කිත්සිරි හෙට්ටිහේවා මහත්තය ආවේ තග දාගෙන
වාගෙයි. "මට නම් දොස් කියන්න එපා! මට කරන්න දෙයක් නෑ."
කිත්සිරි මහත්තයා පාතාලයෙක් නෙවෙයි. ඒත්
කුරුප්පු මහත්තයා මගෙත් එක්ක ඩීල් එක කිරීම බාර දීලා තිබ්බෙ එයාට. ඒ දවස්වල
කුරුප්පු මහත්තයා හිටියේ කිත්සිරි මහත්තයලගෙ ගෙදර. කුරුප්පු මහත්තයාම මට කියලත්
තිබුණා 'කිත්සිරිලා මට සලකන්නේ එයාලගෙම කෙනෙක් විදියට' කියලත්.
"ඇයි නිමල් ඉන්දියාවෙ යන්න බැහැ කිව්වේ?"
"මට ඒකට හිතක් නැහැ කිත්සිරි මහත්තයා.
අපේ අම්මත් මේ ළඟදී ඉන්දියාවේ ගියා. මටත් අඬ ගැහුවත් එක්ක. ඒත් මට හිතුන්නෑ."
මා කීවේ සම්පූර්ණ ඇත්තය. අපේ අම්මා එක්කලා නම් දිවිය ලෝකයට යන්න chance එකක් ලැබුණත්
දෙපාරක් හිතන්නට ඕනෑය. අප දෙන්නා ඒ තරමටම නොපෑහෙන බැවිනි. කුරුප්පු මහත්තයා මට කතා
කළේ ඉන්දියාවේ ඉඳිද්දීමය. "ළමයෝ, මෙහෙ ඇවිත් බලන්නම වටිනවා! මං ඔක්කොම
විය-පැහැදම් දරන්නම්. යන්න විතරයි තියෙන්නේ." මා හා කිව්වේ නැත.
ඊළඟ වටය වෙනත් මුහුණුවරක එකකි. "නිමල්ට
කොම්පියුටරයක් නැහැ නේද? නරකද අරගත්තොත්?" ඒකටත් මගෙන් සුබදායක ප්‍රතිචාරයක්
නොවේ ලැබුණේ.
ඩී.බී. කුරුප්පු මහතා 2017 ජුනි 23 වැනිදා
අභාවප්‍රාප්ත වුණේය. අදට වසරකට කලින්ය!
අනේ, බ්ලොග් එකක් ලියන හිතක් කුරුප්පු
මහත්තයා යන්න කලින් මට ආවා නම්. මා බ්ලොගයේ ලියන්නේ මගේ ජීවිත කතාවය. ඒකෙන් අංශු මාත්තරයක්
විතරක් දැනගෙන උන් කුරුප්පු මහත්තයා එය ලියන්නැයි මට කොච්චරවත් බල කළේය. ම්හු! මට
හිත දුන්නේ නැත. "ළමයෝ, කොම්පියුටරෙන් ලියන එක හරි ලේසියි. ඉක්මනට හුරු වෙයි."
ඒත් මට මොකුත් හිතුණේ නැත. "හා, බැරිම නං මට ටික-ටික කතාව කියන්න. මං
ලියන්නම්!" ඒකවත් වැඩ කළේ නැත.
මේ කණගාටුව, මේ පසුතැවිල්ල මගේ මරණය තෙක්ම මා
හඹා එනවා නිසැකය!
මේ කතාව පටන් ගන්නට වෙන්නේ සෑහෙන කාලයක් එහාට
ගිහින්ය.
අවුරුදු පනහකටත් එහා පැත්තේදී අපේ ගෙවල් ළඟ
උන්නා, මල්ලිකා අක්කා කියලා එක්කෙනෙක්. 'අජාසත්ත පෝස්ටුවේදී' කියවුණු 'නුගේගොඩ
ඇන්ටිගේ' දෝණියන්දෑ. එයාලා ඒ දවස්වල යහමින් යමක්-කමක් තිබුණු අය. අපි ඒ දවස්වල
අන්ත ප්‍රපාතේ.
