පල ඇති රුකට ගල් වැදී ඇත!!!
‘-විදර්ශන සාහිත්‍ය සම්මානයේ සියලු
කටයුතු වෙනුවෙන් කෙරෙන මුළු වියදම මිලියන හතරයි දශම පහයි; ලක්ෂ
හතලිස් පහයි. ඒ ලක්ෂ 45න් රුපියල් ලක්ෂ 35 ක්ම මේ වෙනකොට අනුග්‍රාහකයන් වෙතින් ලැබිල
ඉවරයි. ලක්ෂ දහයයි, මගේ අතින්
වියදම් කරන්න වෙන්නේ.
-හැබැයි, අවුරුදු
තුනක් යනකොට... තව අවුරුදු දෙකකින්- ලංකාවේ ප්‍රධාන සාහිත්‍ය සම්මාන උත්සවය බවට මේක
පත් කරන එක තමයි මගේ තියෙන අරමුණ!
-ඒකයි මගේ ඉලක්කය!!
![]() |
ඒක හරියට ඔයා ඔලිම්පික්වල දිනලා ඉන්න නිසා... |
තව අවුරුදු පහකින්, ලංකාවෙ
ප්‍රධාන පොත් ප්‍රකාශකයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙන එකත් මගේ තව අධිෂ්ඨානයක්!’
ජනක ඉනිමංකඩ හිතවතාගේ අධිෂ්ඨානශීලී සාඩම්බර වදන්ය-
මා එලෙස සටහන්කොට තිබ්බේ. ඒ ‘විදර්ශනෙන්, තෑගි අරං, එනව බොලං - තෙවෙනි කොටසෙහි’ය. කොටස් හතරකින්
සමන්විත ඒ posts මාලාව මේ blog අඩවියේ පළ
වුණේ 2024 මැයි- ජුනි මාසවලදීය. (ඒ ලිපි හතරේ links මෙතැනට යොදන්නේ මතකය අවදි කර
ගන්නට රිසි ආදරණීය පාඨකයන් උදෙසායි.)
විදර්ශනෙන්, තෑගි
අරං, එනව බොලං - පළමුවෙනි
කොටස
https://nidigepanchathanthare.blogspot.com/2024/05/blog-post_19.html
විදර්ශනෙන්, තෑගි
අරං, එනව බොලං - දෙවෙනි
කොටස
https://nidigepanchathanthare.blogspot.com/2024/05/blog-post_24.html
විදර්ශනෙන්, තෑගි
අරං, එනව බොලං - තෙවෙනි
කොටස
https://nidigepanchathanthare.blogspot.com/2024/05/blog-post_29.html
විදර්ශනෙන්, තෑගි
අරං, එනව බොලං - සිව්වෙනි
කොටස
https://nidigepanchathanthare.blogspot.com/2024/06/blog-post.html
ඒ ‘2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ පිරිනැමීමේ
කාරිය ‘දේවකාරියක්’ වගේ පිරිසිදුව- පිළිවෙලට ලකයක් ඇතුව කෙරුණු විත්තියයි මට
පෙනුණේ. ඒත් 2025දී එහි දෙවෙනි පියවර ඇරඹෙද්දී...
මොකක්දෝ අමුතු විපිරියාසයකටත් මුල පිරිලාය!
විදර්ශනය ඇතුළේ නොවේ. පිටස්තරවය... සාහිත්‍යකාමීන් ලෙස පෙනී හිඳිමින් සාහිත්‍යය
කමින් (?) සිටින්නවුන්ගේ නිරුවත ලොවට නිරාවරණය වන්නට පටන් ගෙනය!
ඒ විත්තියේ අලගිය- මුලගිය තැන් ගැන චුට්ටක් තේරුම් ගන්නටය මේ වෑයම.
ගයනි ගුරුගේ ලියා තිබුණු පහත දැක්වෙන ලියුමෙන්ම
වුණත් ඒ ගොඩාක් කරුණු කියවෙනවා:
‘නවකතාවක්, කෙටිකතාවක්, කවියක්
හෝ වෙනත් එවන් ඕනෑම සාහිත්‍යයික ලියැවිල්ලකට සමාජය මත බලපෑ හැකි තරම ද, ආදරය, කරුණාව, දයාව, සහකම්පනය
ඈ මානුෂීය ගුණ මිනිස් සිත් සතන් තුල වගා දිගා කරගන්නට එතෙක් මෙතෙක් බිහිවූ ඒ වටිනා
පොත පත පිටිවහලක් වී තිබෙන තරම ද, මෙතෙකැයි
කියා විස්තර කළ නොහැකි බව මා ඔබට අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.
එවන් පොතක් පතක් සමාජගත කරන්නට උරදෙන
පොත් ප්‍රකාශකයා වනාහි කවර ආකාරයේ සද්ගුණවතෙකු විය යුතුදැයි කියා කල්පනාවට නැඟෙද්දී
ඔවුන් කෙරෙහි ගෞරවනීය හැඟීමක් ඇති වේ. එහෙත් පොත් පත්හි තිබෙන ඒසා ගුණදම් ඔවුන් වෙත
විසරණය වනවාදැයි යන පැනය නැඟෙන විට, එක අතකට
ඒ වෙනුවෙන් පුදුම වන්නට ඕනෑ නැතැයි හැඟෙන්නේ හොද්දක රසය හැන්දට නොදැනෙනවා‘ය යන කතාවක්
පොත පතෙන්ම කියවාගෙන තිබෙන බැවිනි.
පොත් ප්රකාශකයන්ගේ සංගමය විසින් පවත්වනු
ලබන ස්වර්ණ සහ රජත පුස්තක සඳහා ඉල්ලුම් කිරීමේදී ‘වෙනත් සාහිත්‍ය තරඟයකින් ජයග්‍රහණය
කර තිබීම හෝ ඊට නිර්දේශ වීම‘ නම් සුදුසුකම මේ වසරේ සිට ‘නුසුදුසුකමක්‘ සේ සැලකීම පුදුමයට
කරුණකි. වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ රටේ ප්‍රමුඛතම සාහිත්‍ය සම්මානයක් ලෙස පිළිගැනුණු
ස්වර්ණ හා රජත පුස්තක සම්මාන මාවතෙන් ඒ සා ‘සුදුසු‘ පොත පත ඉවත් කිරීම මෙතෙක් සිදු
වූවක් නොවුණු බව අපි කවුරුත් දන්නෙමු. එම තීරණයට එක එල්ලේම ‘2024 විදර්ශන සාහිත්‍ය
ත්‍යාග‘ බලපාන්නට ඇතැයි පොත පතට ඇලුම් කරන කාගේත් අදහස බව නොරහසකි.
![]() |
සාහිත්‍යයේ පතාක වනස්පතියන්, අංකුරවලට වැඩෙන්නට ඉඩ ලබාදෙනු
පිණිස සිය අතු ඉති කප්පාදු කරගෙන ස්වර්ණ සහ රජත පුස්තකවලින් ඔවුන්ගේ පොත් හකුලා තැබීම
ගැන මගේ ගෞරවපූර්වක කෘතඥතාවය... |
ලියන්නන් පමණක් නොව කියවන්නන් පවා සංවේදී
මිනිසුන් බව අපි දනිමු; එය ප්‍රායෝගිකව
අත්දකිනවා පමණක් නොව පොත පතෙන් කියවා පවා ඒ ගැන දැන කියවාගෙන ඇත්තෙමු. එවැනි සංවේදී
මිනිසුන්, පොදු
කාරණාවකදී තමන් ගැන පමණක් සංවේදී නොවී සමස්ථ සමාජය වෙනුවෙන් සංවේදී වන්නැයි මා ඉල්ලා
සිටින්නේ, මේ ස්වර්ණ
සහ රජත පුස්තක කප්පාදුවෙන් අංකුර ලියන්නන් නිය‘ගින් උපුටා දැමෙන බැවිනි. ඔවුනට දිනෙක
ගසක් වී වැඩෙන්නට තිබෙන අවකාශය මුලිනුපුටා දැමෙන බැවිනි.
විදර්ශන ආයතනය ආරම්භ කළ ‘විදර්ශන සාහිත්‍ය
ත්‍යාග‘ නොඉවසා මුලු සංගමයක් ගත් මේ අත්තනෝමතික තීරණය මා හෙලාදකිනුයේ මින් ඉදිරියට
මගේ පොතක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රකාශන ආයතනයක් සොයාගැනීමේ අභියෝගයට ලක්වන්නට ඉඩ
තිබෙන බව දැන දැනමය. මේ හඬ සමස්ථ නවක ලේඛක ලේඛිකාවන් වෙනුවෙනි.
අප වැනි නවක අංකුර ලියන්නන්ව සිහිනයෙකිනුදු
දැක නොමැති මංජුල වෙඩිවර්ධන, ලියනගේ
අමරකීර්ති, සුනිල්
විජේසිරිවර්ධන වැනි සාහිත්‍යයේ පතාක වනස්පතියන්, අංකුරවලට
වැඩෙන්නට ඉඩ ලබාදෙනු පිණිස සිය අතු ඉති කප්පාදු කරගෙන ස්වර්ණ සහ රජත පුස්තකවලින් ඔවුන්ගේ
පොත් හකුලා තැබීම ගැන මගේ ගෞරවපූර්වක කෘතඥතාවය ඔවුන් වෙත පුද දෙමි. ඒ සමස්ථ නවක ලියන්නන් නියෝජනය කරමිනි.’
නොබියව නොපැකිළව අදහස් දක්වා තිබුණු ‘නවක
ලේඛිකා ගයනි ගුරුගේ’ට මමත් ස්තුතිවන්ත වන්නෙමි.
ඒ, මාත් සාහිත්‍ය ලෝලියෙකු බැවිනි;
පැටි වයසේදීම අපේ ආච්චිගෙන් (ඩේසි
ආච්චිගෙන් හෙම නොවේ!) ජන කතා, බණ කතා, කවි කතා විතරක් නොව ආච්චිලා නරඹා තිබුණු
දමිළ චිත්‍රපට කතා පවා අසා සිටි කතන්දර ලෝලියෙකු බැවිනි;
(ඒ ආච්චිගෙ උවමනාව නිසාම) ඉස්කෝලේ යන්නටත් කලින්ම
ආච්චිලාට ඇහෙන්නට ‘දිනපතා ලංකාදීප’ පත්තරය හඬ නඟා කියැවූවෙකු බැවිනි;
චන්දරේ මාමාගෙන් ‘මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මහත්තයාගේ -සත 75- 90, පිටු 96
පොත්වල කතන්දර’ අහගෙන, ඒවා කියැවීමෙන්
සක්‍රිය පාඨකයෙකු බවට පත් වූවෙකු බැවිනි!
![]() |
ඒ නිසා නිකම් මොකටද කට කියවලා කැපෙන්නෙ කියලා කට පියාගෙන ඉන්නවා. |
(දුප්පත්කම නිසාත්- පවුලේ බඩවියත රැකගැන්ම උදෙසාත් අවුරුදු 12 සිටම පේව්මන්ට් එකේ රජ වීමෙන්
ඇරඹුණු මගේ රැකියා දිවියත්, උසස් අධ්‍යාපනය ලැබීමත් එකවිට කළ නොහැකි බැවින් සාපෙළින්
පාසලට සමු දුන්නෙමි- එහෙත් නොකඩවාම පත-පොත කියවන්නට ඇබ්බැහි වී උන්නෙමි.)
එවන් කෙනෙකු හැටියට ‘මේ අර්බුදයේදී’ මගේ
අදහසුත් දැක්වීම කළ යුතුමය! ඒ අතරවාරයේම මේ අර්බුදය නිර්මාණය වී තිබෙන්නේ
කෙලෙසදැයි කියවෙන අජිත් පැරකුම් ජයසිංහ සාහිත්‍යධරයාගේ
2025 පෙබරවාරි 13 දාතමැති සටහන කියවලා බලමු.
‘විදර්ශන සම්මාන ගත්ත පොත් ස්වර්ණ, රජත පුස්තක
සම්මානවලට සලකා බලන්නෙ නැතිලු. ලේඛකයො මේ අසාධාරණය ගැන කතා කරන්නෙ නැහැ. හේතුව සරලයි.
හැමෝම හිතාගෙන ඉන්නෙ මේ සම්මාන තමන්ට ලැබෙයි කියලනෙ. නැතිනම්, තමන්
සම්මානවලට සුදුසුයි කියලා. ඒ නිසා නිකම් මොකටද කට කියවලා කැපෙන්නෙ කියලා කට පියාගෙන
ඉන්නවා.
