය මෙලෙස ක්‍රියාත්මක වේ:

      ක්‍රියාව (කර්මය):
      යහපත් හෝ අයහපත් චේතනාවකින් යුතුව කරන ක්‍රියාවක් (සිතින්, වචනයෙන් හෝ ක්‍රියාවෙන්) කර්මයක් ලෙස හැඳින්වේ.

      ප්‍රතිඵලය (විපාකය): ඉහත කී ක්‍රියාවට අනුරූපව යහපත් හෝ අයහපත් ප්‍රතිඵලයක් අත්විඳීමට සිදු වේ.
      මෙය ක්ෂණිකව, මෙම ජීවිතයේදී හෝ මතු භවයකදී සිදුවිය හැකිය.

      හේතුඵල දහම:
      කර්ම විපාක ක්‍රියාත්මක වන්නේ හේතුඵල දහමට අනුවය. යම් ක්‍රියාවක් යම් හේතුවක් නිසා සිදුවන අතර එයට අනුරූපව අදාල වන ප්‍රතිඵලයක් ලැබේ.

      සරලව යහපත් කර්ම යහපත් ප්‍රතිඵල ගෙන දෙන අතර අයහපත් කර්ම අයහපත් ප්‍රතිඵල ගෙන දෙන බවයි ප්‍රචලිත පොදු මතය.

      චේතනාව:
      කර්ම විපාක වලදී ක්‍රියාව කරන චේතනාව ඉතාමත්ම වැදගත් වෙන බව මතක කියාගන්න. යහපත් චේතනාවෙන් කරන ක්‍රියාවක් යහපත් විපාක ගෙන දෙන අතර අයහපත් චේතනාවෙන් කරන ක්‍රියාවක් අයහපත් විපාක ගෙන දෙනවා කියල සරලවම කියන්න පුළුවන.
      කෙටියෙන් කිවහොත්, කර්ම විපාක යනු අපගේ ක්‍රියාවන්ට අනුරූපව ලැබෙන ප්‍රතිඵලයයි.
      මෙය බෝහෝ දුරට නිව්ටන්ගේ චලිතය පිළිබඳව වූ තුන්වන නියමය (යම් සමුද්දේශ රාමුවකට සාපේක්ෂව) සමග යම්තරමකට සමාන බව කිව හැකියි. Newton's Third Law of Motion

      නිව්ටන්ගේ චලිතය පිළිබඳව වූ තුන්වන නියමය සරලවම මෙසේ දැක්විය හැකියි:

      "සෑම ක්‍රියාවකටම සමාන සහ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත."

      මෙය තවත් පැහැදිලි කළහොත්:

      "වස්තුන් දෙකක් එකිනෙක මත බලයක් යොදන විට, එම බල දෙක විශාලත්වයෙන් සමාන වන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ."

      උදාහරණ කිහිපයක්:

      ඔබ බිත්තියකට පහර දුන් විට, බිත්තියද ඔබට සමාන සහ ප්‍රතිවිරුද්ධ බලයක් යොදයි.

      රොකට්ටුවක් ගුවන් ගත වන විට, රොකට්ටුවෙන් පිටවන වායුව පහළට බලයක් යොදන අතර, එයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් රොකට්ටුව ඉහළට තල්ලු කරයි.

      ඔබ බිම ඇවිදින විට, ඔබේ පාද බිම මත යම් බලයක් යොදන අතර, බිමද ඔබේ පාද මත සමාන ප්‍රතිවිරුද්ධ බලයක් යොදයි.

      මෙම නියමයට අනුකූලව ස්වභාවධර්මයේ බොහෝ සිදුවීම් බොහෝ අවස්ථාවලදී දැකිය හැකි බවත් කිව යුතුය.

      බෞද්ධ දර්ශනයට අනුව සියල්ල කර්මය අනුව සිදු නොවන අතර කම්ම නියාම යනු නියාම ධර්ම වල කොටසක් වන අතර නියාම ධර්ම යනු ලෝකයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන ස්වභාවික නීති වේ. ඒවාට ප්‍රධාන වශයෙන් පහත කරුණු ඇතුළත් වේ:

      උතු නියාමය (ඍතු නියාමය):
      ස්වභාවික පරිසරයේ වෙනස්වීම්, කාලගුණය, උෂ්ණත්වය වැනි දේවල් පාලනය කරන නීති.

      බීජ නියාමය (බීජ නියාමය):
      ජීවීන් ශාක සත්ත්ව ආදි ජීව විද්‍යාව අනුව ආවේණිය, ජානමය බලපෑම සහ ස්වභාවික පරිසරය තුල ජීවීන්ගේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වය පාලනය කරන නීති.

      චිත්ත නියාමය (චිත්ත නියාමය):
      මනසෙහි ක්‍රියාකාරීත්වය, සිතුවිලි, හැඟීම්, සංවේදනයන් වැනි දේවල් පාලනය කරන නීති.

      අප ඉහත සාකච්ඡා කළ කම්ම නියාමය (කර්ම නියාමය):
      ක්‍රියාවන්ගේ ප්‍රතිඵල, කර්ම විපාක වැනි දේවල් පාලනය කරන නීති.

      ධර්ම නියාමය (ධර්ම නියාමය):
      සම්පූර්ණ ලෝකයේ ක්‍රියාකාරීත්වය සහ ස්වභාවික නීති පාලනය කරන පොදු නීති.

      මෙම නියාම ධර්මයන් සමස්ත ස්වභාවික ක්‍රියාවලිය පාලනය කරන අතර බෞද්ධ දර්ශනයට අනුව ජීවිතය සහ ලෝකය පිළිබඳ අවබෝධය ලබා ගැනීමට මේවා ගැන වඩාත් ගැඹුරෙන් අධ්‍යනය කිරීම උපකාරී වේවි.

      Delete
    2. ස්තුතියි Lotus, Ano දෙන්නාටම.
      මම ඉගෙන ගත්තේ අපොස සාපෙළ දක්වා විතරයිනේ. එතකොට පෙළ පොත වුණේ 'බුද්ධ ධර්ම සංග්‍රහය' පොතයි. ඒ පොතෙන් ඉගෙනගත් දේවල් මට තවම මතකයි. කර්මය, නියාම ධර්ම, ධම්ම පදයේ ගාථා... 'සබ්බේ තසන්ති දණ්ඩස්ස' , 'න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ජේ' එහෙමත් ඒ විෂය නිර්දේශයට අයත්ව තිබුණා. අපි ඒ දැනීම ජීවිතේටත් එකතු කර ගත්තා.
      දැන් කොහොමද කියල තමයි නොදන්නේ...

      Delete
    3. ස්තුතියි නිමල් හා ඇනෝ .

      Delete
  9. අය්යෝ.. කියන්න අමතක වුණානෙ, Glad that you are recovering well, නිමල්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus, දැන් දැන් කැක්කුම් අඩු වෙමින් යනවා. ඔයාලාගේ ආසිරි පැතුම් එහෙමත් ගෙනෙන්නෙ සුවයක්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්