මල්ලිකා අක්කා ළඟ තිබුණා 'උදය' කියලා සඟරා
වගයක්! හරිම ලස්සනයි. මහරගම 'සමන් ප්‍රකාශකයෝ' තමයි ඒක පළ කළේ. මං ඉතින්
මල්ලිකාක්කාට කනිපින්දන් කියල-කියලා අර සඟරාවක් ඉල්ලගන්නවා, කියවන්න. ඇත්තම කියන්න
එපැයි. එයා හෙණ ලෝබයි. "ඔන්න රංජි මල්ලී, පොඩ්ඩක් හරි කුණු ගෑවිලා තිබ්බොත්
නම් බලාගෙන". ඒ දවස්වල ඉඳලාම මං පොත-පතට ගරු කරන එකා වෙලත් එයා එහෙම කිව්වේ
පුරුද්දට. හැබැයි, හොඳේ කියන්නේ ටිකක් පෙරැත්ත කළාම පොතක් ඉල්ලා ගන්න පුළුවන්.
දවසක් මං දැක්කා ලස්සනේ බැරි හුරුබුහුටි
පොතක්. වැඩේ කියන්නේ, ඒකත් සමන් පොතක්.
ඒකට මං වහ වැටිච්ච තරමක්!
ඇත්තමයි. ඒ දවස්වල පොතක් කියෙව්වාම මං වැඩිය හොයන්නේ නෑ කතුවරයා කවුද කින්ද-මන්ද කියලා. පොත අමතක නොවී මතකේ තිබුණට ඩී.බී. කුරුප්පු නම නං කිසිම ගනිච්චියක් තිබ්බෙ නැහැ.
ඇත්තමයි. ඒ දවස්වල පොතක් කියෙව්වාම මං වැඩිය හොයන්නේ නෑ කතුවරයා කවුද කින්ද-මන්ද කියලා. පොත අමතක නොවී මතකේ තිබුණට ඩී.බී. කුරුප්පු නම නං කිසිම ගනිච්චියක් තිබ්බෙ නැහැ.
මං සමහර නම්වලට ආසයි. මෝඩකමනේ, නැත්තං වෙන
මොකක්ද? නමක් කියන්නේ කෙනෙක්ව හඳුන්නලා දෙන දෙයක් විතරයි. ඒත් ඒක දැන-දැනත්; අදත්
සමහර නමක් ඇහුණාම- ඒක හිතට වැදුණාම මං නමේ අයිතිකාරයාටත් ලකුණු දෙනවා. කුරුප්පු නම
නං මොකක්ද, ඉස්කුරුප්පු වගේ. මෙලෝ ලස්සනක් නෑනේ. (පස්සෙයි දන්නේ, බී. කියන්නේ 'බෝල්ඩ්වින්'
කියන එකටය කියලත්. ඒක අරිට හපන්. තට්ටේ මොනවද දිනන්න තියෙන්නේ?) දොන් බෝල්ඩ්වින්
කුරුප්පු..... විකාරයි වගෙනෙ.
ඊළඟ එපිසෝඩ් එකට එනකොට මගෙත් පිටිපස්සෙන්
තට්ටේ එන ලකුණු එක-දෙක පහළවෙමින් තිබ්බ සමය. 2000. මතකයිනේ ලොකූඌඌඌඋ කලබැගෑනියක් තිබුණේ,
දිනය ලියන විදිය ගැන. පරිගණක අවුල් වේවි කියලත් අනාවැකි කියවිලා තිබ්බෙ. ඔන්න ඒ
දවස්වල තමයි උසට උසේ, සුදුම සුදු, මෝල් ගස් ගිල්ල පිඹුරෙක් ප්‍රෙස් එකට ආවේ.