මේකෙන් පොත් ප්රකාශකයන්ගෙ සංගමය බලාපොරොත්තු
වෙනවා ඇත්තෙ ඔවුන්ගෙ සම්මාන උළෙලට විකල්පව වෙනත් එවැනි ඉල්ලුමක් සහිත සම්මාන උළෙලවල්
බිහිවෙන එක වළක්වන්න. හැබැයි, එවැනි
සම්මාන උළෙල තියෙනකොට වෙනස් විනිශ්චය මණ්ඩලවලින් වෙනස් නිර්ණායක මත විවිධ කෘති සම්මාන
ලබන්නට පුළුවන්.
විදර්ශන සාහිත්ය සම්මානය දෙන්නෙ අත්පිටපත්වලට.
ඒ සම්මාන ලබන කෘති ඔවුන් පළකරනවා. ඒවා ස්වර්ණ, රජත, රාජ්ය, විද්යෝදය
වැනි සම්මානවලින් පිටමං කරන එක තේරුමක් නැති වැඩක්. තරගකාරී කෘති බැහැර කරලා සම්මාන
තේරුවාම සම්මානලාභීන්ටත් අගෞරවයක් සිදුවෙනවා. අරක තිබුණ නම් මේකට හම්බ වෙන්නෙ නැහැ
කියන්නට අවස්ථාව ලැබෙනවා.
ලංකාවෙ ලේඛන කලාව කියන්නෙම හෙන කුහක
වැඩක්. ලේඛන කර්මාන්තයේ රැඳෙන්නට නම්, මුලින්ම
ඉගෙනගත යුතු දේ තමයි, කට වහගෙන
ඉන්න එක. දෙවනුව, පිට කහන
එක. ලේඛන කලාව කියන්නෙ ටිකක් අත්තමට වැඩ කරනවා වගේ දෙයක්. මම ඔබේ පිට කසමි. ඔබ මගේ
පිට කසන්න.
ඇත්තටම මේ පොත් අච්චු ගැසීම කියන එක
සම්මාන මත පදනම් වූ පරණ තාලෙ වැඩක්. දැන් අලුත් ප්රකාශන අවකාශ බිහිවෙලා ඉවරයි. පාඨකයන්
ඒවාට ආකර්ශනය වෙලාත් ඉවරයි. පොත් සීමිත පිරිසකගෙ මාධ්යයක් වෙන්නට ඉඩ තියෙනවා.
මේක ලියන මං කතන්දරකාරයෙක්. මට කතන්දර
කියන්නට මොකක් හෝ ක්රමයක් තියෙනවා නම් මට ඒ ඇති. මේ සිදුවන දේ ගත්තාම වෙනම කතන්දරයක්.
මං ලියපු සූදුරු අබා කෙටි කතා සංග්රහයෙ
පෙරවදනත් කතාවක්.
හෙට අනිද්දා නිකුත් වන අරුණෝදාකරුවෝ
නවකතාවෙ පිදුමත් කතාවක්.’
![]() |
මේ පිළිබඳ නිහඬව සිටීම මා දකින්නේ... |
‘ප්‍රශ්නයකට සැලකිය යුත්තේ දෙබරෙකුට මෙනි. එක්කෝ
ඌව සහමුලින්ම නොතකා හැරීම දිගටම කළ යුතුය. නැතිනම් එක පහරින්ම දෙබරා තලා විනාශකොට දැමිය
යුතුය.’ කියන අදහසයි ඒ අවවාදයේ ගැබ් වුණේ.
2024 නොවැම්බර් 31 වෙනිදා ඉඳලයි ‘2025 විදර්ශන සාහිත්ය
ත්‍යාගය’ සඳහා අත්පිටපත් බාර ගැනීම ඇරඹුණේ. ඒත් එක්කම වගෙයි ‘මෙතෙක් නොතිබුණු
තහංචියක්’ පැනවෙන්නේ. ඒ තහංචිය ගැන සාහිත්‍යධරයන් තම-තමන්ගේ උදහස් අදහස් සමාජගත
කළා. විශ්‍රාමික මහාචාර්ය සසංක පෙරේරා මහත්මාත් එයින් එක්කෙනෙක්.
‘විදර්ශන ත්‍යාගය සහ ශ්‍රී ලංකා පොත්
ප්‍රකාශකයින්ගේ සංගමය:
තහංචියක ආදීනව
දිනේෂ් කුලතුංග මහතා
ලේකම්
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය
පැලවත්ත
හිතමිත්‍ර කුලතුංග මහතානෙනි,
මා මේ ලිපිය ඔබට, ඔබගේ
අධ්‍යක්ෂ මණ්ඩලයට හා ඔබ සංගමයේ සමාජික සාමාජිකාවන් වෙත ලියන්නේ, ඉහත දක්වා
ඇති කාරණය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පසුගිය වසරේ ස්ථාපනය කළ ‘විදර්ශන ත්‍යාගය’ වැඩසටහන
ඔස්සේ සම්මාන ලැබූ හෝ කෙටි ලැයිස්තුවකට ඇතුළත්
වූ කිසිම අත්පිටපතක් හෝ පසුව මේවා අතුරින්
විදර්ශන සමාගම විසින් පළ කළ කිසිදු කෘතියක් හෝ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ
සංගමය විසින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක යන සම්මාන වැඩසටහන්වලින් ඉවත්
කරන බව පවසා ඇත.
මේ තහංචිය මේ වන විට වසර 18 ක් මුළුල්ලේ
ක්‍රියාත්මක වූ ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජය ලැබූ අත්පිටපත් දක්වා ද ව්‍යාප්ත වී තිබේ.
බැලූ බැල්මට පෙනෙන්නේ, එය විදර්ශන
ත්‍යාගය මත පනවා තිබූ තහංචිය සාධාරණීකරණය කිරීමට කළ කටයුත්තක් බවයි.
වසර තිහකට අධික කාලයක් මෙරටත්, ඉන් බාහිරවත්
ලිවීමේ සහ පළකිරීමේ නිරත වූ අයෙක් හැටියටත් ගෝලීය ප්‍රකාශන භාවිත පිළිබඳ යම් දැනුමක්
ඇති අයෙක් ලෙස හා යම් යම් අවස්ථාවල සමාජයේ අදහස් ප්‍රකාශ කරන අයෙක් ලෙසත් මේ පිළිබඳ
නිහඬව සිටීම මා දකින්නේ ආචාරධර්ම විරෝධී කටයුත්තක් වශයෙනි.
එමෙන්ම, බොහෝ
දෙනා මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ, මේ ගැන
අදහස් දැක්වීමෙන් තම තමන්ට පුද්ගලිකව පාඩු සිදු විය හැකිය යන සාංකාව මතය. මටත් ඒ තත්ත්වය
එසේම බලපෑ හැක. එනමුත් මේ වන විටත්, මීට විරෝධය
පෑම සදහා අප රටේ කීර්තිමත් ලේඛයින් කිහිප දෙනෙක්ම තම කෘති මෙවර පැවත්වෙන ස්වර්ණ පුස්තක
හා රජත පුස්තක සම්මාන වැඩසටහන්වලින් ඉවත් කර ගෙන ඇත. මංජුල වෙඩිවර්ධන, මහාචාර්‍ය
ලියනගේ අමරකීර්ති, ආචාර්‍ය
සුනිල් විජේසිරිවර්ධන, ආරියවංශ
අබේසේකර වැනි ප්‍රකට ලේඛකයෝද එසේ තම කෘති ඉවත් කරගත් පිරිස අතර වෙති. මෙය බෙහෙවින්
සාධනීය ලක්ෂණයකි. ඒ සියලු දෙනාට මගේ ආචාරය.
![]() |
මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කර ඇති සහ තවදුරටත් කළ
හැකි... |
ශ්රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය
විසින් 2024 වසරේ පැවැත්වූ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ප්‍රධාන ආරාධිතයා වූයේ මමයි.
ඒ ආරාධනය කළේ ඔබය. අධික රාජකාරි මධ්‍යයේ වුව ද එම ආරාධනය භාරගන්නට මා තීරණය කළේ, ඔබ සංවිධානය
මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කරන සහ එම වැඩකටයුතු වඩාත් සාධනීය සහ දියුණු
ආකාරයකින් ව්‍යාප්ත කිරීමට හැකියාවක් ඇති සංවිධානයක් සේ මා සැලකූ නිසාය.
මගේ ආරාධිත දේශනයේදී මෙරට පළකරන අගනා
කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කර ගෝලීය ප්‍රජාවට යොමු කළ යුතු යැයි ද එහි වගකීම භාරගැනීමට
වඩාත් සුදුසු ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය බව ද මා පැවසුවේ මේ නිසාය.
ඔබ සංගමයේ බොහෝ ඉහළ නිලධාරීන් එදා මෙන්ම
ඉන් පසුවත් මගේ අදහස්වලට පුද්ගලිකවත් ප්‍රසිද්ධියේත් එකඟ වී ඇත.
නමුත් විදර්ශන සමාගම සහ විදර්ශන ත්‍යාගයේ සම්මානලාභීන් මත පනවා ඇති තහංචිය නිසා ඔබ සංවිධානය
පිළිබඳ මගේ තිබූ විශ්වාසය සහ බලාපොරොත්තු බිඳ වැටී ඇති බව කණගාටුවෙන් වුවත්, පැහැදිලිවම
කිව යුතුය.
එසේම 2024 දී දියත් කළ ප්‍රථම විදර්ශන
ත්‍යාගය වැඩසටහනේ විධායක කමිටුවේ ද, පරිවර්තන
කමිටුවේ ද මා ස්වේච්චාවෙන් කටයුතු කළ ද එකල
මා විදේශගතව සිටි නිසා සහ මා කලින් සේවය කළ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාලයීය නිදහස හා සම්බන්ධ වෘත්තීය අර්බුදයක පුද්ගලිකව පැටලී සිටි
නිසාත් මගේ රාජකාරිය නිසි අයුරින් කළ නොහැකි වීම අවාසනාවකි. මා දන්නා පරිදි මේ වැඩසටහනේ
කිසිම වගකීමක් දැන් මා දරන්නේ නැත.
මගේ කිසිම කෘතියක් අද වන තෙක් විදර්ශන
සමාගම විසින් පළකර නැත. එසේ කරන්නට බලාපොරොත්තුවක් මගේ සිතේ ද නැත. විදර්ශන සමාගමේ ප්‍රකාශන ප්‍රවේශයේ ඇතැම් අංග පිළිබඳ මට යම් ගැටළු
තිබුණ ද ඒ කිසිත් සමාජගත වී ඇති කෘති හෝ විදර්ශන ත්‍යාගය වැඩසටහනේ අත්පිටපත් තීරණ ක්‍රියාවලිය
සම්බන්ධයෙන් මට නැත.
එමගින් දිගු හා කෙටි ලැයිස්තුවලට අතුළත්
වූයේ සහ අවසානයේදී සම්මාන ලැබුවේ ඊට සුදුසුකම්
තිබූ අත්පිටපත් පමණි. ඒ ගැන මට කිසිඳු සැකයක් නැත.
මේ තත්ත්ව තුළ, මෙරට
ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කර ඇති සහ තවදුරටත් කළ හැකි සහ කළ යුතු මේ සංවිධාන
දෙක මේ අනවශ්‍ය ගැටළුව නිරාකරණය කර ගත යුතුය.
![]() |
සමාජ කතිකාමය ප්‍රයෝජනය උදෙසා මේ ලිපිය සමාජගත කරන බව ද... |
මෙය අතිශයින් භයානක සහ අත්තනෝමතිකත්වය
සංස්ථාගත කරන සහ සාධාරණීකරණය කරන තත්ත්වයකි. මෙය සියළු ලේඛකයින්ට කරන බලවත් අසාධාරණයක්
මෙන්ම විශේෂයෙන් කුශලතා ඇති ආධුනික ලේඛකයින් අකර්මන්‍යය කරන අතිශයින් අනවශ්‍ය සහ පැහැදිලිවම
වලක්වාගත යුතුව තිබූ වෘත්තීයමය නොවූ ක්‍රියාවකි.
කුමන හේතු මත මේ තීරණය ගත්ත ද මෙමගින්
සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ
සංගමයේ කීර්තිය සහ සමාජ ප්‍රාග්ධනය තමන් විසින්ම සමාජය තුළ අවතක්සේරුවට ලක් කරගෙන තිබීම
සහ ඊට සාපේක්ෂව විදර්ශන සමාගමේ ප්‍රකීර්තිය සහ සමාජ ප්‍රාග්ධනය බෙහෙවින් ඉහළ යාමට අවකාශ
සලසා දීමය.