එන්න කලින්ම අපේ බොස්ගෙන් කියවුණා 'මිනිහත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි' කියලාත්. පෙනුමෙනුත් එහෙමයි. මහා ආඩම්බරකාරයෙක් වගේ, හිනාවෙන්නවත් දන්නේ නෑ කියලයි මට හිතුණේ. දැක්ක ගමන් එපා වුණා!
එන්න කලින්ම අපේ බොස්ගෙන් කියවුණා 'මිනිහත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි' කියලාත්. පෙනුමෙනුත් එහෙමයි. මහා ආඩම්බරකාරයෙක් වගේ, හිනාවෙන්නවත් දන්නේ නෑ කියලයි මට හිතුණේ. දැක්ක ගමන් එපා වුණා!
ප්‍රෙස් එකේ මුද්‍රණ වැඩවලදී, විශේෂයෙන් පොත්
ගැහිල්ලේදී මුළුමනින්ම වගකීම් පැවරුනේ මට. ඉතින් මගේ හිතට නාල්ලන අය එක්ක වුණත්
වැඩ කරන්න වුණා. කුරුප්පු මහත්තයා හෙණ නීතිකාරයා. පොඩ්ඩ ඇත්නම් තද වෙනවා. එහෙම
වුණාම තඩි පොල්ලකින් ඉස්මුදුනටම කෙළලා අරිනවා වගේ කියල දානවා. ඒ වගේ කෙනෙක් එක්ක
වුණත් බාරගන්න වැඩේ හරියට කරනවා නම් ඉහ ගහගෙන ඉන්න ලේසියි. මට කවදාවත් කුරුප්පු
මහත්තයා ප්‍රශ්නයක් වුන්නෑ.
ඒ දවස්වල මං දන්නවයැ මේ 'දඬුමානා' තිලකරත්න
කුරුවිට බණ්ඩාර, සුනන්ද මහේන්ද්‍ර, ජේ.බී. දිසානායක, වික්‍රමබාහු කරුණාරත්න, ඩී.බී.නිහාල්සිංහ,
කරු ජයසූරිය, විජේරත්න වරකාගොඩ වගේ අටෝරාශියක් දෙනාට උගන්නලා තියෙන බව? තම්මැන්නා
සිමෙන්ති කියලා නම දැම්මේ මෙයා බව? හැබැයි දැනගෙන හිටියා නම් වෙන්න තිබ්බේ එකම
වෙනසයි. කුරුප්පු මහත්තයා කියන්නේ නැතිව 'සර්' කියලා කියවෙයි. මං එහෙමයි. අදත්
උගත් අය කෙරෙහි මගේ තියෙන්නේ ලොකු ගෞරවයක්. මං සාපෙ විතරනෙ පාස්!
ප්‍රත්‍ය ශතකයේ මෙහෙම කියලා තියෙනවා...... 86
වෙනි ශ්ලෝකයෙ.
ගගනේ රවි රත්නන්තු - ගෘහරත්නානි බාලකාඃ
ශයනේච ස්ත්‍රී රත්නානි - සභාරත්නානි පණ්ඩිතා
ආකාශයට සූර්යයා ද, ගෘහයට ළදරුවෝ ද, සයනෙහි
ස්ත්‍රීහු ද, සභාවට පණ්ඩිතයෝ ද රත්න වන්නහු යැයි දත යුතුය. එහෙව් එකේ උගතුන්ට ගරු
කිරීමේ වරදක් තියෙයි?
කුරුප්පු මහත්තයා තමයි 'මැංචෝසන් චාරිකා'
අනුවාදය කළේ කිව්වාම මගෙන් additional points ගොඩකුත් එයාට වැටුණා. මං කුරුප්පු
මහත්තයා එක්ක මුලින්ම වැඩකට වැටුණේ අන්තිම උපන් දින සාදයේදී. එහෙම කිව්වාම හිතුවේ 'පාටි'
එකක් කියලද? (අකල් මරණෙකට හවුල් වී, වගේ?) නෑ, නෑ. පොතක්. කෙටිකතා පොතක්. එතකොටයි
මං දැනගත්තේ එයා ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් බව. ඊළඟට ගැහුවේ මළගමක්. 'සංගම්කාරයාගේ
මළගම'.