තව ද පිළිගත හැකි මටටමේ හේතුවක් නොදක්වා
බොහෝ කාලයක් මුළුල්ලේ මෙරට ක්‍රියාත්මක වූ අත්පිටපත් තරඟ ජයගත්තවුන්ට මෙවන් තහංචියක්
පැනවීම අතිශය ආචාරධර්ම විරෝධීය; පටුය.
ගෝලීය මට්ටමෙන් බලන විට ද පෙනෙන්නේ
මෙය කිසිඳු පදනමක් නැති අභූත ක්‍රියාවක් බවයි.
නමුත් මගේ විස්වාසය නම්, මේ ප්‍රශ්නය
විසඳාගැනීමට තවමත් හැකියාව ඇති බවයි. කුමන හේතුවක් මත ගත්ත ද මේ තීරණය ගැටළුකාරී තීරණයක්
නිසාත්, එමගින් පාඩු සිදුවන්නේ
ලේකඛයින්ට සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ කීර්තියට නිසාත්, දැන්
කළ යුත්තේ ස්වාධීන කමිටුවක් හෝ ඒක පුද්ගල කමිටුවක් පත් කර, මේ තීරණයේ
පසුබිම සහ එමගින් ඉගෙන ගත හැකි පාඩම් මැනැවින් සොයා බලා, ගෙන ඇති
තීරණය පදනම් විරහිත නම් අවලංගු කිරීමත්, කුමන
හෝ හේතුවක් නිසා සාධාරණ නම්, ඊට හේතු
සමාජයට පැහැදිලි කරදී තව දුරටත් පවත්වාගෙන යාමත්ය.
නොඑසේ නම් සිදුවන්නේ, ශ්‍රී
ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට සහ ඔබත් ඇතුළු එහි වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයට දීර්ඝකාලීන
අපකීර්තියක් විඳීමට සිදුවීමය.
මගේ විශ්වාසය නම්, සංගමයේ
අනාගතය ගැන සිතිමේදී මෙය අනවශ්‍ය දෙයක් බවයි.
මගේ අදහස්වලින් ඔබට යම් ප්‍රයෝජනයක්
ඇතැයි මම සිතමි. මේ සම්බන්ධයෙන් මගේ මැදිහත්වීම කුමන හෝ මට්ටමකින් අවශ්‍ය නම්, කරුණාකර
මට දන්වා එවන්න.
සමාජ කතිකාමය ප්‍රයෝජනය උදෙසා මේ ලිපිය
සමාජගත කරන බව ද කරුණාවෙන් සලකන්න.
මීට විශ්වාසී,
සසංක පෙරේරා
සමාජ විද්‍යාඥ සහ විශ්‍රාමික මහාචාර්ය’
![]() |
පොත් ප්රකාශකයන්ගේ සංගමයේ ‘පදනම් විරහිත තීරණය’ට එරෙහිව රැඩිකල් මංජුල
වෙඩිවර්ධන ස්වකීය පන්හිඳෙන් වෙඩි තබා තිබුණේ... |
මගේ කෝණයෙන් බලද්දී මංජුල ‘රැඩිකල් පොරකි’.
පොත් ප්රකාශකයන්ගේ සංගමයේ ‘පදනම් විරහිත තීරණය’ට එරෙහිව රැඩිකල් මංජුල වෙඩිවර්ධන
ස්වකීය පන්හිඳෙන් වෙඩි තබා තිබුණේ මෙසේය:
‘2025 2 15
- පොත් ප්රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික
තීන්දුවට එරෙහිව -
විදර්ශන සාහිත්ය ත්යාගය දිනාගත්, ඊට කෙටි
හා දීර්ඝ ලැයිස්තුගතව ඉක්බිති මුද්රණයෙන් ප්රකාශයට පත් වූ කෘති ස්වකීය ඇගයීම් ක්රියාවලියෙන්
ඉවත් කිරීමට, ශ්රී
ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය විසින් ගනු ලැබූ අත්තනෝමතික තීන්දුව හරහා අත්පිටපත් ආකෘතියෙන්
ඇගයීමට, විමසීමට, විග්රහයට
පාත්ර විශේෂිත වූ කෘති ගණනාවකට ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සාහිත්ය ඇගයීම් ක්රියාවලියට
අභිමුඛ වීමට ඇති අයිතිය අහිමිකර දමා තිබේ. මෙය එක් අතකින් ලේඛකයාගේ මූලික අයිතිවාසිකම්
උල්ලංඝනය කිරීමක් ද වන්නේ වෙයි.
විදර්ශන ත්යාගය දිනූ සහ ඊට නිර්දේශ
වූ කෘති අතුරින් කිහිපයක් මා කියවා ඇත. විශේෂයෙන් යසස් සමන්ත වීරසිංහගේ "වැහි
පීල්ලක අතරමංව", ගයනි
ගුරුගේ ගේ "පළා යමි එන්න එළියට", මෙන් ම ශ්රිලානි
ප්රනාන්දුගේ "මම වූයෙමි, මම වෙමි, මම වන්නෙමි"
අති විශාල නිර්මාණාත්මක ශ්රමයක් තුළින් උත්පාදිත මනරම් ප්රබන්ධ කෘති බවට විවාදයක් නැත.
ඒවා මගහැර ස්වර්ණ පුස්තක ඇගයීම සිදු කරන්නේ කෙසේද?
එමෙන්ම මා කියෙවූ අජිත් පැරකුම් ජයසිංහගේ
''සූදුරු
අබා'' සහ සමිත
බී අටුවබැන්දෑලගේ "වනිගසේකර තිත්මුවෙක්" කෙටිකතා සංග්රහ මෙන්ම සුහර්ෂණී ධර්මරත්න
කිවිඳියගේ "මල් මැවූ මිනිසා" බඳු සුවිශේෂී නිර්මාණාත්මක මැදිහත්වීම අත්හැර
රජත පුස්තකය පිණිස කෘති ඇගයීමට ගෙන ඇති තීන්දුව තුළ මා දකින්නේ අතිශය සාපරාධී බවකි.
මෙම කප්පාදුකාර තීන්දුව ගන්නට මූලිකත්වය
ගත් කවර ප්රකාශකයෙකු වුව සිහි තබාගත යුතු වන්නේ ඔවුන්ගේ ව්යාපාරිකභාවය රඳාපවතින්නේ
පාඨකයාගේ කියවීමේ ධාරිතාව තුළ බවයි. එබැවින් මෙම කප්පාදුව තවත් පසෙකින් පාඨකයාගේ අයිතිය
උල්ලංඝනය කිරීමකි.
මෙම තීන්දුව බැලූ බැල්මටම විදර්ශන ප්රකාශන
ආයතනය ඉලක්ක කර ගත්තක් බව නිරීක්ෂණය කළ හැකි ය. මේ තාක් අත්පිටපත් ලෙස ඇගයීමට පාත්ර
වූ "ගොඩගේ" කෘති ස්වර්ණ හා රජත පුස්තක ඇගයීම් ක්රියාවලී තුළ නිරූපද්රිතව
පැවතිණි. ඇතැම් කෘති කෙටි ලයිස්තු අතරට සම්ප්රාප්ත වූ අතර ඒ අතරින්ද ඇතැම් කෘති උක්ත
සම්මානයන්ට පවා පාත්ර විය. එබැවින් මෙම තීන්දුව නිශ්චිතවම විදර්ශන අරභයා ගනු ලැබූවක්
බවට තක්සේරු කරන්නට විශාල විවාදයක් අවශ්ය නැත.
![]() |
කෙලින් වැඩ කියලා කොච්චර පම්පෝරි ගැහුවත් මේ සංගමයෙත් අසාධාරණ වැඩ ඕනි තරම්
වෙනවා. |
ප්රශ්නය වන්නේ බොහෝ දෙනා නිහඬව බලා
සිටීමයි. ඊට මැදිහත්වීම හරහා තමන්ගේ කෘති කප්පාදු වෙතැයි යන අනියත භිතිය සාහිත්ය සමාජය
වෙලා ගත් සෙයකි. අවසන් වශයෙන් කිව යුතු වන්නේ මෙවන් කප්පාදුවක් අබියස නිශ්ශබ්දව සිටීම
ලියන්නෙකුට තරම් නොවන බව ය.
මංජුල වෙඩිවර්ධන’
තවත් ගොඩ දෙනෙක් ඒ තීන්දුව හෙළා දකිමින් තම-තමන්ගේ
කෘති ‘ස්වර්ණ පුස්තක- රජත පුස්තක’ ඇගයීමේ ක්‍රියාවලියෙන් ඉවත් කරගෙන...
ඒත්... ඒත්... ඒත්...
මේ අනීතික තීරණයට එරෙහිව වෙනත් පොත් ප්‍රකාශන ආයතන නැඟී සිටි බවක් මට නං දැනගන්නට
ලැබුණේ නෑ. ඒ විතරක් නෙවෙයි; ප්‍රවීන හා නවක පොත් කතුවරුන්ගෙනුත් කී දෙනාද උදහස්
වෙලා තිබ්බේ? (එහෙම උදහස් අදහස් ප්‍රසිද්ධියේ පළ කළ හැම දෙනාටම- මෙන්න නිදිගෙ ආචාරය
පිදෙනවා!)
අනෙකෙකුට අසාධාරණයක් වුණාම අපට එච්චර දැනෙන්නේ
නෑ. මොකටද ඒවා ගැන කතා කරලා කාවවත් තරහ කර ගන්නේ? එහෙම නිවටකමක් ජානවලින්මද කොහෙද
අපට උරුමයි... අපි හරි පව් නේද?
මුද්‍රණ කටයුතුවලදී හමුවෙන හිතවතුන්ගෙන් සැරෙන්-සැරේ
පොත් ප්රකාශකයන්ගේ සංගමයේ කෙරුවාවල් ගැන අතීතයෙදී කියැවුණු දේවල් නිකංම කියැවුණු
ඒවා නොවෙන බව දැන් නං මටත් හිතෙනවා...
‘පොත් ප්‍රදර්ශනයෙදී ඒ ගොල්ලෝ හොඳට සෙනඟ ගැවසෙන තැන්වල ස්ටෝල්ස් එයාලට බෙදාගෙන
ඉවරවෙලා තමයි අපිට මැස්සෝ ඇහිරෙන තැන් දෙන්නේ / කෙලින් වැඩ කියලා කොච්චර පම්පෝරි
ගැහුවත් මේ සංගමයෙත් අසාධාරණ වැඩ ඕනි තරම් වෙනවා. අපිත් ඒවා නොදැක්කා වගේ කට වහගෙන
ඉන්නවා- කට ඇරියොත් අපිව කැපිලම යනවනේ.’ වගේ කියුම්වලට යම්කිසි පදනමක් තියෙනවාද?
ඇත්ත! කොන්ත නෝනාට අයිතිය තියෙනවා එයාගේ මොකක්
වුණත් ඇල් වතුරෙන්ද හෝදන්නේ- මිරිස් වතුරෙන්ද හෝදන්නේ කියල තීරණය කරන්න. ඒත් පොත්
ප්‍රකාශනය වගේ බැරෑරුම් කර්තව්‍යයක නිරත පිරිසකට කොන්ත නෝනට වඩා වගකීමක් තිබිය
යුතුයි නේද?
එහෙම හිතුණෙ මේ වෙනතෙක්ම පොත් ප්රකාශකයන්ගේ
සංගමය ‘මුඛ බන්ධනය’කට ගොදුරු වෙලා ඉන්න හින්දයි.
ඉතිං... කවුරුන්ම හරි- දන්නා කෙනෙක් ඉන්නවා නං
කියන්නකො, මේ පුංචි ප්‍රශ්න කීපෙට උත්තර...
1. පොත් ප්රකාශකයන්ගේ සංගමය වැදගත්; තීරණාත්මක තීන්දු
ගන්නේ සභා රැස්වීමකදීද?
2. සංගමයේ සාමාජික සංඛ්‍යාව කීයද?
3. සභා රැස්වීමකදී ‘ගණ පූරණය’ක් සලකනු ලැබෙනවාද?
4. මේ පෝස්ටුවේදී කියැවුණු ‘තහංචිය’ පිළිබඳ තීරණය ගනු ලැබුවේ කවරදාද- ඒ තීරණය ඒකමතික
එකක්ද?
5. එම තීරණයට විරුද්ධව අදහස් පළ කළ- ඒ ගැන සංගමයට දැනුම් දුන් විද්වතුන්ට, ලේඛක-
ලේඛිකාවන්ට පිළිතුරු සපයා තිබේද?
(ජනක ඉනිමංකඩ මහතාණෙනි, දහසක් කටයුතු මැද වුවත්, මේ
ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු හෝ ලබා දෙන්නේ නම් ඉතා මැනවි!)෴0෴
පොලිසිය ආයුධ පෙන්වන්න එක්ක ගියාම ආණ්ඩුව දක්වන ප්‍රතිචාරයම තමයි තවමත් පොත් ප්‍රකාශකයින්ගේ සංගමය දක්වලා තියෙන්නෙ.
ReplyDeleteඅපි තරම් ලොක්කෝ ලොවෙත් නැහැනෙ Litseeker!
Delete@ නිමල්
ReplyDeleteලංකාවේ පොත් ප්රකාශකයන්ගේ සංගමය පිළිබඳ ඔබ විමසූ කරුණු කිහිපයකට අදාළ තොරතුරු පහත පරිදි වේ:
01.තීරණ ගැනීමේ ක්‍රියාවලිය:
පොත් ප්රකාශකයන්ගේ සංගමයේ වැදගත් තීරණ බොහෝ විට සභා රැස්වීම්වලදී සාකච්ඡා කර තීරණය කරන අතර ඇතැම් වැදගත් කරුණු වලදී මාධ්‍ය සාකච්ඡා පවත්වාද කරුණු ඉදිරිපත් කරන බව පෙනේ.
02. සාමාජික සංඛ්‍යාව:
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමයේ නිශ්චිත සාමාජික සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මා සතුව නොමැත. නමුත් ලංකාවේ ප්‍රධාන පොත් ප්‍රකාශකයින් රැසක් එහි සාමාජිකත්වය දරන බව පැහැදිලිය.
03. ගණ පූරණය:
සභා රැස්වීමකදී 'ගණ පූරණය' සලකා බැලීම සාමාන්‍ය ක්‍රියාවලියකි. එහෙත්, ශ්‍රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමයේ රැස්වීම්වලදී ගණ පූරණය පිළිබඳ නිශ්චිත තොරතුරු මා සතුව නොමැත.
04. විදර්ශන ප්‍රකාශනයට එරෙහි තහංචිය:
විදර්ශන ප්‍රකාශනයට එරෙහිව යම් තීරණයක් ගත් බවට වාර්තා පවතී. නමුත් එම තීරණය ගත් දිනය සහ එය ඒකමතික තීරණයක්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු සොයා ගැනීමට නොහැකි විය. නමුත් එම තීරණය පිළිබදව සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ මතවාද ඇතිවූ බව පැහැදිලිය.
05. විද්වතුන්ගේ සහ ලේඛකයන්ගේ ප්‍රතිචාර:
එම තීරණයට විරුද්ධව අදහස් පළ කළ විද්වතුන්ට සහ ලේඛකයන්ට සංගමය විසින් පිළිතුරු සපයා තිබේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීමට නොහැකි විය. නමුත් ලංකා ලේඛක සංවිධානය විසින් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය වෙත 2025 පෙබරවාරි 06 වනදා ලිපියක් යවනු ලැබ ඇත. නමුත් ලංකා ලේඛක සංවිධානය සඳහන් කරන පරිදි ඊයේ වන තුරු (24) එම ලිපියට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්ට ශ්‍රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය අපොහොසත් වී ඇත. එබැවින් ලංකා ලේඛක සංවිධානය විසින් එම ලිපිය සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත.
කෙසේ වෙතත් ගමේ ළිඳ ඊට සංගමය වගේ මෙතන කනිපින්දම් නොකියා කෙලින්ම ගොස් එම සංගමයේ නිලධාරීන්ගෙන් ඔහුව විමසීමි කටයුතු. නැතුව මෙලෝ වැඩකට නැති ලංකාවේ වර්තමාන තකතීරු ආණ්ඩුව වගේ වේදිකාවල කයිය ගහලා බෙරිහන් දුන්නාය කියලා කිසිසේත්ම වැඩක් වෙන්නේ නැති බවත් සංගමය මෙවැනි බලු කෙඳිරිලි සත පහකට ගණන් ගන්නේ නැති බවත් ඒ වෙනුවට අඩුම තරමේ මෙම කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමයේ නිල වෙබ් අඩවිය බැලීම හෝ අදාල නිලධාරීන්ගෙන් දුරකථන ඊමේල් ආදී විවිධ මංගත ක්‍රමයකට හෝ විමසීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු.
ගොඩක් ගොඩාක් ස්තුතියි Ano මහතාණෙනි, ඔබ දන්නා තරමින් මගේ ප්‍රශ්නවලට නොපමාවම පිළිතුරු දුන්නාට!
Deleteනිදී අංකල්
ReplyDeleteමාතෘකාවට අදාල නැතත් ලංකාවට මේ දවස්වල සැරටම බලපාන වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳව සංවාදයක් ආරම්භ කරන්න හිතුනා
මේ චූටි ක්ලිප් එකේ ලංකාවේ රිලවුන්ගෙන් සිදුවන වගා හානි අවම කිරීමට ඉතාම හොඳ යෝජනාවක් ගැන සාකච්ඡාවක් යනවා මේක මේ පාඨකයන් හැමෝම බලන්න
https://www.facebook.com/share/v/1E9Rt41buw/
මේකේ කමෙන්ට්ස් වලත් ඉතාම දක්ෂ සහ හොඳම යෝජනා ගොඩක්ම තියෙනවා මේකට කමෙන්ට් විදියට දාලා
මේක ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාටද ඉදිරිපත් කරලා තියෙනවා කියල මේකේ කියනවා. මේක බලලා සමන්ත විද්‍යාරත්න ඇමතිතුමාට සහ රජයට සහයෝගය ලබාදෙමු මේ වගා හානි වලක්වන එක මේ වෙලාවේ රටට අත්‍යවශ්‍යම දෙයක් නිසා. මේ ගැන සංවාදයකට මේක විවෘත කිරීමට නිදී අංකල් කැමතියි ද?
ඉමේෂ්, මේ ගැන අපේ සහෘද පාඨකයන් commentsවලින් අදහස් ඉදිරිපත් කරයිද කියලා බලමු.
Deleteලොක්කා අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඔයාගේ වැඩක් බලාගත්තොත් හොඳයි නේද ?
ReplyDeleteඑහෙමද හොඳ Ano?
Deleteසමලිංගික පොන්නයා
ReplyDeleteඉතිං....
Deleteඅනේ මන්ද නිදී, මුලු රටම මහා විගඩම් මඩුවක් බවට පත්ව තිබෙන අතර රටේ තවමත් නිල වශයෙන්ම පොලිස්‌පතිවරයා වන පුද්ගලයා හැංගිලා ඉන්නේ, පොරව අත්අඩංගුවට ගැනීමට වැඩබලන පොලිස්පතිවරයා පොලීසියට කියලා තියෙනවා, පොලිසිය ජනතාවට කිතනවා හොයලා ගෙනල්ල එයාලට භාරදෙන ලෙස, අනෙක පොලීසියත් කොර වෙලා ඉන්නේ ආණ්ඩුවේ අමු ගොබ්බ තකතීරු තීරණ සහ පාලනයේ පවතින විකාර සහගත ස්වරුපය නිසා.
ReplyDeleteඅලුත්කඩේට ඇවිල්ල වෙඩි තියලා මාරු වෙච්ච අවුරුදු විසි පහක පොඩි කෙල්ල අල්ලන්න කාටවත්ම බෑ, ඒකි රටිනුත් පැනලා ගිහිල්ලා කියලා කියන්නේ, එතකොට රටේ තවම නිල පොලිස්‌පතිවරයා වන කෙනා තාම මිසින්. එතකොට අර හිටපු ඇමති මිරිස්කුඩ්ඩා (ප්‍රසන්න රණවීර) ඌත් මිසින්. අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට අරගෙන එනවා කියල පොරටෝක් දුන්න ජනාධිපති දැන් රටටම විහිලුවක් වෙලා ජනතාව සමාජ ජාල වල බනිනවා කෙබර කුමාර, පචමෝල, තඹුත්තේගම ටොම්පචයා කියලා, ආණ්ඩුවත් දිනපතා ජනතාවට ගොන් ආතල් දෙනවා හැමදාම, අර රිලා ප්‍රශ්නය ඇතුලු හැමදේම අනාගෙන මහා පිස්සු වැඩ ලෝකයක් වෙලා
මම දැක්ක කමෙන්ටුවක් නිමල් දිසානායක කියලා, මේ කමෙන්ට් එක ඔයාගෙද නිමල්
///දේශ බන්දු අල්ලන්න බෑ.මහින්ද නාකිමයිනා නිල නිවසින් යවන්නත් බෑ.අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගේන්නත් බෑ.කුඩු නතර කරන්නත් බෑ.කිසිම දෙයක් කියපු ගැම්මට කරන්නත් බෑ.ඔහොම කියමින් කාලෙ ගෙවා දමයි.හැබැයි කයියනම් පුලුවන්.මේවගෙන් වෙන්නෙ ජනතාව ඉච්චා භංගත්වයට පත් වෙලා විනය පිරිහෙලා මුලු සමාජයම දරුණු මිනිසුන්ගෙන් ගහන රටක් බවට පත් වෙලා එල් සැලවදෝර් වගේ රටක් වෙන එකයි.///
ඇත්ත උසාවි භූමියේ මිනී මරනවා ..රෝහල් භූමිය තුල නිලනිවාසවලට පැනලා සල්ලාලයෝ තරුණ වෛද්‍යවරියන් පවා අතපය බැඳදමා අමානුෂික ලෙස දූෂණය කරනවා, .. පොලෝසිය පොලිස්පතිව අල්ලන්න ජනතාවගෙන් උදව් ඉල්ලනවා.
😪
දැන් අඩු පාර්ලිමේන්තුව ඇතුළේ "කිරි කිරි බෝලේ ... කර කර " සෙල්ලම් බත් උයන එක විතරයි. ඒ වගේ ජෝකර්ලා සෙට් එකක්නේ ආණ්ඩුවේ ඉන්නේ.
ඉතින් කොහොමද පොත් ප්‍රකාශනය කරන මිනිස්සුන්ට විතරක් ඔය වගේ හරියට වැඩ කරන්න නීතිගරුක සදාචාරාත්මක සද්ගුණය ඇතිකරගන්න කියලා කියන්නේ මහ කකුලුවෝ හරහට යන ඒ වගේ රටක පොඩි උන්ට කියන්න පුළුවන්ද කෙලින් යන්න කියලා?
අනේ මන්ද නිමල් අපිත් ගිත අවුරුද්දේ මාලිමාව ජාතික ජන බලවේගය ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියේ ඒත් අන්තිමට මුන් ඔක්කොම මෙලෝ වැඩකට නැති හිටපු අපත උන්ටත් වඩා අන්ත කිසිම ආකාරයක ප්‍රායෝගික භාවිතයක් නොතේරෙන වැඩකට නැති නීකමුන් පිරිසක්, කතාව එච්චරයි. ලංකාවේ ගොඩක් මිනිස්සු කියන විදියට "අපිත් ඡන්දේ දුන්නා ඒත් මුන්නම් හරියන්නේම නෑ තමයි" තව බලන් හිටියොත් මීටත් වඩා අන්ත තැනකට රට වැටෙනවා, මොනවා හරි කරන්න වෙනවා මේක වෙනස් කරන්න දැනුත් හොඳටම ප්‍රමාද වැඩියි. බලමු.
බලමු බලමු චානක මහත්තයෝ.
Deleteකාලයක පටන් මගේ නමින් කවුරුන් හරි විවිධ blog අඩවිවලට comments එවනවා. සමහර ඒවා අසැබියි. සමහරක් ඉතා නිර්මාණාත්මකයි. ඒවායින් මා දකින්නෙත් සමහර ඒවා පමණයි.
මා ගැන දන්නා උදවියත්- නිදිගෙ පංච තන්තරේ කියවන උදවියත් දන්නවා, මම අසැබි දේවල්, ද්වේෂ සහගත දේවල් හා අසත්‍ය දේවල් නොලියන විත්තිය.
අනෙක් අතට ඒ කාරියෙන් පෙනෙන්නේ මං හිතනවට වඩා යම් යම් අයට මම ලියන දෙයින් රිදෙන බවයි.