කුරුප්පු මහත්තයා ලංකාවට ආවේම පොතක් දෙකක්
අච්චු ගස්වන්න බලාගෙනමයි. ඔහොම යද්දී-එද්දී තමයි මං දැනගත්තේ එයා කිත්සිරි මහත්තයලගෙ
ගෙදර කාමරයක නැවතිලා ඉන්න, නීත්‍යානුකූල තනිකඩයෙක් බව. දූල දෙන්නයි, බිරියයි වෙනම.
පිටරටවලදී නිතරෝම රැකියා අවස්ථා ලැබෙන්නේ
වයසින් අඩු, දැනීම හා දක්ෂතා වැඩි තරුණ අයටනේ. කුරුප්පු මහත්තයා ඕස්ට්‍රේලියාවට
සංක්‍රමණය වෙලා තිබ්බෙ කෙස්ස පැහීගෙන එද්දී. ඒ නිසා එයාටත් වෙලා තිබුණේ 'ඩෝල්'
එකෙන් පිරිමහගන්න.
එහෙම කරන ගමන්, හිතවතුන් ගොඩකගේ උදව් ඇතිව තමා අර විදියට ලියන-ලියන පොත් මුද්‍රණයෙන් 'පැහැරෙව්වේ'. ලියන්නත් ඇහැකි. ගස්සවාගන්නත් ඇහැකි, සල්ලි තියෙනවා නම්. ඒත් මොන අප්පුහාමිද එව්වා විකුණලා දෙන්නේ?
මං කිව්වේ විකුණුවත් ඒවාගේ සල්ලි හරියට බේරන්නේ කවුද. බාරගන්නකොට නම්
කියනවා කොමිස් එක අරන් විකිණෙන පොත්වල ගණන් බේරන හැටි.
'උඩට උඩු වියන් - පයට පාවාඩ දාලා රජ්ජුරුවොන්ට සුදු හකුරු හදපු කතාවේ වගේ' තමා. කටින් බතල!
එහෙම කරන ගමන්, හිතවතුන් ගොඩකගේ උදව් ඇතිව තමා අර විදියට ලියන-ලියන පොත් මුද්‍රණයෙන් 'පැහැරෙව්වේ'. ලියන්නත් ඇහැකි. ගස්සවාගන්නත් ඇහැකි, සල්ලි තියෙනවා නම්. ඒත් මොන අප්පුහාමිද එව්වා විකුණලා දෙන්නේ?
මං කිව්වේ විකුණුවත් ඒවාගේ සල්ලි හරියට බේරන්නේ කවුද. බාරගන්නකොට නම්
කියනවා කොමිස් එක අරන් විකිණෙන පොත්වල ගණන් බේරන හැටි.
'උඩට උඩු වියන් - පයට පාවාඩ දාලා රජ්ජුරුවොන්ට සුදු හකුරු හදපු කතාවේ වගේ' තමා. කටින් බතල!
කුරුප්පු මහත්තයා 'අතින් කකා හරක් බලන බව' දැනගත්තාම
මට හරියට දුක හිතුණා. මහන්සිවෙලා ලියන හැම දෙයක්ම අච්චු ගැහිලා තියෙනවා දකින්නට
ආසාවෙන් මේ මනුස්සයා කන පරිප්පුවක තරම.