ගොඩක් ස්තුතියි ප්‍රශ්නය ඇහුවට.
@ නි.දි.
ReplyDeleteමම හිතන්නේ ඕවට වඩා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පොත් ප්‍රකාශනය කිරීමට මේවන විට දැඩි ලෙස බලපා තිබෙන බරපතල ප්‍රශ්න වලට උත්තර සොයාගන්න රජය සමග සාකච්ඡාවකට යායුතු බව, එහෙම සාකච්ඡා කරන්න ඕන ගැටළු කිහිපයක් තමයි මේවා:
01. වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව නව 2025 වසර සඳහා වූ අයවැය ලේඛනය අනුව පනවා ඇති වැට් බදු ගැටලුව:
මේවන විට රජය මගින් පොත් සඳහා පනවා ඇති 18%ක වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට හා ව්‍යාකූල තත්ත්වයකට පත්වී ඇත.
මේ නිසාම කුඩා පරිමාණයේ ප්‍රකාශන ආයතන වලට මෙය දැරිය නොහැකි බැවින්, පොත්වල මිල වැඩි කිරීමට සිදුවී ඇති අතර, එය පාඨකයන්ට ද දැරිය නොහැකි වී ඇත.මෙම බදු පැනවීම හේතුවෙන් සමස්ත සමාජයට ම අහිතකර බලපෑම් ඇති වී ඇත.
02. ශ්‍රී ලංකාවේ රජය මගින් ජාත්‍යන්තරව පිළිගත් එක්සත් ජාතීන්ගේ ගෝලීය යුනෙස්කෝ ෆ්ලොරන්ස් ගිවිසුම උල්ලංඝනය කිරීම:
යුනෙස්කෝ ෆ්ලොරන්ස් ගිවිසුමට අනුව, ආනයනය කරන ඇතැම් අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික ද්‍රව්‍ය සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික සියලුම රටවල් රේගු බදු නොපැනවිය යුතුය.
නමුත් ශ්‍රී ලංකාව විසින් මෙම ගිවිසුම උල්ලංඝනය කරමින් එම අංශවලට අදාල පොත් සඳහාද බදු පනවා ඇත.
මේ දෙක මුලින්ම විසඳාගන්න ඕනේ
එමෙන්ම කුඩා ප්‍රකාශකයන්ගේ ගැටළු:
රජයේ වැට් බදු පැනවීම නිසා කුඩා පරිමාණයේ ප්‍රකාශකයින්ට තම පොත් අලෙවි කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත.
මහා පරිමාණයේ පොත් ප්‍රකාශකයින්ගේ පොත් සාප්පු සහ පොත් බෙදා හැරීමේ ජාලය හරහා කුඩා ප්‍රකාශකයින්ට තම පොත් අලෙවි කර ගැනීමට නොහැකි වී ඇත.
මීට අමතරව පසුගිය දශක කිහිපය තුල දිගටම පවතින පොත් ප්‍රකාශන සම්මාන ගැටලු:
* සාහිත්‍ය සම්මාන සම්බන්ධයෙන් විවිධ සංවිධාන අතර මතභේද පවතී.
* සම්මාන ප්‍රදානයන්හි දී අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විවිධ විවේචන පවතී.
* සම්මාන උළෙල කිහිපයක දී එකම පොතට හෝ එකම පිරිසකට පමණක් ජයග්‍රහණය ලැබීම බොහෝ කලක සිට ලංකාවේ සාහිත්‍ය ක්ෂෙත්‍රයේ දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙයද විසඳාගන්න ඕනේ
මේ Asian Tribune පුවත්පතේ ලිපියක්
//
"අපි බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි" ප්‍රජාතන්ත්‍රවාදී සම්මතය නොසලකා හරින බල පොරයකට සූදානම් ?
වත්මන් රජයේ ඇතැම් නායකයින් කරන මෙම ප්‍රකාශය, දේශපාලන අධිකාරියේ හා රාජ්‍ය පාලනයේ ස්වභාවය පිළිබඳව සැලකිය යුතු හා විවාදයට ලක් කළ යුතු එකකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හා වගවීම සම්බන්ධව නායකත්වයේ ඒකාධිපති ප්‍රවණතාවක සෙවනැල්ලක් ජනිත කරයි.
ප්‍රධාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට අභියෝග කරන, දින නියමයක් නොමැතිව බලය රඳවා ගැනීමේ දැඩි අභිප්‍රායක් මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වේ.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පොදු වගවීම සහ මැතිවරණ ක්‍රියාවලීන් කෙරෙහි ඇති විශ්වාසය හීන කරවන අතරම වත්මන් රජයේ දේශපාලන ප්‍රමුඛතා පිළිබඳ භයානක චිත්‍රයක් මෙමගින් පිළිබිඹු කරයි. මෙම ප්‍රකාශය රාජ්‍ය පාලනය, ස්ථාවරත්වය සහ සිවිල් නිදහස සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්ද කරයි.
බලය දැඩි ලෙස ග්‍රහණය කර ගැනීමට දරනු ලබන උත්සාහයක් ලෙස හා රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම මෙන්ම තහවුරු කර ගැනීම සඳහා විපක්ෂ කණ්ඩායම් අධෛර්ය කිරීමට දරන උත්සාහයක් ලෙසද මෙය පැහැදිලි කළ හැකිය.
Cont'd
Cont'd
Delete//
තවද, දැනටමත් ජනතාව අතර දැඩිලෙස අප්‍රසන්න තත්ත්වයට පත්ව තිබෙන ජාජබ රජය ඉතාම ඉක්මනින්ම බිඳවැටෙනු ඇතැයි යනුවෙන් ජනතාව තුළින් මතුවෙමින් පවතින සැකය තුරන් කොට පක්ෂයේ පූර්ණකාලීනව වැඩ කරන ආධාරකරුවන් සතුටු කිරීම මෙහි තවත් අරමුණක් විය හැකිය.
"ආපහු දෙන්න නෙමෙයි" යන්න භාවිතා කිරීම මගින් බලය රඳවා ගැනීම පිළිබඳ නොනැමෙන ස්ථාවරයක් පෙන්නුම් කරයි. එමෙන්ම එමගින් අවසානාත්මක මෙන්ම අධිෂ්ඨානශීලී බවක් ජනිත කරන අතරම විශ්වාසනීය ලෙස කරනු ලබන එවැනි ප්‍රකාශයකින් ඒකාධිපති පාලනයක් පිළිබඳ කනස්සල්ලක් මතුවීම වැළැක්විය නොහැකිය.
"බලය, මහජන කැමැත්ත හෝ මැතිවරණ ප්‍රතිඵල මත රඳා නොපවතී" යන්නට ව්‍යංගයෙන් කරනු ලබන යෝජනාවක් ලෙස පෙනෙන මෙම ප්‍රකාශය වක්‍රව ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට අභියෝග කරයි.
"නිදහස් මැතිවරණ" සහ "සාමකාමී බල හුවමාරුව" වැනි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සඳහා වන රජයේ කැපවීම හා වගවීම පිළිබඳ සැකයක් මෙන්ම ඒ හා බැඳුණු බරපතළ ප්‍රශ්න රාශියක් ජනිත කිරීමට මෙම ප්‍රකාශය හේතු විය හැකිය.
"රාජ්‍ය නායකයින් පුරවැසියන්ට වගකිව යුතුය" යන වගවීම පිළිබඳ නිත්‍ය යාන්ත්‍රණය නොසලකා හැරීමේ විභවයක් එමගින් යෝජනා කරයි.
මෙම ප්‍රකාශය දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රවේශයක් ලෙස ඇතමුන්ට තර්ක කළ හැකි වුවද, තවත් කෙනෙකුට එය ඒකාධිපති පාලනයක් සඳහා වන ප්‍රවේශයක තවත් එක් පියවරක් ලෙස හැඳින්වීමට හැකියාව ඇත.
කෙසේ වුවද, "අපි බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි" යන්න සංකීර්ණ දේශපාලන යථාර්ථයක සාරාංශයයි. එය රාජ්‍ය පාලනයේ දේශපාලන ස්ථාවරය සොයන ආධාරකරුවන්ට සහතිකයක් වුවද, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ වගවීම ඛාදනය පිළිබඳ රතු කොඩි එසවීමකි.
මෙම ප්‍රකාශයේ හැඩතල හෙට දිනයේ කෙසේ වෙනස් වනු ඇද්ද යන්න පිළිබඳව පුරවැසියන්, විරුද්ධ පක්ෂ සහ නිරීක්ෂකයින් සමීප පරීක්ෂාවකින් සිටිය යුතු බව සිහිපත් කරමි.
- එස්. කිඳෙල්පිටිය, Asian Tribune//
ලංකාවේ 2025 අයවැය යෝජනාවලිය අනුව පොත් ප්‍රකාශනය සම්බන්ධයෙන් පැනවූ 18% ක වැට් බදු ජනතා විරෝධය හමුවේ පවා අඩු කිරීමක් කළ නොහැකි බව රජයේ පාර්ශ්වයෙන් බලධාරීන් පවසති. පහත දැක්වෙන්නේ පොත් ප්‍රකාශනය සම්බන්ධයෙන් දැනට පවතින බදු තත්ත්වයයි.
Delete* වැට් බදු:
* පොත් සඳහා 18% ක වැට් බද්දක් දැනට ක්‍රියාත්මක වේ.
* මෙම බද්ද හේතුවෙන් පොත් මිල ඉහළ යාම සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇති වී තිබේ.
මීට අමතරව මිලියන 60ට වඩා වැඩි වාර්ෂික බිල්පත් ආදායම් ලබන ප්‍රකාශන ආයතන ඉතා විශාල ආදායම් බද්දකටද යටත් වේ.
* කුඩා ප්‍රකාශකයන්ගේ තත්ත්වය:
* කුඩා ප්‍රකාශකයින්ට වැට් බද්ද හේතුවෙන් තම පොත් අලෙවි කිරීමට අපහසු වී ඇත.
* මහා පරිමාණයේ ප්‍රකාශකයින්ගේ පොත් සාප්පු සහ බෙදාහැරීමේ ජාල හරහා කුඩා ප්‍රකාශකයින්ට තම පොත් අලෙවි කර ගැනීමට ඇති අවස්ථාව අඩු වී ඇත.
* මුද්‍රණ කර්මාන්තය:
* මුද්‍රණ කර්මාන්තයේ අමුද්‍රව්‍ය සඳහා 18% වැට් බදු අයකරන බැවින්, පොත් ප්‍රකාශන වියදම් තවදුරටත් ඉහළ යෑමට එයද හේතුවක් වී ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ගැටළු විසඳීම සඳහා පොත් ප්‍රකාශනය කරන සංගම විසින් ඉදිරියේදී රජයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කර මෙම නීති සහ බදු වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඉතාමත්ම වැදගත් වේ.
බෙහෙවින්ම ස්තුතියි Ano මහතාණෙනි.
Deleteඔබේ කමෙන්ටුව ඉතා හරවත්- අවධානයට ලක් විය යුතු කරුණුවලින් පිරුණු එකක්.
ඒ කරුණු හා අදහස් වගකිව යුතු අදාළ බලධාරීන්ගේ නොමඳ අවධානයට ලක් වේවා කියා පතන එකයි අපට කළ හැක්කේ.
ඇයි මේ කුලප්පු?😮🤔
ReplyDeleteකුලප්පු කියන වචනය තරමක් දුරට මද කිපීම වගේ අදහසක් මතුකරන නීසා යමක් කියන්න හිතුනා මටත්. කාලීනව වැදගත් වේවි මේක ලංකාවේ තරුණ වෛද්‍යවරියක් රෝහලේ නිලනිවාසේදීම අමානුෂික ලෙස දූෂණය කළ සිදුවීමත් සමඟම
Deleteඔයා සමහර විට මීට පෙර දකින්නටත් ඇති අර Diana Scully සහ Joseph Marolla කියන සමාජ පර්යේෂකයින් දෙදෙනා විසින් සැකසු වාර්තාවක් තියෙනවා ඔය කුලප්පුව නිසාම ස්ත්‍රී දූෂකයන් සම්බන්ධයෙන්.
ඒ වාර්තාවේ එක තැනක තියෙනවා.. මේ දූෂකයන් විසින් තමන්ගේ අපරාධයක් කළ බව පිළිගත්තත් තමන්ගේ ඒ ක්‍රියාව පිළිබඳව කවදාවත් Guilty Feeling (තමන් කළේ වැරැද්දක්) එකක් ඇති කරගැනීම වෙනුවට Victim Blaming (වින්දිතයාට චෝදනා කිරීම) කියන දේ එයාලා කරනවා.
ලංකාවේත් අපි දැක්ක මේ දවස්වල ඔය උඩ මම සඳහන් කරපු අනුරාධපුරයේ වෛද්‍යවරියේ සිදුවීමේ දී සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙන සමහර කමෙන්ට් ගැන Post කිහිපයක් දැක්කා.. ඒවා ඇතුළේ තියෙන්නෙත් තනිකරම දුෂකයා විසින් තමන්ගේ අපරාධයේ වින්දිතයාට කරන චෝදනා කිරීම්වලට අතිශයෙන් සමාන දේවල්..
හරියටම කිව්වොත් දුෂකයා කිසිම වෙලාවක තමන්ගේ අතින් වුණු අපරාධයට පිළිගැනීමට වඩා සමාජ කාරණා මත දේවල් පටලවා ගැලවෙන්න බලනවා..
හරියට කිව්වොත් තමන් අධික ලෙස බීමත්ව හිටිය නිසා ඒක කළා, නැත්නම් මත්ද්‍රව්‍යයක් භාවිතය නිසා ඒක කළා, නැත්නම් තමන්ට සමාජයේ දේවල් නොලැබෙන නිසා ඒක කළා කියන මතයේම ඉන්නවා, කොටට ඇන්ඳා,කලවා පේන්න ඇන්ඳා නැත්නම් ලස්සනට හිටියා කියලා..
ඕකට උදාහරණයක් භාරතයේ ප්‍රකට දූෂණ සිදුවීමකට සම්බන්ධ අපරාධකරුවකු කතා කරන වීඩියෝ එකක තියෙනවා. මං ඒක දැක්කේ වාර්තා වැඩසටහනකින්.
ඒකේ දී එම අපරාධකරු කියනවා,
කෙල්ලෙක් රෑ 9 පස්සේ එළියට යන්න හොඳ නෑ කියලා. නිකන් අපරාධයේ වගකීම තමන්ට විතරක් ගන්න බෑ, වින්දිතයාත් වගකියන්න ඕන කියලා..
අර වාර්තාවේ තියෙනවා, සමහර අපරාධකරුවන් විසින් 'Nice Girl' කියලා හඳුන්වන පිරිසක් ගැන. මේ අපරාධකරු කියනවා කුස්සියේ ඉන්න ඕන කතාවක් ගැහැනු.. ඒ ඔහු හඳුන්වන්නේ අර Nice Girl යනුවෙන් කියන කොටස. මොකක් හරි සීමාවක කොටු වෙලා ඉන්න පිරිස ගැන, එයාලාට කවදාවත් මෙහෙම වෙන්නේ නෑ කියලා අර අපරාධකරුවන් කියන බව වාර්තාවේ තියෙනවා.
හැබැයි මෙයාලා පිළිගන්නේ නෑ, කොච්චර සීමාවන් සංස්කෘතික බැමි දාලා තිබ්බත ඒවා බිඳල කොයි මොහොතක හරි කෙනෙක්ව බිල්ලක් විදිහට ගන්න පුළුවන් කියලා.
ඇඳුම හෝ වයස කියන කාරණා ඒ වේලාවට අදාළ නෑ..
ගැහැනු අය විතරක් නෙමෙයි පිරිමි ළමයෙක් වැඩිහිටි කාන්තාවක් අතින් අතවරයට ලක්වුණාමත් සමහර අය හැසිරෙන්නෙත් ඔය විදිහටම තමා..
අර වගේ කමෙන්ට් දාලා Victim Blaming කරන උන්ගෙන් පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕනෑ, මොකද ඇත්තටම උන් සහ එවන් අපරාධකරුවන් අතර වැඩි වෙනසක් නෑ..
ප.ලි :
ඒ කිව්ව වීඩියෝ එකේ ඉන්නේ ලෝකයම කම්පා කළ නිර්භයාගේ සිද්ධියේ ප්‍රධාන අපරාධකරුවෙකු වන Mukesh Singh.. ඉන්දියාව පොරට මරණ දඬුවම ක්‍රියාත්මක කළා 2020 මාර්තු 20 වෙනිදා..
ස්තුතියි සංජේ, ගොඩක් දවසකින්...
Deleteනියම විස්තරේ. මේක වෙනම ලිපියක සාකච්චා කලයුතු මාතෘකාවක්. ස්තූතියි.
Deleteබකුසුතුමෝ, සංජේ වැඩියෙන් ලියන්නේ fb එකටයි.
Delete@ බස්සා
ReplyDeleteතව මාස හතක පමණ කාලයක් තමයි බලාගෙන ඉන්න තියෙන්නේ කුලප්පු වෙලා හදිසි වෙන්න උවමනා නැහැ නේද?
ඕන නම් මෙන්න මේ චූටි ක්ලිප් එක චුට්ටක් බලන්න
https://m.youtube.com/watch?v=GwYVlyH3f5I
බොහෝ දුරට මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසය වෙනකොට මුත්තා කවුන්සිලේට රිංගලා ගේම පටන් අරගෙන ටික දවසකට පස්සේ සෙට් එකටම ෂොට් එක දෙයි ගොඩක් වෙලාවට ලබන අවුරුද්ද මුල හරියේ දී කොටාව පන්නලා මෑන් බලේ අල්ලන බව හිතන්න පුළුවන් බෝහෝ දුරට එහෙම නේද?
මට නං එහෙම හිතෙන්නේ නෑ Ano.
Delete@ ඇනෝ
Deleteඔව් දුන්නොත් එපා කියයි ඔය කපටි නරියා.😂😁
@ Ano 1.44 pm
Deleteමටත් හිතෙනවා මොකක් හරි ගේමක් දෙන්න හදනවා කියල, අල් ජසීරා ඉන්ටවිව් එක හරහා ගල්කපටි රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ පොරට හැමදාම වගේ අකමැති අර දාර මැදමුලන බයි ජනතාව (පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරපු 2.5% සහ ඡන්දය ප්‍රකාශ නොකරපු 12%-15% ක වගේ ප්‍රමාණයේ) රවටා උන්ගේ හිත දිනාගැනීමට ගහපු ගේමක් වගේ.
ඊළඟට රනිලා පහුගිය කාලේ මාලිමාවට ඡන්දය දීල දැනට ආණ්ඩුව එපාවෙලා ඉන්න මිලියන හයකට වඩා වැඩි අති බහුතරය විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජනතාව මධ්‍යම පාන්තික නාගරික බහුතරය, දමිල සහ මුස්ලිම්වරුන්, ගම්බද ප්‍රදේශවල ජනතාව මේ අයගේ හිත දිනාගැනීමට වෙන වෙන ගේම් දේවි. ඉස්සරහට බලන්න පුළුවන් වෙයි ටික ටික ඒ ජල්තර කොහොමද වෙන්‍නේ කියන එක
අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව වැඩිකල් යන්නට අමාරුයි මෙහෙම ගියොත් නම්, ඒනිසා තව ටික කාලයක් අඩුම තරමේ අවුරුද්දක්වත් බලය රැකගැනීමට නම් ආන්ඩුවට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි අපි මාලිමාවට ඡන්දය දීලා මේ වගේ ආන්ඩුවක් පත්කලේ අනුරට ආදරේටවත් npp එකට තියන ආදරේටවත් කාටවත් ඇති වහල්කමටවත් නෙවේ..
ඒ රටට තියෙන ආදරේට..මේ රටේ තිබ්බ දූශිත පාදඩ තක්කඩි දේශපාලනේ අයිං කරලා උංට දඩුවම් දෙන්න..
ඒත් තාම රටේ නිල පොලිස්පති අතුරුදහන්ව ඉන්නේ, යකෝ රටේ නිල පොලිස්පතිවවත් අල්ලගන්න බෑ..හැමතැනම වෙඩි තැබීම්.අපි දන්නව මේවා හිටපු සමහරක් දේශපාලකයංගෙ කුනු නිසා ආරම්භ වෙච්ච දේවල් කියල..ඒත් දැං ආන්ඩුව විදියට මිනිස්සු ඔයාලව පත් කලේ මේව නවත්තන්න මිසක් ඔය පඩ ෂෝ ටීවී එකේ දාන මෝඩ show බලන්න නෙවේ..
කලින් මහජන ඡන්දයෙන් බලයට ආපු ජනාධිපතිට අවුරුදු තුනක් ඇතුලත 2022 දී උනේ මොකද්ද කියල අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ කියල මම හිතනවා..
ඒ නිසා මේ වගේ ගොබ්බ කැත වැඩ කරලා මිනිස්සුංගෙ ඉවසීම පරීක්ශා කලා හොදටම ඇති..මේ පාර මේ NPP ආණ්ඩුව පෙරළීමට එන ජනතා විරෝධය මතු වුණාම නම් මං හිතන්නෙ නෑ කලිං පාර වගේ වත් හොඳ විදියකට ඉවරවෙයි කියලා.. ගිය වතාවටත් වඩා විශාල විනාශයකින් අනිවාර්යයෙන්ම ලංකාවට දුක් කරදර විඳින්න සිද්ධ වෙනව
ඒ නිසා ආණ්ඩුව දැං ඔය වැල් බයිලා ගැහුවා හොඳටම ඇති ඒවා කාටවත්ම වැඩක් නෑ අපි ඔටුවෝ නෙවෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුව වැඩ පටං ගන්න.. නිකම් බහුබූත කරන එක නවත්වන්න...🧭🚨
@ Ano 1.44 pm
Deleteමටත් හිතෙනවා මොකක් හරි ගේමක් දෙන්න හදනවා කියල, අල් ජසීරා ඉන්ටවිව් එක හරහා ගල්කපටි රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ පොරට හැමදාම වගේ අකමැති අර දාර මැදමුලන බයි ජනතාව (පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරපු 2.5% සහ ඡන්දය ප්‍රකාශ නොකරපු 12%-15% ක වගේ ප්‍රමාණයේ) රවටා උන්ගේ හිත දිනාගැනීමට ගහපු ගේමක් වගේ.
ඊළඟට රනිලා පහුගිය කාලේ මාලිමාවට ඡන්දය දීල දැනට ආණ්ඩුව එපාවෙලා ඉන්න මිලියන හයකට වඩා වැඩි අති බහුතරය විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජනතාව මධ්‍යම පාන්තික නාගරික බහුතරය, දමිල සහ මුස්ලිම්වරුන්, ගම්බද ප්‍රදේශවල ජනතාව මේ අයගේ හිත දිනාගැනීමට වෙන වෙන ගේම් දේවි. ඉස්සරහට බලන්න පුළුවන් වෙයි ටික ටික ඒ ජල්තර කොහොමද වෙන්‍නේ කියන එක
අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව වැඩිකල් යන්නට අමාරුයි මෙහෙම ගියොත් නම්, ඒනිසා තව ටික කාලයක් අඩුම තරමේ අවුරුද්දක්වත් බලය රැකගැනීමට නම් ආන්ඩුවට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි අපි මාලිමාවට ඡන්දය දීලා මේ වගේ ආන්ඩුවක් පත්කලේ අනුරට ආදරේටවත් npp එකට තියන ආදරේටවත් කාටවත් ඇති වහල්කමටවත් නෙවේ..
ඒ රටට තියෙන ආදරේට..මේ රටේ තිබ්බ දූශිත පාදඩ තක්කඩි දේශපාලනේ අයිං කරලා උංට දඩුවම් දෙන්න..
ඒත් තාම රටේ නිල පොලිස්පති අතුරුදහන්ව ඉන්නේ, යකෝ රටේ නිල පොලිස්පතිවවත් අල්ලගන්න බෑ..හැමතැනම වෙඩි තැබීම්.අපි දන්නව මේවා හිටපු සමහරක් දේශපාලකයංගෙ කුනු නිසා ආරම්භ වෙච්ච දේවල් කියල..ඒත් දැං ආන්ඩුව විදියට මිනිස්සු ඔයාලව පත් කලේ මේව නවත්තන්න මිසක් ඔය පඩ ෂෝ ටීවී එකේ දාන මෝඩ show බලන්න නෙවේ..
කලින් මහජන ඡන්දයෙන් බලයට ආපු ජනාධිපතිට අවුරුදු තුනක් ඇතුලත 2022 දී උනේ මොකද්ද කියල අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ කියල මම හිතනවා..