ඔය කාලේ වෙද්දී මහින්ද කුමාර දළුපොත මහත්තයා 'ගොඩගේ'
ආයතනය වෙනුවෙන් පොත් ගොඩක් මුද්‍රණයට අරගෙන ආවා, වරින් වර. අප අතරේ සෑහෙන හිතවත්කමකුත්
ගොඩනැඟිලා තිබුණා. සතියකට ගොඩගේ පොත් පහ-හයක් ප්‍රින්ට් කරලා දෙන අවස්ථාවලුත්
තිබුණා කිව්වම හිතාගන්නකෝ තරම. කොච්චරද කියනවා නම් 'ගොඩගේ' එකේ ගංගා මෙනෙවියත්,
වැල්ලම්පිටිය ගබඩාවේ 'සන්ධ්‍යාත්' දෙන්නා ඇතුළු තව ගොඩ දෙනා මාව නොදැකම වුණත් හොඳටම
හිතවත් වුණා.
මෙතැනදී නම් පොඩි පම්පෝරියක් නොගහ බෑ. සමහර
වෙලාවට ගොඩගේ ආයතනයේ .............. මගෙන් අහනවා "නිමල් අයියේ, ..........
පොත අපි අච්චු ගහපු එකක්ද'' කියලත්. ඒ වගේමයි, වෙන ප්‍රකාශන ආයතනවලින් මුද්‍රිත
පොත් ගැන වුණත් මගෙන් තොරතුරු දැනගත්තා. තොරතුරු හොඳේ, රහස් නෙවෙයි!
ඉතින් මං කුරුප්පු මහත්තයා ගැන දළුපොත
මහත්තයට කිව්වා. "ඇත්තටම පව්. දැනටත් ගහපු පොත් ගානක්ම එක-එක්කෙනාට දීලා
තියෙනවා වුණත් එක සතයක්වත් ලැබිලා නෑ. බැරිද ගොඩගේ මහත්තයට කියලා මේ මනුස්සයාගේ
පොත් කිහිපයක් ගස්සලා දෙන්න, ගොඩගේ ප්‍රකාශන විදිහට."
විස්තර අහපු දළුපොත මහත්තයාටත් උණුවුණා.
යෝජනාවක් දාලා බලන්න කැමැති වුණා.ඔය විස්තරේ කුරුප්පු මහත්තයට කිව්වා විතරයි එයා
අත් දෙක ඔළුවේ ගහගත්තා.
"එයා කොහේ ගහනවද නිමල්? මං එයාට පොතක් දීලා දැන් අවුරුදු හයක්. අන්න පුළුවන් නම් හොයලා බලන්නකෝ, ඉස්සෙල්ලාම." මං අභියෝගය බාරගත්තා. වෙනම මෙහෙයුමක් කරන්න වුණා 'එක්තරා ප්‍රේම කතාවක්' හොයාගන්න.
"එයා කොහේ ගහනවද නිමල්? මං එයාට පොතක් දීලා දැන් අවුරුදු හයක්. අන්න පුළුවන් නම් හොයලා බලන්නකෝ, ඉස්සෙල්ලාම." මං අභියෝගය බාරගත්තා. වෙනම මෙහෙයුමක් කරන්න වුණා 'එක්තරා ප්‍රේම කතාවක්' හොයාගන්න.
ගොඩගේ ආයතනය පෞද්ගලික එකක් වෙච්චි හින්දා
හොඳයි.
පේනවනෙ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ගෙන් කෝටි 136 ක් පිනට ගත්තු 'උත්තම පුතාලා' 118 දෙනාගේ නම් එළි කරවාගන්න ගියාම වෙලා තියෙනදේ. ජනාධිපති ලේකම් කියනවා ඒ විස්තර රාජ්‍ය ලේඛනාගාරයට දීලය කියලා. ලේඛනාගාරයෙන් කියනවා එව්වා හෙළි කරන්න වෙන්නේ අවුරුදු තිහක් ගියාට පස්සෙයි කියලා. 'කොහොමද වැඩේ?' 'ලෝක හොරු' එකතුවෙලා 'නිධානය'ට විදලා 'වස්තුව' අරන් දැන් 'ඔක්කොම කණපිට' පෙන්වනවා! ගොඩගේ මහත්තයා නම් නෑ, බෑ නොකියා මැදිහත් වෙලා කබඩ් ලාච්චුවක හිරවෙලා තිබ්බ 'ප්‍රේම කතාවක්' එළියට ගත්තා.