ඒ නිසා මේ වගේ ගොබ්බ කැත වැඩ කරලා මිනිස්සුංගෙ ඉවසීම පරීක්ශා කලා හොදටම ඇති..මේ පාර මේ NPP ආණ්ඩුව පෙරළීමට එන ජනතා විරෝධය මතු වුණාම නම් මං හිතන්නෙ නෑ කලිං පාර වගේ වත් හොඳ විදියකට ඉවරවෙයි කියලා.. ගිය වතාවටත් වඩා විශාල විනාශයකින් අනිවාර්යයෙන්ම ලංකාවට දුක් කරදර විඳින්න සිද්ධ වෙනව
ඒ නිසා ආණ්ඩුව දැං ඔය වැල් බයිලා ගැහුවා හොඳටම ඇති ඒවා කාටවත්ම වැඩක් නෑ අපි ඔටුවෝ නෙවෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුව වැඩ පටං ගන්න.. නිකම් බහුබූත කරන එක නවත්වන්න...🧭🚨
Ano, මම හිතන්නේ අඩුම තරමින් අවුරුද්දකින්වත් තමයි අලුත් ආණ්ඩුවේ වැඩ ගැන ඇගයිය යුත්තේ කියලා. ඒත් ඒ අතරේ අපට පෙනෙන වැරදි පෙන්වලා විවේචනය කිරීමත් කළ යුතුයි!
Delete@ Anos (both)
DeleteAbsolutely agree with those calling out this pathetic bloody shit regime. The current NPP idiotic government is an utter disgrace—a rotting cesspool of incompetence and lies. They won’t survive another year, and let’s be clear: as many on Facebook have rightly said, this is nothing but a "bula kelina pacha rajaya" (a government of freaking morons, idiots and liars), not the *Janarajaya* (republic) we were promised. Disgusting to watch our motherland being dragged through the mud by these clowns. Shame on every last one of them! Such freaking asholes.
බලේ ලැබෙනකොට මොලේ නෑ. මොලේ ඇති කොට බලේ නෑ වගෙ සිදුවීම් කීපයක් තමයි ආන්ඩුවේ වැඩ එක්ක මේ සිද්දියත් පේන්නෙ.
ReplyDelete- නමියගෙ වීදිය
හ්ම්!
Deleteනිදි ඔය ස්වර්ණ පුස්තක දෙන්නේ තමන්ගේ සෙට් එහෙඅට . ලියනගේ අමරකිර්තිත් ඒ සෙට් එකේ හිටිය වගේ මතකයි . මංජුල වෙඩිවර්ධන ට කවදාවත් ස්වර්ණ පුස්තක දුන්නේ නැහැ පොත් කොපමණ හොඳ වුනත් . ගොඩගේ දෙන්නේ තවත් සෙට් එකකට. නිකවත් එහෙමයි . විදර්ශන ගැන කියන්න කල් වැඩියි . පටන් ගත්ත විතරනේ
ReplyDeleteඅජිත් මහත්තයෝ, සතර අගතියෙන් එකක්නේ ඡන්දය. කැමැත්ත.
Deleteමේ වගේ කටයුතුවලදී හැකිතාක් සාධාරණ වුණොත් තමයි දිගටම ගරුත්වය ලැබෙන්නේ ... දැනට නං විදර්ශන හරි පාරෙ යනවා වගෙයි.
මේවා ඉතින් අර කැකිල්ලෙ තීන්දු තමයි. තව කෙනෙක් හෝ සංවිධානයක් එක්ක තරහට හෝ ඉරිසියාවට තීරණ ගන්නවා, ඒකෙන් ඇති වෙන ප්‍රතිපල ගැන මෙලෝ සංසාරයක් හිතන්නෙ නැතුව. කීප දෙනෙක් හරි ඒ ගැන කතා කරලා, මේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියලා ලියලා තියෙන එක ලොකු දෙයක්.
ReplyDeleteමේකට සම්බන්දයක් නැතත් මම මේ ලඟදි දැක්කා YouTube කමෙන්ට් එකක් "පොළිසියට අවසර දෙන්න පාතාල සමාජිකයින් දුටු තැන වෙඩි තියන්න" කියලා. මම බලපු වෙලාවෙ ඒක තමයි ටොප් කමෙන්ට් එක- බොහෝ අය හුරේ දාලා තිබුණා. නමුත් ඇත්තටම හිතලා බැලුවොත් එහෙම දුටු තැන වෙඩි තියන්න පාතාල සමාජිකයො 'ආ අපි පාතාලෙ' කියලා බෝඩ් එල්ලගෙන හරි ඇඟේ කොහෙ හරි කොටා ගෙන ඉන්නවද අනේ අපිව දුටු තැන මරන්න කියාගෙන. හරි වෙඩි තියන්න පටන් ගත්තා කියමුකො එතකොට අනිත් පාතාල සාමාජිකයො නිකන් ඉඳියිද තමන්ගෙ අය මරනවා බලාගෙන, mistaken identity නිසා අහිංසක මිනිස්සුත් මැරෙන්නෙ නැතිවෙයිද, රටේ මානව හිමිකම් රෙකෝඩ් එකට මොකද වෙන්නෙ. දැන් දැක්කනෙ හිටපු ජනාධිපතිතුමෙක් AJ එක්ක ඉන්ටර්වීව් එකකට ගිහින් වෙච්ච දේ. "not contesting, next question please" කිය කිය ඉන්න වුණේ 😁. So much of childish behaviour and evading responsibility. හැබැයි සමහරුන්ට නම් ඒ ඉන්ටවීව් හරි ලොකුයිලු රට පාවා දුන්නෙ නැති නිසා.
@ Lotus
Deleteඇත්තටම ඔයා කියන දේවල් එක්ක එකඟයි දැන් ආණ්ඩුව අත් අඩංගුවට අරන්ලු නේද දූෂකයා. කට්ටිය කියනවා හොඳ වැඩේ වෙඩි තියන්න ඕන කියලා,එල්ලලා දැම්මනම් ඉවරයි, ආයුධ පෙන්වන්නට යන්න ඕන කියල නේද කියන්න?
නමුත් ඔබට මතකද කොටකෙතන ස්ත්‍රී ඝාතණ රැල්ලක් ගියා වසර ගණනාවකට පෙර?
ඒකේදි මුලින්ම ධර්මසිරි නම් අයෙකුට සහ ඔහුගේ සහෝදරයෙකුට ඡෝදනා එල්ල වුනා. අසල්වැසි නිවසක මවක් සහ දියණියක් ඝාතණය කිරීම සම්බන්ධයෙන්. ඔහුගේ සහෝදරයා මත්කුඩුවලට සම්බන්ධ වීම සහ ඔහු පොදුජන පෙරමුණේ දේශපාලකයකු වීම නිසා මේ චෝදනා ප්‍රබලවම එල්ල වුනා. ඔහුට සම්බන්ධ එල්ල වුන චෝදනා සහ ඔහුට විරුද්ධව තිබූ සාක්ෂි ප්‍රබලයි. විශේෂයෙන් තම පියා එදින ලේ පෙරාගෙන ගෙදර පැමිණියා කියලා ඔහුගේම දරුවන් සාක්ෂි දීල තියෙනවා කියලා මාධ්‍ය වල රසකර කර කිව්ව.
නමුත් ධර්මසිරි සහ රාජු සිරගත වූ පසුවත් ඝාතණ නතර වෙන්නෙ නැහැ.
පසුව අත් අඩංගුවට ගත් තවත් ගැමියන් තිදෙනෙකු ඝාතණ කළේ තමන් බව පොලිසියේදි පාපොච්චාරණය කරනවා. නමුත් ඔවුන් රිමාන්ඩ් එකේ ඉද්දිත් ඝාතන නතර වෙන්නෙ නෑ. සාක්ෂි නැති නිසා ඔවුන් අධිකරණයෙන් නිදහස් වෙනවා
ඒකාලේ අධිකරණ ඇමතිනිය වෙච්ච තලතා අතුකෝරාළ ගමේ මිනිස්සු එක්ක පෙලපාලිත් යන්න ඒවා හේතු වෙලා තිබ්බා.
ඊට පස්සෙ පොලිසිය ගමේ දාමරික ක්‍රියාවලට ප්‍රසිද්ධ බවට හංවඩු ගහපු තවත් තුන් දෙනෙක් අල්ලගන්නවා.පසුව ඔවුන්ට වෙච්ච දෙයක් නැතිවෙනව. නමුත් ඝාතන නතර වෙන්නෙ නෑ
ඊට පස්සෙ මරා දැමුණු කාන්තාවකගේ පුත්‍රයා ඒක කළේ තමන් බවට පොලිසියේදි පාපොච්චාරණය කරනවා. අතිශය භයානක අජාසත් පුතෙක් පෙම්වතියට තෑගි දෙන්න සල්ලි නොදුන් නිසා මව අමානුෂික ලෙස නිරුවත්කර මරාදමයි කියලා පත්තර ටීවි ඒ ළමයා සම්පූර්ණයෙන්ම විනාශකරලම දානවා. නමුත් ඔහු අත් අඩංගුවෙ ඉද්දිත් ඝාතණ නතර වෙන්නෙ නෑ. වසර දෙකකට පසු ඔහු මේකට සම්බන්ධ නෑ කියලා ඔප්පු වෙලා සම්පූර්ණයෙන්ම නිදොස්කොට නිදහස් උනත් ඔහුට අජාසත්ත කියපු අපහාස කරපු සමාජය ඔහු නිදොස් කියා අධිකරණය තීන්දු කර නිදහස් වෙද්දි පුතේ සමාවෙයන් කියලාවත් කිව්වෙ නෑ.
ඝාතණ නතර වෙන්නෙ සෑහෙන කලකට පසුව නීල් ලක්ෂ්මන් නම් පුද්ගලයකු අත් අඩංගුවට ගත් පසුවයි. ඝාතණ හයක් කළේ ඔහු බවට ඩී.එන්.ඒ. සාක්ෂි සැසඳෙනවා. ඔහු අත් අඩංගුවට පත් වීමෙන් ඝාතණ නතර වෙනවා
නීල් ලක්ෂ්මන්ට කලින් මේ කලින් පාපොච්චාරණ ඇතුළුව පැහැදිලි ලෙස පෙනී යා හැකි සාක්ෂි වලින් රටේ මිනිස්සු, පොලිසිය සහ මාධ්‍ය විසින් වැරදි කරුවන් කල පුද්ගලයන්ට ඉටුවන යුක්තිය කුමක්ද..?
මතකද සේයා දුව,කොණ්ඩයා කියලා මේ සිද්ධියත් එක්කම හැදුන නමකින් අයෙක් අත් අඩංගුවට පත් උනා මතකද..?
කොන්ඩයා අමුවෙන් මස් කන සොහොන්වල නිදාගන්න හැටිපවා පත්තර වල කුණු රහට ලියලා තිබ්බා.
නමුත් කලකට පසුව වරද කරු වෙනත් අයෙක් බව අධිකරණයේදී ඔප්පු උනේ ඩීඑන්ඒ වාර්තාව මත.ඒ වෙද්දි සමාජය නිර්දෝෂී කොණ්ඩයාට පාරේ බැහැලා යන්න බැරි තරමට කන්ඩෙම් කරලම දාලා ඉවරයි.
ඒනිසා මේ වගේ සිද්ධිවල පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන බී වාර්තාවල් පදනම් කරගෙන පත්තර හා ටීවී වල දාන පාදඩ නිව්ස්වල කුණු රහ ලේ රහ තියෙන නිසා වයිරල් වෙනවා තමයි. ඒවා ශේයාර් කරගෙන
නොදැනම අහිංසකයෙක් වින්දිතයෙක් කරන්න දායක වෙන වැඩේට ඔබ සම්මාදම් වෙනවාවද්ද කියලා හිතන්න මොහොතක් ගන්න.
මේ අත්ඩංගුවට ගත්තේ දූෂකයාමද, නෑ එයා නෙවෙයිද කියලා නෙවෙයි මේ ලියන්නෙ.පත්තරයි ටීවීයි කියන දේවල් දැකලා අධිකරණයට කලින් අපි තීන්දු දෙන එක සාදාරණ නෑ කියලයි මම මෙතන මතක් කරන්නෙ.