පේනවනෙ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ගෙන් කෝටි 136 ක් පිනට ගත්තු 'උත්තම පුතාලා' 118 දෙනාගේ නම් එළි කරවාගන්න ගියාම වෙලා තියෙනදේ. ජනාධිපති ලේකම් කියනවා ඒ විස්තර රාජ්‍ය ලේඛනාගාරයට දීලය කියලා. ලේඛනාගාරයෙන් කියනවා එව්වා හෙළි කරන්න වෙන්නේ අවුරුදු තිහක් ගියාට පස්සෙයි කියලා. 'කොහොමද වැඩේ?' 'ලෝක හොරු' එකතුවෙලා 'නිධානය'ට විදලා 'වස්තුව' අරන් දැන් 'ඔක්කොම කණපිට' පෙන්වනවා! ගොඩගේ මහත්තයා නම් නෑ, බෑ නොකියා මැදිහත් වෙලා කබඩ් ලාච්චුවක හිරවෙලා තිබ්බ 'ප්‍රේම කතාවක්' එළියට ගත්තා.
'එක්තරා ප්‍රේම කතාවක්' 'ගොළු හදවත'ට ඌන පූරණයක්
- එහෙමත් නැත්තං ඒකෙම දිගුවකුත් වගේ දැනෙනවා කියවද්දී. ඒකයි 'හැන්දෑවට පායන හිරු'යි
එක ළඟමයි පළ කෙරුණේ, 2006 අවුරුද්දේ.
කුරුප්පු මහත්තයාගේ අකුරු නිකං හකුරු වගේ
නෙවෙයි, උක් හකුරු වගේ කියලයි කියන්න ඕනේ. අදහස් රහයි. හැබැයි ටිකක් ඍජු වැඩියිත්
වගේ. උක් හකුරුවල තියෙන පොඩි කට කාරවන ගතිය වගේ. අනෙක ඒ අකුරු මෙලෝ කෙනෙකුට කියවන්න
අමාරුයි වගෙත්. කුරුප්පු මහත්තයා ලියලා එවපු දේවල් තිබ්බත් මං මෙතන ඒවා උපුටන්නේ
නැත්තේ එතුමා ලියූ අවසන් ලිපිය ජගත් එදිරිසිංහ සහෘදයාගෙ 'මානව' බ්ලොග් එකේ
'ඩී.බී.සහ මම - වේගයෙන් ලියූ ලේඛකයා' බ්ලොගයේ දාලා තියෙන නිසා.
'ඩී.බී.සහ මම - වේගයෙන් ලියූ ලේඛකයා' බ්ලොගයේ දාලා තියෙන නිසා.
මෙතැනදී තව දෙන්නෙක්ව මට මතක් වෙනවා.
'රාවයේ' ධම්මිකා සිරිවර්ධන කියපු විදියට නම් වික්ටර්
අයිවන් මහත්තයාගේ අකුරු කියවාගැනීමට ධම්මිකා පුරුදුවෙලා තියෙන්නේ සතතාභ්‍යාසයෙන්.
දෙවැනියා චූලානන්ද සමරනායක. හරි! ප්‍රවීණ
පරිවර්තකයා තමයි. ජවිපෙ කැරැල්ලේදී සිරගතවෙලා ඉන්දදී ලබපු අත්දැකීමක් නිසා
ලියැවෙන්නේ 'නාගර'.
"නිමල්, අපිට ගැහුවේ ඇඟිලිවලින් එල්ලලා. අදටත් මගේ ඇඟිලි හරියට නවලා ලියන්න අමාරුයි. ඒකමයි මං ලියන ඒවා මේනක ලවාම ටයිප් සෙටින් කරවාගන්නේ. මිනිහට දැන් මගෙ අකුරු පුරුදුයි." දවසක් සල්ලාපයේදී චූලා කිව්වා.
"නිමල්, අපිට ගැහුවේ ඇඟිලිවලින් එල්ලලා. අදටත් මගේ ඇඟිලි හරියට නවලා ලියන්න අමාරුයි. ඒකමයි මං ලියන ඒවා මේනක ලවාම ටයිප් සෙටින් කරවාගන්නේ. මිනිහට දැන් මගෙ අකුරු පුරුදුයි." දවසක් සල්ලාපයේදී චූලා කිව්වා.
චූලාව මට හමුවුණේ 'විදර්ශන ප්‍රකාශන' එකේ අධිපති
ජනක ඉනිමංකඩ මහත්තයා හරහා. මට හිතෙන්නේ චූලාගේ හොඳම පරිවර්තන වැඩිම හරියක් විදර්ශන
ප්‍රකාශන. 'සමුගනිමු ගුල්සාරි' වගේ!
චූලාගේ අකුරුවලට හුරුවුණු වාසිය නිසාමද මන්දා, මේනකත්
දැන් 'සුභාවි' කියලා ප්‍රකාශන ආයතනයක් කරනවා. එයාගෙ අයියාත් උසස්, 'එහෙත් වැඩි
දෙනෙකුට නාල්ලන' වර්ගයේ නාට්‍ය හදන කෙනෙක්. බුද්ධික දමයන්ත! මට හිතුණේ බුද්ධිකට
ටිකක් හිනාවෙන්න කියලා දෙන්න පුළුවනි නම් කියලයි. ඔන්න බුද්ධික, හමුවී කතාබහ කරලා
නැතත් ඔයාගේ නාට්‍ය බලන්න ආවම නිරීක්ෂණය කරපු බාහිර දේකුත් කිව්වා. තරහ වෙන්න එපා,
මගේ මතය වැරැදි වෙන්නත් ඇහැකිනේ.
පරීක්ෂණ- නිරීක්ෂණ- නිගමන ඔක්කොම අදට
මෙච්චරයි. අනෙක් හරිය ඊළඟට.
ඔය කිව්ව ඒවයෙන් මං කියවල තියෙන්නෙ මැන්චෝසන් චාරිකා විතරයි ... එතනින් එහාට දැනුමක් නැහැ :)
ReplyDeleteකණ්ඩා, දැන් කාලේ ගොඩ දෙනාට මිස් වෙන දෙයක් හොඳ පොත්!
Deleteමන්චෝසන් චාරිකා කියවල තියනව. හැබැයි මෙයාගේ නෙමේ වගේ මතක. චුලා අඳුනනවා මම හොඳ මනුස්සය
ReplyDeleteපසුකාලීනව කුරුප්පු මහතාගේ සේරම පොත් මුද්‍රණය කෙරෙව්වේ මාත් මැදිහත් වෙමින්.
Deleteමැන්චෝසන් චාරිකා එයාගෙයි.
චූලානන්දනේ ඔයාගේ පොත දොරට වඩින දවසේ පූරක!
මැන්චෝසන් චාරිකා මට මතක විදිහට එක්කෝ රාජ්‍ය ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් එහෙම නැත්තං රාජ්‍ය මුද්‍රණාලයේ මුද්‍රණයක්
Deleteුු
රසික මහත්තයා බාගයක් හරි. 1963 පළමු මුද්‍රණය සමන් වෙතින්. එහි පිටපතක් මගේ ළඟ තියෙනවා.
Deleteඔබ කියන්නේ දෙවෙනි-1991 මුද්‍රණය ගැනයි.
තෙවෙනි-2005 මුද්‍රණය කුරුලු පොත් වෙතින්.