ඒ නිසා කවදාවත් දකින ප්‍රවෘත්ති හා වාර්තා වෙනත් බලවේග විසින් නිර්මාණය කල ඒවා වෙන්න තියෙන ඉඩ සාපේක්ෂව වැඩියි.හෙට උනත් ඔබ දකින ප්‍රවෘත්තිය මොකක්ද ඔබ විශ්වාස කලයුත්තේ කුමක්ද කියලා තීන්දු කරන ඔබට නොපෙනෙන බලවේග තියෙනවා. ඊලඟ වින්දිතයා ඔබ හෝ ඔබේ නිවැසියෙක් ආදරණියෙක් උනොත්...???
උදාහරණ විදිහට හෙට නිමල් දිසානායක මහතා වර්තමාන ජාජබ ආණ්‌ඩුවට විරුද්ධව ලියන කෙනෙක් කියලා ආණ්‌ඩුවේ ලොක්කන්ට කවුරුහරි ජවිපෙම කෙනෙක් ඉරිසියාවට කේලමක් කිව්වොත් අර සුප්‍රසිද්ධ ජවිපෙ හෙල්මට් බලකාය සහ ගෙවල් ගිනි තැබීම් කරන බලකාය එවලා මෙයාගේ ගේ ගිනිතබා විනාශ කලොත්? ඊළඟට මේක අධිකරණයට ඔප්පු කරලා පෙන්වලා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරු කරලා වන්දියක් ගෙව්වත් ඊට පස්සේ ආණ්ඩු පක්ෂයේ වහල්ලු නීමල් හොරා මූ තමන්ගේම ගේ ගිනිතබා රජයෙන් වන්දි හොරාකෑවා කියලා මඩගහනකොට නිමල් දිසානායකට මොනවා හිතේවි ද? අන්න ඒ වගේම තමයි.
Lotus, අන්තිමට මේ අහිංසක දිසානායකවත්
Deleteප්‍රශ්නෙට ඈඳාගත්ත නේද එහෙනං?
අවනීතිය නීතිය කරගත්තම ඉක්මන් විසඳුම් දෙන්න පුළුවන් තමයි. ඒත් එතකොට හිටු කියලා එයින්
Deleteවැඩියෙන්ම ප්‍රයෝජන ගන්නෙත් බොරුකාරයෝයි හොරුයි. ඒකයි ඉතිහාසය පෙන්වා දෙන්නේ.
@ Lotus
DeleteExtrajudicial killings of crime suspects are morally and legally indefensible for several critical reasons:
1. "Erosion of Rule of Law": Bypassing courts destroys the principle that 'no one is guilty until proven so by a fair trial'. It replaces justice with vigilante brutality, normalizing lawlessness.
2. "Innocents Die": Suspects ≠ criminals. Without evidence or due process, innocent people—often marginalized or scapegoated—are murdered, perpetuating injustice.
3. "State-Sanctioned Violence": When governments or police act as judge, jury, and executioner, they become indistinguishable from criminals, fueling cycles of terror and impunity.
4. "Undermines Deterrence": Brutality doesn’t deter crime; it deepens distrust in institutions, pushes communities toward extremism, and discourages lawful reporting of crimes.
5. "Human Rights Violation": It violates the right to life (Universal Declaration of Human Rights) and degrades societal values, reducing human life to disposable "problems."
In short, it’s not justice—it’s authoritarian barbarism masquerading as efficiency. Societies that tolerate it rot from within.
The current NPP government? More like a circus of power-hungry imbeciles drowning in their own lies. Mark my words: they’ll crumble before the year ends. And don’t kid yourselves—this isn’t a *Janarajaya* (republic). It’s exactly what the people are screaming online: a ‘bula kelina pacha rajaya’ (a nest of liars, brain-dead snakes), selling our motherland’s soul for scraps. Watching these clowns trample our nation’s dignity? "Vomit-inducing". Shame? No—eternal disgrace on every traitor propping up this farce!
Hence, this NPP regime isn’t just pathetic—it’s a "bloody, rancid dumpster fire" of incompetence.
"Lotus, අන්තිමට මේ අහිංසක දිසානායකවත්
Deleteප්‍රශ්නෙට ඈඳා ගත්ත නේද එහෙනං?" නිමල්, මගේ ඒ කමෙන්ට් එක trickyද? එහෙම නම් ඩිලීට් කරන්න. නිමලුත් අල් ජසීරා ගිහින් 'අයෑම් අ හිමාලයන්, අයි ප්‍රැක්ටිස් නන් වයලන්ස්' කියන්න ප්ලෑන් කරගෙන එහෙම හිටියෙ නෑ නේද 😍.
ඇනෝ & ඇනෝ : බොහොම ස්තුතියි
Lotus, තවමත් මට comment එකකට ඉමොජි දාන්න බැරි හින්දා කනගාටුයි! මට පරිභව කරලා තියෙන commentsවත් මම ඩිලීට් කරන්නේ නැතිකොට ඔයාගෙ සුහද comment එක මොකටද ඩිලීට් කරන්නේ?
Deleteදිනේෂ්ව නම් අඳුරනව.
ReplyDeleteඅර්බුධය ගැන දන්නෙ ෆේස්බුක් පෝස්ට් විතරයි.
එහෙමද?
Deleteමේ චූටි ක්ලිප් එකේ ඉන්නේ නිමල් දිසානායක සහෝදරයා නේද?
ReplyDeletehttps://www.facebook.com/share/v/1GLYvzNzYz/
මේක බලන්න. හැබැයි ඉතිං හිණේ කෝණම් පොජ්ජක් තියෙන නිසාම තාමත් දිසාපොජ්ජ මන්දො කරනා යමකෙ පොජ්ජේ පෝරුගං පොජ්ජට කෝණම් පොජ්ජත් කොදු කොරාන වට්ටං පොජ්ජට ගච්චන නිමල් දිසානායක හූරා වෙන්ට බැරූං කියලා මේ ඇත්තන්ට හිත්ලානවා බොලංලා, මොකෑ ඔය ඇත්තන්ට හිත් ලාන්නේ?
Ano, කනගාටුයි, ඔයාට වැරදිලා.
Delete@ ඇනෝ
Deleteඔය ක්ලිප් එකේ ඉන්නේ නම් නිදී ලොක්කා වෙන්න බෑ බං මොකද ඉණේ වස්තරයක් තියෙනවා නේද? මේකා අමු හෙළුවෙන්නේ මේකේ ඩෝබි රාජකාරිය අකුරට ජයට උදයේ හවස කරගෙන යන්නේ
ඇත්තටම මචං නිදී ලොක්කා අංකල් උඹ දවසක වලකජ්ජ ගහන්නේ ඔහොම වැටිලා එහෙම නෙවෙයි ඔය හෝදන්න ගොඩ ගැහිලා තියෙන රෙදි කන්දරාවට යටවෙලා දවසින් දවස ගොඩ ගැහෙන්නේ ඩබල් එකෙන්නේ එන්න එන්න වැඩි වෙනවා මේ සංසාරේ හෝදලා ඉවර කරන්න බැරි තරමට අසූචි තැවරුණ මාලිමා කුණුරෙදි ගොඩ දැන් අර මැදමුලනේ පාදඩ ජරාපස්ස හොර හැත්ත හොරාකන්නම හදලා දාපු අර මෙලෝ වැඩකට නැති ගොබ්බ නෙලුම් කුළුණටත් වැඩිය උසයි නේද? මූට පිස්සුද ඕයි නොදකින් විතරක් පුත්තලම් බූරුවා විලි ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩියි කියලා කියන්නේ ඒකනේ. ඇත්තටම උඹේ ලැජ්ජ බිමින් තියලා ද බං නිදි අංකල්?
ජනිත් මහතාගේ සිතට සැනසුමක් ඉක්මනින් ළඟා වේවා!
Deleteනිදී ඉස්සෙල්ල පෝස්ට් එක කියෙව්වෙ දැන්. දැන් වේදනා අඩුයිද? ඉක්මනින් සනීප වේවා.
ReplyDeleteගොඩක් ස්තුතියි ඉයන් මහත්තයෝ!
Deleteදැන් වේදනා අඩුයි. හැබැයි, තවමත් තැළුණු මාංශ පේශි පාවිච්චි කෙරෙනකොට රිදුම් දෙනවා, ඉයන්!
Deleteකලකට පසුව අදයි මේ බ්ලොග් එකට ගොඩවුණේ, ඔබට ඉක්මන් සුවය පතනවා නිදී, වාසනාවට හිස වැදුනේ නැත්තේ, අස්ථි වලටත් හානියක් නොවී ඔයින් ගියා ඇති, ඉස්සරහට පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම නාන වෙලාවට සහ ලිස්සන මතුපිටවල් මත ඇවිද යන විට, ෂයින් එක තියෙන ටයිල් තියෙනවා නම් ඒවා උඩින් රබර් කාපට් දාන්න පුළුවන්ද කියල බලන්න වතුර වැටෙන තැන්වලිනුත් පරිස්සමට යන්න
ReplyDeleteසියල්ල දේශපාලනීකරණය වූ අන්ත දූෂිත අසික්කිත, භයානක අපරාධකරුවන් ආරක්ෂක අංශ වලට කෝචෝක් කරමින් රටපුරා රජ සෙල්ලම් පෙන්වන අයුක්තිය අසාධාරණය ඉහවහාගිය සමාජයක පොත් ප්‍රකාශනය කරන අයගෙන් පමණක් අමුතු විනයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද?
ඒකටම හරියන ලංකාවේ මෝඩ ආණ්ඩුව, අපිත් ඡන්දය දුන්නේ අනුරට සහ මාලිමාවට තමයි ඒත් ආණ්ඩු බලය අරගෙන තාමත් එක එකාට බනින එක පමණක්ම කරමින් දඬුවම් හෝ හොරකම් කරන ලද මුදල් අයකර ගැනීමට කිසිවක් නොකර දෑත බැඳගෙන බෙරිහන් දිදී හැමදාම පරණ මගුල් මතක් කර කර බැන බැන ඉන්න එක විතරක්ම කරන, මෙලෝ වැඩක් නොකර රිලව් ගණන් කර කර ඉන්න මී හරක් පාලකයොයි උන් මොනව කලත් "ආ ඒකත් හොඳයි, ආ දැන් මේකත් හොඳයි" කියන අමු ගොන් පක්ෂ වහල්ලු කියන හරක් නාම්බොයි ඉන්නකන් ලංකාව කියන රට දියුණු කරන්න අමාරුයි 💯%. රට පුරා පාතාලය හැම තැනම කුඩු ඒ මදිවට එක සංවර්ධන ව්‍යාපෘතියක් නෑ 😥 පුනරුදය නෙවෙයි #පු*ක'රුදය කියලා කියන කතාව 💯% ක් ඇත්ත
ඔයාට හිතවත්කමට දෙයක් කියන්නම් ඇත්තටම නිදී ඔයාත් ලංකාවේ ඉන්නවා නම් මිනිස්සු ගැවසෙන පොදු තැන්වලට යනවා නම් එහෙම තැන්වලදී එච්චරම ආණ්ඩුව කරන තකතීරු වැඩ සාධාරණීකරණය කරන්න උත්සාහ කරන්න එපා, මොකද මේ දවස්වල ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ආණ්ඩුව ගැන තියෙන පැහැදීම කොයිතරම්ද කියනවා නම් ඒ නිසාම සමහරවිට තද හෙල්මට් පාරක් කන්න වෙන්නත් ඉඩ තියෙනවා, ළඟදී දවසක පොළක වෙළෙන්දන් ආණ්ඩුවට කැත විදිහට බනින කොට මාලිමාවට පක්ෂව තාම කතාකරන කෙනෙක් ඒ අයට විරුද්ධව ආණ්ඩුවට සහයෝගය දෙන්න කතාකරන්න ගිහිල්ල තරාදි පඩියකින් ගුටි කාපු සිද්ධිය ඔයා නිව්ස් වලට දකින්න ඇතිනේ නේද? ඒ නිසා ඒ ගැනත් හිතන්න පුළුවන් නම් හොඳයි. මොනවා වුණත් දිගටම බ්ලොග් එක ලියන්න නිදී, දේශපාලන කතන්දර වලට වඩා මම පෞද්ගලිකව කැමති රසවත් පැරණි මතකයන් සාහිත්‍ය ගැන පොත් පත් ලේඛකයන් ගැන එහෙම ලියනවා නම් තමයි. ඒත් ඉතින් ඔයාගේ කැමැත්ත අනුව නේ ලියවෙන්නේ. ඒකට කමක් නෑ. පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි.
ගොඩාක් ගොඩාක් ස්තුතියි Ano! ගොඩාක් සහෘද කමෙන්ටුවක් ලීවීම වෙනුවෙන්...
Delete